රහස් පොලීසියෙන් බව කියමින් මහනුවර ලේ වැල්ලේ ගුරුවරයකුගේ නිවසට ගොස් ඔප්පු කිහිපයක් රැගෙන ගිය සිව් දෙනකු ඊට පැය කිහිපයකට පසු රුපියල් 50000 ක කප්පමක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සොයා ගත් ඔප්පු ව්‍යාජ බවත් නඩු නොපැවරීමට නම් රුපියල් දස ලක්ෂයක කප්පමක් අවශ්‍ය බව ඔවුන් කියා ඇත.එම කණ්ඩායම් නායකයා ඖෂධ අළෙවි නියෝජිතයකු බවත් ත්‍රිරෝද රියදුරන් දෙදෙනකුද සිටින බවත් පොලීසිය පවසයි.
රුපියල් දස ලක්ෂයේ කප්පම පන්ලක්ෂය දක්වා අඩු කිරීමෙන් පසුව එයින් රුපියල් පනස්දහසක් ගනිද්දී කප්පම් කරුවන් පොලීසි බාරයට පත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියක් පරීක්ෂණයක් සදහා නිවසට පැමිණි විට එය ඇත්ත මෙහෙයුමක්දා නැද්ද දැන ගන්නේ කෙසේද? (ස)
ඇයි ගුරුවරයව අත් අඩංගුවට නොගත්තේ? ඒවා ඇත්තටම හොර ඔප්පු නෙමෙයි නම් මොනවටද කප්පම් දෙන්න ගියේ? (නි)
හොද අයත් එහෙම කරනකොට ඕක මොකක්ද මෙහෙව් රටේ. (ස)