පාදුක්ක
- දුම්රිය පොළ පාරේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 15 ක් හා මිලි ග්‍රැම් 390 ක් ලඟ තබාගෙන සිටි කාන්තාවක් හා ත්‍රී රෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගනු ලැබූහ
කැකිරාව
- මඩාටුගම හන්දියේදී ත්‍රී රෝද රියකින් ගෙනයමින් තිබූ ගංජා කිලෝ පහ මාරක් අඩංගු පැකට් හයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
වත්තල
- ඇලකන්ද හේකිත්ත මාර්ගයේදී ලොරියක් අනතුරට ලක්වී එක් අයකු මියගොස් පස් දෙනෙක් තුවාල ලදහ.
ගිරාඳුරුකෝට්ටේ
- රුපියල් 60,000 ක් වටිනා කෙසෙල් කැන් 50 ක් හොරෙන් කපා ප්‍රවාහනය කරමින් සිටි ලොරි රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
වෙන්නප්පුව
- වයික්කාලේ නිවෙස් දෙකක් අතර ඇතිවූ ආරවුලකදී පොලු පහරක් වැදී 46 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයෝ ගංජාකාරයෝ හැමදාම අහුවෙන හැටියට මේවා පිටිපස්සෙන් ඉන්න මහමොලකාරයෝ හොයාගන්න තවමත් බැරි ඇයි? ඔය අහුවෙන අයගෙන් අහන පළමුවැනි ප්‍රශ්නේ 'කාගේද මේවා' කියන එක නේද? කියන්නේ නැද්ද කාගේද කියල?ඒ නම් ගම් ඇහුවාම බය හිතෙනවාද දන්නෙ නැහැ (නි)