මලයාසියාවේ රාජකීය පොලිස් සේවයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමටත්, දෙරටේ පොලිස් සේවාවන් අතර සබඳතා ගොඩ නඟා ගැනීමටත් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද මලයාසියාව බලා පිටත් විය.
පුහුණු බාර නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්, කළුතර පොලිස් විද්‍යාලයයේ අධ්‍යක්ෂ සංජීව ධර්මරත්න, පොලිස් විද්‍යා පීඨයේ අධ්‍යක්ෂ සජීව මැදවත්ත මහත්වරු ද පොලිස්පති සමග ගියහ.
වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝ ප්‍රජා පොලිස් ක්‍රම වේදය ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ? (නදී)
කුසුම්පාල, ඔබ ඉහත සඳහන් කරපු රටවල් හතරේම ලංකාවට පුහුණු කරන්න කැමති නැහැ. කාරණය ලංකාව යුධ අපරාධ කරපු රටක් කියල මේ අය ජිනීවා වලදී ඡන්දය දුන්නා. සිරියලතාට මලයාසිවෙදි උනු අකරතැබ්බය එහෙ හරි පොලිසියෙන්ද නැත්නම් හොර පොලිසියෙන්ද? (නදී)
ස්වාධීන පොලිස් කොමිසමක අවශ්‍යතාවය රටේ මිනිසුන්ට දැනෙනවා. (ස)
විමර්ශන යටපත් කරන ගුරු මුස්ටිය නම් දෙන්න යන්න එපා. ඒක අපේ රටට ආවේනික පුහුණුවක්.(නදී)
පොලිස් සේවයේ ගුණාත්මක බව වැඩි දියුණු කරන්න ඕනේ නම් උපදෙස් ගත යුත්තේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව , නවසීලන්තය වගේ රටවලිනුයි. මෙයාල ගිය රටේ තියෙන්නෙත් අපේ රටේ තත්වයට ටිකක් සමාන පොලිසියක්. (ස)
ගාමිණී මහතාණනි, මගේ හර්දයාංගම සුබ පැතුම. (ස)
ගුණාත්මක බව වැඩි දියුණු කරන්න ඕන නෑ. එතකොට කොහොමද අපි යැපෙන්නේ. (ස)
ද සිල්වා බෙර්ලින්, විසදුම මේ අදහසේ තිබෙනවා. (ස)
නවරත්න මහත්තයෝ, පුලුවන් නම් මුළු පොලිසියම කෝවක දමා උණු කොට අලුත් අච්චුවකට වත් කර පොලිසියට අලුත් මුහුණක් දෙන්න. (නි)
සිංගප්පූරුවේ පොලිසිය නම් හරිම දක්ෂයි (නි)
ද සිල්වා, බර්ලින්, ඔබට මොළයක් ඇති බව පෙනෙනවා (නි)
හොරු ගොඩක් ඉන්නේ පොලිසියේ.(නදී)
ප්‍රජා පොලිස් ක්‍රමවේදය බලාත්මක කිරීම තමයි හොදම විසදුම. එය දර්ශනයක්. ප්‍රතිපත්තියක්. දේශපාලනයට නැහැ ඉඩක්. (නි)
සුභ පැතුම්! (නි)
කුසුම්පාල; ඔය කියන කතාව සහතික ඇත්ත. මලයාසියාවේ පොලිසියේ ඉන්න තරමක් ඉන්නේ තනි හොරු. මෙයාල මුදල් දුන්නොත් ඕන දෙයක් කරයි. මමත් ඔය රටේ හිටියා. එහෙ තියනවා තව හොර පොලිසියකුත්. මිනිසුන්ගෙන් සෑහෙන්න මුදල් සුරා කනවා.(නදී)
මලයාසියාවේ සවාරි ගැසීමෙන් ඔබ තුමාගේ කාලය මෙන්ම රටේ ජාතික ධනය විනාශ වේ. ශ්‍රී ලංකාවේ පොලිසිය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රයෝගික දැනුම ඔබතුමා සතුය. මුලින්ම කළ යුත්තේ ස්වාධින පොලිස් කොමිසමක් හරහා පොලිස් නිලධාරී මාරු සහ උසස්වීම් ලබාදීමේ ක්‍රම වේදයක් ඇති කර පොලිසිය දේශපාලනිකරණයෙන් ගලවා ගැනීම. පොලිස් නිලධාරීන් කරන දුෂිත ක්‍රියා මැඩලීමට විශේෂ ඒකකයක් ඔබ තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ඇතිකර වරදකරුවන් වන පුද්ගලයන් සේවයෙන් පැන්නීම , 3 පොලිස් නිලධාරීන්ට අනුන්ට අත නොපා ජිවත් විය හැකි සාධාරණ වැටුපක් ලබාදීමට කටයුතු කිරීම. (නදී)