පොලිස්පති යෝජනා කළ උසස්වීම් තාවකාලිකව අත්හිටුවීමට පොලිස් කොමිසම තීරණය කර ඇත. මාස දෙකක කාලයක් යනතුරු අදාළ තීරණ ක්‍රියාත්මක නොකරන බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
පොලිස් සේවයේ විවිධ තනතුරු සඳහා වන නම් ලැයිස්තුවක් පොලිස්පතිවරයාගේ නිර්දේශයෙන් පොලිස් කොමිසමේ අනුමැතිය සඳහා යොමු කර තිබූ අතර ඒ සඳහා පාදක කරගෙන තිබූණේ සේවා කාලය හා දක්ෂතා යන නිර්ණායකයන්ය. පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ක්‍රමවේදයක අවශ්‍යතාවය පිළිබඳ පොලිස් කොමිසමේ අවධානය යොමුවී ඇතැයි කියති.
උසස්වීම් පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සැකසීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් කොමිසමේ ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වග කීමක් අරගෙන නීතියට රාජකාරී කරන අයට හැර, උසස්වීම් දීම හරි නැත. (අ)
ඔය ක්‍රමවේදය නැතුව ද පහුගිය කාලේ උසස් වීම් දුන්නේ.එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්ද.(අ)