ව්‍යාපාරික සියාම් ඝාතනය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් හතර දෙනා හා පළමු වැනි සැකකාර ක්‍රිෂාන්ත කෝරලගේ ඔවුනට පෙනී සිටින නීතීඥයන්ගේ සහාය ප්‍රතික්ෂේප කළේය.
පළවැනි සැකකාර ක්‍රිෂාන්ත කෝරළගේ මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේ නීතීඥවරුන් තිදිනකු තමා රඳවා සිටි මැදිරිය ළඟට පැමිණ ‘උඹ ශානිගෙ ගුලිය ගිල්ලා. පස්සේ උඹ ගැන බලා ගන්නම්‘ යනුවෙනි. කෝරලගේ එසේ පැවසුවේ අනුර රණසිංහ නීතීඥවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටීම ගැන විරුද්ධත්වයක් ඇත්දැයි මහේස්ත්‍රාත් ඔහුගෙන් විමසූ අවස්ථාවේදීය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ද මේ නඩුවේ සැකකාරයෙකි.
ඉන් පසු අනුර රණසිංහ මහතා පැවසුවේ රහස් පොලිසිය හා එක්ව මෙම සැකකරුවන් රජයේ සාක්කිකරුවන් කිරීමට යන බවයි.
රජයේ නීතීඥ වසන්ත පෙරේරා පැවසූයේ අනුර රණසිංහ මහතාගේ දීර්ඝ කරුණු දැක්වීම්වලට තමා විරුද්ධ බවයි.
තමුන්ට නීතීඥයන් අනවශ්‍ය බව සැකකරුවන් කියා සිටින හෙයින් ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීමට නීතීඥවරුනට අවසර නැතැයි රජයේ නීතීඥවරයා කරුණු දැක්වීය.
ක්‍රිෂාන්ත කෝරළගේ, මොහොමඩ් ෆවුස්ඩීන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර ප්‍රියන්ත සංජීව හා කැළුම් රංගන දිසානායක රිමාන්ඩ් භාරයේ සිටි දැඩි මුරකා මැද අධිකරණයට ගෙන එනු ලැබූහ.
සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට පැවසුවේ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු අත්අඩංගුවට ගැනීමට සොයන බවයි.
ගාල්ලේ හා මිරිහානේ ගෙවල් දෙකක් පරීක්ෂා කළ බව ද ඔහු කීවේය.
මේ අපරාධය සඳහා යොදා ගත් ආයුධය සොයා පරීක්ෂණ පවත්වන බව කී අබේසේකර මහතා සැකකරුවන් ඝාතනය දවසේ ඇඳ සිටි ඇඳුම් ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට යවන ලෙස ද ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගිය වාරයේ නඩුවට නොසිටි නිසා කරුණු අධ්‍යයනය කිරීමට කල් දෙන ලෙසයි. ඒ අනුව අගෝස්තු පළමුවැනිදා තෙක් නඩුව කල් තැබූ මහේස්ත්‍රාත් එතෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තියෙන නීති පන මදි තවමත්. එල්ලුම් ගහ වහා ක්‍රියාත්මක කළ යුතුයි (නි)
වාස් නම් තවමත් හිනා වෙලා ඉන්නේ... ඒකෙන් ඔහු යමක් කියන්න උත්සාහ කරනවාවද්ද? (නි)
කාගේද පුතෙක් නින්දෙන් ඇවිදිනවා කියලා ගුවන් යානයේ දොර අරින්න ගියාලු , ඒකට මොකද උනේ මාමේ. එතකොට ඒ අයියාගේ අප්පච්චි කිව්වේ පුතා නින්දෙන් යනවා කියලා. මේ පුතා කොහේ හරි ඉබා ගාතේ ගිහින් කියලා කිව්වොත් පිළිගනීවි නේද? මේවා ඇත්තද මාමේ, දන්නේ නැති හින්දා අහන්නේ, තරහ ගන්න එපා.(නදී)
පොලිස් කාරයෝ දන්නවානේ පෙරකදොරුවන්ගේ හැටි (දී)
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී... අනේ මන්දා මේ තේමා පාටයේ ගෞරවයට දැන් මොකද වෙන්නේ? (දී)
අර ගඳ ගහන රෙද්ද ඉරලා බෙදල දුන්නනම් හොඳයි කට්ටියට මුණවල් ටික හොඳට වහ ගන්න. (දී)
පොලිසියට මක් වෙලාද සමා වෙන්න ඇහුවාට (දී)
ඔයාලට වාස් ගේ වැරදි නම් පේනවා. අර අරන්තලාවේ භික්ෂු ඝාතනය, දලදා මාලිගාවට ගහපු එක ගැන කතා කරන්න කවුරුත් නැහැ. ඒවාට අදහස් දාන්න කිවුවා නම් බයවේවී. (නි)
මම මෙවන් දේවල් ගැන කතා කරන්න බයයි (දී)
පොලිසිය තනිවම පෙනිසිටිනවාද මොකද එහෙමත් පුළුවන් (දී)
මිනී මැරුමි වැලක් තියෙනවා නේද?(නදී)
ලක්ෂ්මන් ඔයා එදා වාස්ට, අද ශානිට,හෙට කාටද සුබ පතන්න බලාපොරොත්තු වෙන්නේ? මට නම් කාවවත් විශ්වාස කරන්න අමාරුයි අද තියෙන අනිසි බලපෑම් දිහා බලපුවාම. (දී)
වරුණ, මුලින්ම ආගම ඉගෙනගෙන එන්න (නි)
නසාර්, එහෙම වෙන්නේ ඇමෙරිකාවේ, ඇමෙරිකාවේ .......// ලංකාවේ එහෙම වෙන්නේ නැහැ......// (නි)
මේ ප්‍රවෘත්තිය තරමට ම සිංහ මහතාගේ අදහස් වටිනවා. එය අපේ නැති වුණු වටිනා දෙයක් ගැනයි.. බලන්න දේශපාලනාඥයෝ රටට කරනා අපරාධය. (අ)..?
වරුණ දහම් පාසල් ගියද? පාසල් ගියද? (දී)
වාස් මහත්මයා නම් ගරු ගාම්භීරව ඉන්නවා. මොකද මේ අනෙක් අය මුහුණු වහගෙන ඉන්නේ? ලැජ්ජයිද? (දී)
මෙයාල වැරදි කලානං නීතියෙන් නිදහස් උනත්, පවෙන් ගැලවෙන්න බැ, තාම එක තේරිලා නැ. මේවට ලොකු උදවියත් සම්බන්ද ඇති. හැමෝටම ඉතින් ලැබෙයි ලැබෙනකොට. (දී)
පොලිසියට ඇත්තෙන්ම නොහැකිද මැරබලෙන් පිරිණු බලවතුන්ගේ මැරබලය නැතිකරලා දාන්න? (දී)
නීතිය හා සාමය රකින අයම මේ වගේ වැරදි කරනකොට සිවිල් වැසියන් ආරක්ශා කරන්නේ කෙසේද? (දී)
එදා මම කිව්වා විත්තිකාරයෝ පැමිණිල්ලේ සාක්කිකාරයෝ වේවි කියලා දේශපාලන පලි ගැනීමක් නිසා කියල. එදා මට බයිලා කියන්න එපා කිව්වා. ඒ කිව්ව මහත්තයා අද මොනවද කියන්නේ දන්නේ නෑ. උන්නැහේට තෙරුවන් සරණයි! (දී)
අහන්න දෙයක් නෑ. මෙකුත් මතක නැති වෙයි (අ)
වැරදි කර ඇත්නම් ඒවා පලදේවි කවදාහරි... (දී)
ඔය දැන් ඉන්නේ ලැජ්ජාවෙන් මුහුණුත් වහගෙන... (දී)
ලොයර්ලාගේ ඇත්ත තත්වය ඒ කට්ටිය දන්නවා ( දී)
ඔය ඉන්නේ කට්ටයම පුසෝ වගේ නේද (දී)
වාස්ගේ පුතා ඇයි මෙහෙම හැංඟෙන්නේ? මොකද ඒ කියලා අපි නම් දන්නේ නැහැ. (නි)
සාධාරණත්වයේ මුර දේවතාවන් මරපු ත්‍රයන් වුයේ කෙසේදි යන ප්‍රශ්නයට ලාංකීය සමාජය ඉක්මනින් පිළිතුරක් සොයගට යුතුයි. මුළු රටම පතුලක් නැටි අගාධයක කට ලඟට පැමිණ ඇති බව පෙනේනේ. (අ)
මොකද මුහුණ වහගෙන යන්නේ, අදුනාගනිවී කියලද? (නි)
රජකම් කළත් කළකම් පලදෙනවා කියන්නේ මේකටද? (නි)
පොලිස් පොඩ්ඩන්ට ලැජ්ජාව තිබුණට බලය හමුවේ මොලය නැතිවෙලා වාගේ නේද? (නි)
මිනීමරලා, අපරාධ කරලා බේරුන කෙනෙක් කොහෙද ඉන්නේ? එවන් අය මිහිපිට නැත (නි)
නසාර් ,ඔයා කොහේ කෙනෙක්ද මන්දා? ලංකාවේ නම් වෙන්න බැහැ (නි)
කළු රෙද්දක් පොරවාගෙන ගියා නම් හොඳයි (අ)
"දැන් නම් ඉන්නේ ලැජ්ජාවෙන් මුහුණුත් වහගෙන..." (අ)
කරන කලට පව් මිහිරිය මී සේ,විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ (අ)
අපි අපේ පනට ආදරෙයි, අපේ දරුවන්ට ආදරෙයි. ඒ වගේ හැමෝම කියලා හිතනවා නම් මේ වගේ දුක් නැහැ. එදා මේ අය වරදක් කලානම් අද ඒ වෙනුවෙන් මොන තරම් මේ අයගේ පවුලේ අය දුක් විදිනවා ඇද්ද? (නි)
සමහර නඩුවල නීතිඥයොත් සැකකරුවන්ට තර්ජනය කරන තරමට නිතිය අද වල් වැදිලා. අනෙක සමහර නිතිඥයන් හිතාමතා නඩු කල් දැමීම සදහා කටයුතු කරන බව පේනවා. එවිට තීන්දු එන කොට අවුරුදු පහ හයක් ගත වෙනවා. එතකොට ඉතින් දඩුවම් දුන්නත් ටික කාලයයිනේ. මේවා වෙනස් කිරීම දැන්වත් කළ යුතුයි නේද? (නි)
මේවයේ ඇත්ත නැත්ත මොනාද කියල හිතා ගන්නත් බැහැ. (නදී)
අනේ අපි මෙයාලට සුදු සරම් අන්දවමුකෝ. ඒ ලස්සන පින්තුර පත්තරේ දැම්මා නම් කොච්චර ලස්සනද? (නි)
මේක නම් හොද ප්‍රවනතාවක් බවයි පෙනෙන්නේ (නි)
අම්මපා ඇත්ත නේන්නම් ඇයි මේ මූනු වහන්නේ ? වාස් මහත්තයා නම් ෂෝක් එකට ඉන්නවා බය නැතුව. වැරදි නැත්නම් ලෝකෙට මූන දෙන්න බය වෙන්න එපා (නි)
මොනවා උනත් පසුගිය නඩු තීන්දු දිහා බැලුවම අවසානයේදී සිදුවෙන දේ අපිට හිතාගන්න පුළුවන් , තව ටික දවසකින් මෙයාලව ඇප දීල එලියට ගනී, පැමිණිලි පක්ෂයේ අයට මරණ තර්ජනය කරයි, නැත්නම් සාක්ෂිකරුවන් මරල දමයි, මේ නඩුව අඩුම තරමේ අවුරුදු 15 ක් වත් විභාග වෙයි. එතකොට සාක්කිකරුවන්ට සාක්ෂි මතක නැහැ. පැමිණිලි සහ විත්ති පක්ෂයේ අය මියගිහින් තියෙයි, මේ හේතු නිසා නඩුව තව දුරටත් ඉදිරියට ගෙනය නොහැකියි කියල තීන්දුවක් දෙයි. ඒ නිසා අපරාද නඩු පමා නොකර ඉක්මනින් දඩුවම් ලබාදිය හැකි ක්‍රමයක් රටට අවශ්‍යයි. (දී)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
මේ අය මුහුණු වහගෙන ඉන්නේ තමන්ගේ ලොක්කා කරපු ජරා වැඩවලට තමන්ටත් එකතු වෙන්න උණු නිසා වෙන්න ඇති. (නදී)
අවංකව සිය රාජකාරිය කරන ශානි මහත්තයා ගැන අපිට හරිම ආඩම්බරයි (නි)
මෙත ප්‍රතිචාර දාලා තියෙන සමහර අය පොඩ්ඩක් හිතලා බලන්න, තමන්ගේම සහෝදරයෙකුට මෙහෙම දෙයක් වුනොත් තමන්ට මොන වගේ හැගීමක් ඇති වෙයිද? (නි)
නිකන් නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බලමු (දී)
මොකද මේ මුහුණු වහගෙන? (නි)
ලොකු අයගේ කීමට අපරාධ කරන අයට අන්තිමට පල දෙනවා. ඒක සත්‍යයයි.වර්තමානයෙත් ඔයදේම කරන අයට අනාගතයේ හරි පලදේවි.ඔය දේවල් කරලා හම්බකරන සල්ලිවලින් දරුවන්ට කන්න අදින්න දුන්නොත් පොඩි උන්ටත් හොදක් වෙන්නේ නැහැ.තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කරලා පොල් සම්බලුයි, බතුයි දුන්නත් ඇගට අල්ලනවා.මේවා කාට කාටත් හොද පාඩම්. (නි)
එදා අපි වාස්ට සුබ පැතුවා. අද අපි ශානි මහත්තයට සුබ පතමු! (නි)
වාස් ට මහත්තයා කිව්වට කමක් නැද්ද මන්දා.(නදී)
දූෂණය අතුගා දාන්න ගියොත් අපේ රටේ මේ වගේ දේවල් සුදු වෙනවා (අ)
රජකම් කෙරුවත් කළකම් පලදේ (නි)
ඇත්තටම තිරය පිටිපස මොකක්ද තියෙන්නේ කියල තවම හිතා ගන්න අමාරුයි.(නදී)
තව ටික දවසකින් වාස්ව වෙඩි පාරකින් මිය යයිද දන්නේ නැහැ. සතියකින් ඕක අමතක වෙවී.(නදී)
කළකම් කවදා හෝ කාටත් පළදේ (නි)
අපි පුංචි කාලේ ගමේ හිටිය පොලිස් රාලහාමි කෙනෙකු ගැනයි මේ. ගමේ වැඩිමහල් උදවිය කියන විදිහට රාජකාරිය පොලිසියේ වුනත් හොඳ මනුස්සයෙක්. අපිත් රාලහාමි මාමා කියලයි කිව්වේ. අපිට මතක විදිහට වැරදියි කියලා යමක් කළා නම් අරක්කු ටිකක බීම විතරයි. හවසට එයා ගෙදර ඉන්න බව හැමෝම දන්නේ දොල්කිය ගහලා සින්දු කියන නිසයි. එහෙත් රාත්‍රී නවය ප්‍රවෘත්ති යනකොට ඉවරයි. පස්සේ කරණීයමෙත්ත සුත්‍රයත් අහලා නිදියනවා. අද පොලිසියේ මෙහෙම නිලධාරීන් ඉන්නවද? කොයි ගමේද පොලිස් නිලධාරියෙකුට හොඳක් කියන්නේ? අද තත්වය ඕකයි. මේ වගේ නිලධාරීන්ව බන්ධනාගාර වලට වුනත් දාලා ජනතා බදුමුදල් වලින් නඩත්තු කරන්නේ අපිට කරපු සේවයටද? චීනේ වගේ දවස් තුනෙන් නඩුව ඉවර කරලා දඬුවම් දෙන ක්‍රමවේදයක් අපිටත් හදන්න බැරිද? (නි)
මේ සේරම වැරදිකාරයෝ වුනොත් , ඔවුන්ට එල්ලුම් ගහ නියම කළ යුතුයි යැයි මම යෝජනා කරනවා (නි)
වැරදි කරු ලෙස ඔප්පු කරනකල් නිවරදිකරුවෙක් (දී)
මෙයාල මුහුනවල් වහගෙන ඉන්නේ ,සමාජයට මුහුන දෙන්න බැරුවද? (නි)