(යොහාන් භාසුර)
පොලිස්පතිවරයා විශ්‍රාම යන විට නව පොලිස්පතිවරයෙක් පත්කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩි. වික්‍රමරත්න මහතාට සේවා දිගු දීම විකෘතියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය.
පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රජය තුළ ඇති කඹ ඇදීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වී ඇති බව කී මහාචාර්යවරයා නව පොලිස්පතිවරයෙක් හැකි ඉක්මණින් පත්කිරීමට මැදිහත්වීම ව්‍යවස්ථා කවුන්සිලයට වගකීමක් ඇති බව ද සඳහන් කළේය.
මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී ක්‍රියා වර්තමානය වන විට රටතුළ වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීමට නම් කාර්යක්ෂම පොලිස් සේවාවක් අවශ්‍ය බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී යෝජනාව සම්මත වුවහොත් අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා වශයෙන් සර්වබලධාරී වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහා පැවසුවේ ඔහුගේ කැමැත්ත ඇති තාක්කල් පළාත් පාලන නියෝජිතයින්ට රැඳී සිටීමට හැකි වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මහාම මහා ඛේදවාචකයකි...
අදුෂිත කාර්යක්ෂම කෙනෙක් ජ්‍යෙෂ්ටයින් අතරින් සොයා ගන්නට නොහැකි තත්ත්වයට පොලිසිය පත්වෙලා නම් රටේ නිතිය හා සාමය ගැන කුමන කතාද ? සිවිල් පරිපාලනයට අයත්වන නිසා, නීතිය ගැන අවබෝධයක් සහිත එවැන්නෙක් සාමාන්‍ය පරිපාලන සේවාවෙන් හෝ සොයා ගන්න බැරිද ? මිට පෙරත් එවැනි අය පොලිස් පති හැටියට වැඩ කර තිබෙනවා
මේවගේ අය පාර්ලිමේන්තු යවපු එක ඊට වැඩිය ඛේදජනකයි නේද?