(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරී වෙස්ගෙන පොලිස් වසම් 10 ක නිවාසවලට ඇතුළු වී රන් ආභරණ මුදල් ඇතුළු රුපියල් කෝටියකට අධික දේපළ කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද වන බව පොලිසිය කියයි.
සංවිධානාත්මක කල්ලිය කොල්ල කෑම්වලට යොදා ගත් යතුරු පැදි හතරක් පොලිස් ලාංඡන යොදා සකසා ගත් ඇඳුම් කට්ටල 5ක් කොල්ල කෑ මුදල්වලින් මිලදී ගත් තිරෝද රථ දෙකක් , කොල්ලකෑම්වලට යොදා ගත් ආරක්ෂක හිස්වැසුම් , තියුණු ආයුධ කීපයක් මෙන්ම ගිනි අවිය ද පොලිස් බාරයට ගෙන ඇත.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සංවිධානාත්මක කල්ලිය මෙහෙයවූ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි ගල්ඔලුවා නැමති හිටපු හමුදා සෙබලා හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් සමග හොරණ පොකුණුවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ගැනීම නියෝග ලබා ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මිල්ලනිය, කහතුඩුව, අගුරුවාතොට, පාදුක්ක, කොස්ගම, බුලත්සිංහල, බණ්ඩාරගම, කිරිඳිවැල, ඉංගිරිය හා කහතුඩුව පොලිස් වසම්වල ඉකුත් මාස කීපය තුළ පොලිස් නිලධාරීන් ලෙස නිවාසවලට කඩා වදිමින් සිදු කළ කොල්ල කෑම් දහයකට අධික ප්‍රමාණයක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් වෙස් ගත් කොල්ලකල්ලිය අල්ලයි
Bunny Preena Saturday, 22 July 2023 09:49 AM
මොවුන්ට හොඳට සලකන්න. තව තවත් අපරාධවල සුලමුල හෙළිවෙයි...