(ගයාන් සූරියආරච්චි)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදුකරනු ලබන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර අද (8) පැවැති හමුවේදී බස් රථ සංගම් වැඩ වර්ජනයකට නොයන බවට තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව පොලිස් මූලස්ථානයේදී පැවැත්විණ.
අන්තර්පළාත් බස්රථ සංගම් නියෝජිතයන්, පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් ඇතුළු බස් රථ සංගම් 6 ක් පමණ වැඩ බලන පොලිස්පතිවරයා සමග සාකච්ඡා පැවැත්වීය.
පොලිසිය සීමාව ඉක්මවා බස්රථවලට අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් සූදානම්ව සිටියේය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති - බස් සංගම් සාකච්ඡා සාර්ථකයි
බකල ජයා Wednesday, 08 January 2025 05:15 PM
සීමාව ඉක්මවා කියන්නේ හැමතැනම නතර කරන්න දෙන්නෙත් නෑ, ඩ්‍රයිවර් ළඟ දේවාලයක් තියාගන්න දෙන්නෙත් නෑ, ට්‍රැෆික් වෙලාවට රේස් යන්න දෙන්නෙත් නෑ. කොටින්ම කියනවා නම් අපිට මේ කර්මාන්තේ අපේ ක්‍රමයට කරන්න දෙන්නෑ. ඉතිං අපි ස්ට්‍රයික් කරනවා.
ගමේ එකාලා Wednesday, 08 January 2025 06:41 PM
බස්කාරයෝ වර්ජනයකට ගියා නම් ඔවුන්ට හොම්බෙන් යන්න වෙන බව දන්නවා.
ජිල්බු Wednesday, 08 January 2025 07:32 PM
පොලිස්පතිට, බස්කාරයින්ට සාර්ථක ඇති. මගී ජනතාවට, පදිකයින්ට, අනෙක් වාහනවලට සාර්ථකද?
නිහාල් Wednesday, 08 January 2025 11:49 PM
එයාලට වැරදි කරන්න ඉඩ දෙන්න
Toni Thursday, 09 January 2025 06:36 AM
තවත් එක අසාර්ථක මෙහෙයුමක්
Anura Thursday, 09 January 2025 01:32 PM
"නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට ආපු ආයගේ කෙරුවාවත් මේකනම් ඉතින් මේ රටට සදා අභ සරණයි. හැම එකෙක්ම ආන්ඩුවේ ඔලුව උඩ පහරලා යනවා , 2/3 බලය තියාගෙන තටමනවා."
Hamid Friday, 10 January 2025 10:13 PM
මුලින්ම ඩඩ්ලිලා පදිරියි. දැන් බස් ගැමුණුලාටත් පදිරියි...