මුන්දලම
ආඩිගමදී වෑන් රථවක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මිරිහාන
හෙරොයින් කුඩු ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගනු ලැබූහ.
වෙන්නප්පුව
නයිනමඩමේදී කසිප්පු බෝතල් 400 ක් සහ කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක් සමග සැකපිට තෙදෙනෙක් අත්අඩංගුවටට ගනු ලැබූහ.
අනුරාධපුරය
ගුවන්තොටුපොළ පිටුපස මාණික්කුලමේ 60 හැවිරිදි කාත්තාවක් හා 28 හැවිරිදි ඇගේ දියණිය කපා කොටා මරා ඇගේ සැමියාට බරපතල තුවාල සිදුකළ මිනී මරුවන් සොයා විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.
යක්කලමුල්ල
උඩුවැල්ලේදී බඳින තුවක්කුවක් හා බෝර 12 තුවක්කුවක් සමග උණ්ඩකිහිපයක් සොයා ගනු ලැබීය. ඌරන් ඇතුළු සතුන් මැරීම සඳහා මේ අවිය යොදාගන්නට ඇතැයි සැක පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd