හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ ප්‍රගතිය සොයා බැලීම සඳහා එම මන්ත්‍රීවරු අද කොළඹ පොලිස් මූලස්ථානයට ගියහ.
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් පැවසුයේ මේ ගැන පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා හමුවී විමසූ බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පතන බව පොලිස්පති පැවසීයැයි මහලේකම් මාධ්‍ය හමුවේ පැවැසීය.
හම්බන්තොට නගරාධිපති පිස්තෝලයක් අමෝරාගෙන මේ මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ ගිය නමුත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර ප්‍රහාරයක් නම් එල්ල උනේ මන්ත්‍රී වරුන්ට, පිස්තෝල ප්‍රසිද්දියේ පෙන්නගෙන සමහරු කටයුතු කලානම් තව මොන දෙයක් නීතිපතිගෙන් අහනවද? හරියට හරි. (නදී)
අනේ පව් අර ළමයට දැන් සෙල්ලම් පිස්තෝලයක් අරගෙන සෙල්ලම් කරන්නත් බැරුව යනවා (නදී)
ප්‍රථමයෙන් අපේ පොලිස් නිලධාරීන්ට උපදෙස් දිය යුතුයි, තමාගේ නිළයෙන් උසස් ආරක්ෂක නිලධාරියකුට හැරුණු විට දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට, තනතුරුවලට සහ ඔවුන්ගේ සගයින්ට ආචාර කිරීමෙන් වලකින ලෙසට. (ස)
අපිත් මේ බලාගෙන ඉන්නේ දේශපාලනීකරණය නොවූ පොලිසියක් එකසත් ජාතික පක්ෂ රජයක් යටතේ බිහි වෙනවා දකින්න. (නදී)
බලමුකෝ ඉවසීමෙන් වෙන්නේ මොකක්ද කියලා (නි)
සෙල්ලම් පිස්තෝල අරන් පාරේ යන්න පුලුවන්ද? (නදී)
උපදෙස් ගන්න පොලිස් පති නීති පති හම්බුවෙන්න පයින් ගියත් හතලිස් පනස් සැරයක් ගිහින් එන්න තිබුන මේ වෙනකොට. (නදී)
ඔයාලට ඔහොම නම් අපිට සාදාරනයක් වෙයිද? ඔතනින් මම කළුතර උතුර හිටපු පොලිස් ලොක්කට විරුද්දව පැමිණිලි 20 කලා. තවම මොකුත් නැහැ. මට දුක මගේ ගෙදර දෙන්නෙකුත් සේවය කරන දෙපාර්තමෙන්තුවක් වීම. දේශපාලනය නිසා විමර්ශන කරන්න අමාරුයිලු.(නදී)
පොලිස් පති තුමා හොඳ සැදැහැවත් බෞධයෙක් . අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගෙන් නිබඳ අවවාද අනුශාසනා ලබපු රාජ්‍ය නිලධාරියෙක් . පොලිසියේ ආදර්ශ පාඨයත් " ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" නෙ. (නදී)
අර සරසවි සිසුවාගේ ඇහැ එලියට පනින්න ගැහුවේ නීතිපති ගේ උපදෙස් අරන් වෙන්න ඇති. මේ ටිකම ඇති අද රටේ නීතිය ගැන අවබෝධ කර ගන්න (දිල්)
පොලිසිය ලංකාවේ අපේ පොලිසිය ...... ජයවේවා! (නදී)
පොඩි මිනිහට පොලිසිය අවම බලය යොදල මදි නොකියන්න දෙන්නේ. මම හිතන විදිහට නීතිය ගැන නොදන්නාකම නිසා වෙන්නැති. මේ අයටත් වාරයක් එනකම් ඉන්න කියලා සමහර අය අදහස් දාල තියෙන්නේ. ඇත්තමයි ඒ අයගෙ අප්පොච්චිගෙ කාලයේ පොලිසිය වහලනේ තිබුනේ. (නදී)
පොලිසියට විතරක් නොවෙයි අද ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම දේශපාලනයකරන අය හරියට වැඩක් කරන්න දෙන්නේ නැහැ,(අ)
පළමුවෙන් මෙයාලට උගන්වන්න ඕන තමන්ට ගරු කරන කෙනෙකුට පෙරලා ගරු කරන විදිය ... පේනවනේ පින්තුරේ ගේට්ටුවේ ඉන්න පොලිස් කොස්තාපල් කට්ටියට සැලුට් කරද්දී තිස්ස අත්තනායක හැරුන කොට අනිත් කට්ටිය වගේ වගක් නැතුව යන හැටි .(අ)
දැන් අර බුද්ධ රුපයක් බාහුවේ කොටගෙන ආපු නයෝමි මැතිනියත් අත්අඩංගුවට ගන්න නීති පති උපදෙස් පැතුවද? ටැක්සි කාරයෙක් ගෙන් නේද උපදෙස් පැතුවේ? එහෙනම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිරි හැර කරපු උත්තමයලව අත්අඩංගුවට ගන්න නීති පති උපදෙස් මොකට? (නදී)
මේක නම් මරු වැඩේ. කොහොම හරි පිස්තෝලයක් හොයාගන්න ඕනේ. බලන් ගියහම පිස්ටල් එකෙන් සෙල්ලම් දැම්මට පොලිසියට අත්අඩංගුවට ගන්න බැහැනේ. කිනිස්සක් හරි කඩුවක් හරි තිබ්බා නම් බලාගන්න තිබ්බා වෙනදේ. දැන් පොලිසියට නීතිපති උපදෙස් නැතුව වැසිකිලියට යන්නත් බැහැනේ.(නදී)
ඔබ තුමාලටත් ඔහොම නම් සාමන්‍ය ජනතාව ගැන කුමන කතාද ? ඔහොම යමු කොකාටත් වාරයක් ආවේ (නදී)
හැමදේටම උසාවි යන්න පුරුදු වෙන්න එපා එ්ක පසුවට කරදරයක්. ඔබේ වාරය එනතුරු ඉවසන්න . එදාට පොලිසියත් ඔබේ පැත්තේ (නදී)
රටක නීතියේ ආධිපත්‍ය අත්‍යවශ්‍යමයි.(නදී)
පොලිස්පති නීතිය දන්නේ නැති නම් දන්න කෙනෙකුගෙන් අහන එක හොදයි.(නදී)
මේ වාර්තාවෙන් සාමාන්‍ය මහජනතාව වන අපිට පැහැදිලිව පෙනී යන කරුණක් නම් ශ්‍රී ලංකාවේ පොලිස් සේවය දේශපලනයකරණය වෙලා තියන හැටියි. කීර්තිමත් ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා පොලිස් සේවය අද පත් වෙලා තියන තත්ත්වය ගැනයි. කවදද පොලිසියට නීති පති උපදෙස් ඕනි උනේ වරද කරයෙක්ව නීතිය හමුවට ගේන්න. මැර ප්‍රහාරයක් නම් එල්ල උනේ මන්ත්‍රී වරුන්ට, පිස්තෝල ප්‍රසිද්දියේ පෙන්නගෙන සමහරු කටයුතු කලානම් තව මොන දෙයක් නීතිපතිගෙන් අහනවද? පොලිස්පතිම මෙහෙම කියනවනම් අපි තව මොන විදියට අපි හිතන්නද? අපි කාගෙන් නීතියේ පිහිට බලාපොරොත්තු වෙන්නද? (නදී)
පිස්තෝලය සෙල්ලම්ද නැද්ද කියන්නේ කොහොමද රසපරීක්ෂක බලන්නේ නැතිව. (නදී)
අනේ හොඳයි. අපේ අල්ලපු ගෙදර කොරටුවේ තිබුන එළවලු ටික කවුද කඩාගෙන ගිහින් කියලා ඒ උදවිය පොලිසියට පැමිණිලි කරලා මාසයක් ලු. තවම සැකකාරය එළියේ ලු. මන් හිතන්නේ පොලිසිය නීති උපදෙස් ගන්න ගිහින් වෙන්න ඇති. (නදී)
ආ දැන් නේ අපිට තේරුනේ. පසුගිය කාලේ බැංකු කඩපු හොරු අල්ල ගන්න පරක්කු වෙන්නේ එහෙනම් තාම නීති උපදෙස් ලැබිලා නැතිව ඇති. කොච්චර වැරදිද මේවා ට පොලිසියට දොස් කියන එක. නීතිපති තුමානේ හොරු අල්ලන එකටත් වග කියන්න ඕන මෙහෙම බැලුවාම. (නදී)
එතකොට ඔය ගම ගොඩේ කෙරෙන සුළු සුළු සොර මැරකම් වලටත් පොලිසිය ක්‍රියාත්මක වීම පමා වෙන්නේ , නීතිපති උපදෙස් එනකන් ඉන්නවා ඇති. (නදී)
බලමුකෝ මෙහි අවසානය කෙසේ විසඳේවිද කියලා (නි)
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)