ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිර්දේශ කළ ආකාරය නීත්‍යනුකූලවත් සදාචාරය අනුවත් වැරැදි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (19) පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඈ) (1) වගන්තිය ප්‍රකාරව ජනපතිවරයා විසින් ව්‍යස්ථාවදායක සභාවට පොලිස්පත්ධුරය සඳහා නමක් යෝජනා කළ පසු ව්‍යවස්ථාදායක සභාව කළ යුත්තේ එම නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යැයි ද, නීතිපතිවරයා තෝරාගත් ආකාරයත් පොලිස්පතිවරයා තෝරාපත් ආකාරයත් පරස්පර යැයි ද ඒ පත්කිරීම් දෙකම නීතිවිරෝධි යැයි ද ඔහු කීවේය.
පිවිතුරු හෙළ උරුමයේ පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේ පැවැති අද (19) පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා එගෙස පැවසීය.
‘අපට නව වසරේ ලැබුණේ අසුබදායක පුවතක්. ජනපතිවරයා නමක් නිර්දේශ කළාම ව්‍යවස්ථාදායක සභාව කරන්නේ ඒ නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. මීට මාස දෙකකටත් අඩු කාලයකට පෙර නීතිපතිවරයා පත් කිරීමේදී ජනපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට නම් තුනක් යෝජනා කළා. එතකොට ව්‍යවස්ථාදායක සභාව ජනපතිවරයාට දැනුම් දුන්නා නමක් තෝරා දෙන්න කියා. ඔවුන්ට කළ හැක්කේ ජනපතිවරයා යෝජනා කරන නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යැයි ඔවුන් එහිදි ජනපතිට කිව්වා. ඔවුන්ට නම් තේරීම කළ නොහැකි බව ඔවුන් පවසා සිටියා.
ඒත් පොලිස්පතිවරයා තෝරන්නේ එදා වැරැදියි කියපු විදියට. ව්‍යවස්ථාදායක සභාවට ඔවුන් එදා හිටපු ස්ථාවරය අමතක වෙලා. නැතිනම්, බලෙන් අමතක කරලා. එදා ජනපතිවරයා නීතිපති තනතුරට ජයන්ත ජයසූරිය මහතාගේ නම යෝජනා කළාම, ව්‍යවස්ථාදායක සභාවට එය අනුමත කළා. එහෙත් පොලිස්පතිවරයා තේරීමේදීත් ජනපතිවරයා ඒ වැරැද්දම කළාම, ව්‍යවස්ථාදායක සභාව ඔවුන්ට අවශ්‍ය නමක් තෝරනවා. එදා වැරැදි වුණාට අද වැරැදි යන අදහස එයින් ඇඟවෙනවා.
අපිට ආරංචි විදියට ජනපතිවරයා හා අගමැතිවරයා පොලිස්පතිධුරයට නම් දෙකක් පිළිබඳ යෝජනාවක් තිබිලා තියෙනවා. නැවත ජනපතිවරයාට යැව්වොත් අපට අවශ්‍ය නම එන එකක් නැතැයි කියන බිය ව්‍යවස්ථාදායක සභාවට ඇතිවෙන්න ඇති.
මීට පෙර නීතිපතිවරයා පත් කිරීමේදීත් ජ්‍යෙෂ්ඨත්වය සලකන්නැයි අපි කිව්වා. නියෝගයක් දුන්නාම සුවච කීකරු ගෝලයෙක් ලෙස එය ඉටු කරනවා ද? උදේට ‘ගුඩ් මොර්නින්‘ සර් කියනවාද යන නිර්ණායක මත නීතිපති, පොලිස්පති වගේ තනතුරුවලට පුද්ගලයන් පත් කරන්න බැහැ. මේ ව්‍යවස්ථාදායක සභාව මුණ ලස්සන වුණාට ඇතුළේ අවුල්.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අනෙක් අතට සිද්ධ වුනානම් මෙතුමලා ඔය කටින්ම කියාවි ජනාධිපතිගේ හෝ අගමැතිගේ තනි කැමැත්තට එයාලගේ වන්දි බට්ටයෙක් තේරුවයි කියලා.අනේ අප්පා මේ අපේ සිංහල ජාතියේ හැටියක්ද? (බ)
පසුගිය මැතිවරණයේදී ඔබට සන්ධානයෙන් නාමයෝජනා දීමත් වැරදියි. ඔබට වඩා රටටත් සන්ධානයටත් සේවය කළ සාමාජිකයන් විශාල පිරිසකට නාමයෝජනා ලැබුනේ නැහැ. ලබන වර නම් මේ වගේ අයට නාමයෝජන දිය යුතු නැත. (නි)
කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කථාවක් තියනවානේද (බ)
“බංකොලොත් දේශපාලකයන්ගේ අප්සට් කතා“ පොල් ටිකක් ගැහුවොත් හොඳ නැද්ද? (නි)
ගම්මන්පිල දැන් ඔයා රිටයර් වෙන්න.. සීය සීය එකතුකරලා දෙන්නම් (බ)
මට පෙන්නේ මෙයාගේ හිතේ පාතාලයෙක් පොලිස්පති කරන්න වගේ , ඒවා ගිය ආණ්ඩු කාලේ මහත්තයෝ මේක යහපාලන ආණ්ඩුවක් , මතකනේ එක ඇමති තුමෙක් සෙනග හසුරුවන්න ආපු නියෝජ්‍ය පොලිස්පතිවරු අහවල් ලේකම්ට කෝල් කරලා හැරෙන තැපෑලෙන් හු හඩ මැද්දේ හරවල අැරිය හැටි , ඒවා හොඳයි මේවා නරකයි (බ)
ඔය කියන්නේ අර පහුගිය කාලේ තෝරපු විදිහට තෝරන්න කියලද? මහත්තයෝ ඔයාට පිස්සුද නැත්නම් හැටිද? (බ)
මේ මනුස්සයාට නම් හොඳටම පිස්සු (බ)
ඔව් ඔව්. මෙයාගේ නායකයා ඔක්කොම කලේ සදාචාරයට නීතියට ගරුකරලා .. (ම)
මෙයා ජාතික නායකයෙක් වගේ පෙන්නන හදනවා, (බ)
ගම්මන්පිල කියන විදියට පොලිස්පති ජිනීවා වලින් තේරුවොත් හරි යයිද (බ)
මේගොල්ලන් කෙළ හලාගෙන බලාගෙන හිටියේ මේ අයට කේලම් කියන කෙනා එනකම් දැන් ඉතින් වැරදුනාට පසුව පිස්සු කතා කියන්න එපා (බ)
ඉතින් දැන් ඔබතුමාද හරි විදියට තෝරන්න දන්නේ? (නි)
මෙතුමා ඉතින් මොනදේකද වරදක් නොදකින්නේ? (නි)
ගම්මන්පිල මහතාට මරු දේවල් කියන්න පුළුවන් (බ)
මෙයාලට ඕන විකි, එතකොට මෙයාලගේ රජ පරම්පරාවේ නඩු වලින් බේරෙන්න පුළුවන් නේ . (බ)
මේකට ප්‍රතිචාර දාන අයට වැඩිය ගම්මන්පිල උගත් මනුස්සයෙක්. එත් අපේ රටේ වැඩිය ඉන්නේ උගත් දේශපාලකයෝ නෙමෙයිනෙ.(බ)
ගම්මන්පිලට හොල්මන් පේනවාද? (බ)
මෙයාට නම් දැන් හොඳටම පිස්සු වගේ (බ)
ප්‍රංශයට, ස්විට්සර්ලන්තයට කිව්වොත් පුජිත් තුමා ගන්න එකක් නැහැ. (බ)
අපරාදේ මෙයාටනේ පොලිස්පතිකම දෙන්න තිබුනේ (බ)
සුදුස්සා තේරිලා නිසා ඔබතුමා කලබල වුනාට වැඩක් නෑ.(බ)
ජනාධිපති තේරුවා වුණොත්, තනි පුද්ගලයකු තෝරනවාට වඩා ව්‍යවස්ථාදායක සභාවක් විසින් තෝරන එක තවත් සාධාරණයිනේ......(ම)
ගම්මන්පිල මහත්තයට තියෙන ප්‍රශ්නෙ පොලිස්පති නෙවෙයි පරණ මිත්‍ර චම්පික මහත්තය ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න එකයි.(බ)
මෙයාට නම් දැන් හොඳටම පිස්සු වගේ !(හේ)
මේ අයනම් කරන කරන හැමදේම වැරිදියි කියන එකනේ කියන්නේ.(හේ)
ගම්මන්පිල කියන්නේ මොකක්ද? එහි තර්කානුකූල බවක් තියෙනවා ද? කියල හිතන්නේවත් නැතිව ප්‍රතිචාර දක්වනවා. මේ බුද්ධිමත් පාඨකයො! ලැජ්ජයි. (බ)
මීට පෙර ජනාධිපතිවරුන්ගේ තනි කැමැත්තට පොලිස්පති, නීතිපති පත්කළ විදිහ මෙතුමන්ලාට අමතක වෙලාද? අපක්ෂපාති නිලධාරියෙක් ලෙස කීර්තිමත් නමක් හිමි නව පොලිස්පති තුමාගේ පත්වීම 19 වන සංශෝධනය තුලින් ජනතාව ලැබූ ජයග්‍රහණයක්. (හේ)
යනෙනමන් නැති බංකොලොත් දේශපාලකයන්ගේ කතා (බ)
පොල් ටිකක් ගැහුවොත් හොඳ නැද්ද? (නි)
කොහොම තේරුවත් නියම සුදුස්සා තේරුණානේ (බ)
අර ඔයාගේ ලොක්කා තෝරපු විදිය හරිද? ජනපති තෝරපු නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරලා නැවත ජනපතිට එවීම මොන විහිළුවක්ද ? (බ)
ගම්මන්පිල කැමති කාල්ටන් නිවසින් ඩීජී තෝරනවාට (බ)
ගම්මන්පිලට දැන් ඔක්කොම පෙන්නේ වැරදි විදියට .. හෙවනැල්ලත් ඇදයිලු අත්හැරෙනා දීගේ කිව්වලු . (බ)
ඔව් ඔව් ඕක ගැන කියන්න ආපහු ජිනීවා ගමනක් දාගන්න. හැබැයි යනකොට බෑග් එක මතක ඇතුව අතේ අරන් යන්න! (නි)
ඉදිරියට වෙන්න යන නිවැරදි දේවල් ගැන දැන්ම බය වෙලා වගේ? එ්කනේ මෙච්චර කලබල වෙන්නේ? (බ)
ජනාධිපති තේරුවා වුණොත්, තනි පුද්ගලයකු තෝරනවාට වඩා ව්‍යවස්ථාදායක සභාවක් විසින් තෝරන එක තවත් සාධාරණයිනේ.... (ම)
අනේ ගම්මන්පිල මහත්තයෝ, මොනවද මේ කතා? (නි)
තෝරපු හැටි වැරදි නම් 40 සෙට් එකෙන් , කට්ටිය අරගෙන ජිනිව යන්න (අ)
බොහෝදෙනා පිස්සුද කියලා අහනවා. ඇත්තටම පිස්සුද? අනේ මට තේරෙන්නෙ නැහැ (නි)
එදා අගවිනිසුරුවරිය මාරු කරන කොට හිටියේ දිව්‍යලොකේද අපයේද?(අ)
පසුගිය රජය කාලේ පත්වීම් කළහැටි අපි දන්නවනේ (නි)
ඇයි රජතුමා ද ඔක්කොම තෝරන්න ඕනේ ? අපි දැක්කනේ ඒකාලේ හිටපු නීතිපතිලා පොලිස්පතිලා රාජකාරි කරපු හැටි .හැම එකටම විරුද්දවන එක විපක්ෂය කියල මේගොල්ලෝ හිතන්නේ . (අ)
මහින්දගේ කාලේ පත්වීම් දුන් හැටිත් අපිට හොඳට මතකයි (නි)
මෙන්න මේක තමයි මෙයාලගේ ප්‍රධාන ලක්ෂණය. රටම හොඳයි කියන දේවල් මෙයාලට නරකයි. (නි)
මෙම සභාව සියලු පක්ෂ නියෝජිතයන් ගෙන් සමන්විතය.ගන්නා තීරණ ප්‍රජාතන්ත්‍රවාදිය.මෙය වැරදී ලෙස පෙන්නේ ඔලුවෙන් හිටගත්තොත් පමණී.(හේ)
දැනටම බය වෙලා වගේ. (හේ)
මෙයා මොනවද හොදයි කියලා තියෙන්නේ. ? හැමදේටම විරුද්ධ වෙනවා (බ)
මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය තනි පුද්ගල මතයට තානාන්තර දුන් යුගය දැන් අවසන් මේවා අල්ලන්නේ නැත්තේ පිස්සන්ට හා පැරණි පාලනයෙන් කාබී පෝෂනය වූවන්ට පමණයි (බ)
ඉස්සර ඔය තනතුරුවල හිටපු කට්ටිය හොදයි නේද මහත්තයෝ ?එක් කෙනෙක් බොරු,අනිකා අන්දරේ .ඒකාලේ ඔබලාට හොදයි නේද ? ඔබගේ , බිරිදගේ නඩුවලින් දැනටත් කිසි ප්‍රශ්නයක් නැහැ නේද ? (බ)
ගම්මන්පිලගෙන් අහලද තෝරන්න ඕනෑ දැන්? (නි)
කලින් කොහොමද තේරුවේ ? (බ)
ජනතාව මෙයාලා ගැන දන්නවා. අපි ඔහුට අනුකම්පා කරමු. (නි)
ජයසුන්දර මහතා ට සුබ පතනවා.ගම්මන්පිලට වයර් මාරු වෙලා (බ)
මෙයාලා ඉතින් මොනදේකද වැරැද්දක් නොදැක්කේ? (නි)
ගම්මන්පිල මොකක්ද හරි කිව්වේ (බ)
හරි කෙනාව තමයි නිර්දශ කරලා තියෙන්නේ මෙයාට වැඩිය පොලිස්පති ධූරයට සුදුසෙක් දැනට නැහැ ඔබතුමා බොරුවට උඩපනින්නේ නැතුව ඉන්න ඔයාලගේ පිවිතුරු කම රෙද්ද පල්ලෙන් බේරෙනවා (බ)
අහවල්ලු වෙනුවෙන් අහවල්ලු (බ)
අනේ මේ ගොම්මන්පිල මහත්තයෝ බොරුවට තප්පුලන්නේ නැතුව ඉන්නවද පාඩුවේ...(බ)
ගම්මන්පිල අප්සට් ඇති මහින්දගේ ගෝලයෙක් තෝරාගත් නැති එකට. මොකද එහෙම වුණා නම් කොයිතරම් හොඳයිද? පූජිත මහත්තයා තමයි නියම සුදුස්සා. ඒක පේනවා මේ අදහස් බැලුවාම (නි)
ගම්මන්පිල මහත්තයා කියන කතාව ඇත්තක්.(හේ)
හොඳම තේරීමක්.ඔබට සුබ පැතුම් !(හේ)
පිස්සු තදවෙලා ඉන්නේ .සේරම වැරදියට පේන්නේ (බ)
ඔය මනුස්සයට අර ඉතිරි ඇමති කම දුන්නනම් හරි (බ)