විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් දස්කම් දැක්වූ පොලිසියේ 17 දෙනෙක් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අතින් අද (10) පොලිස් මූලස්ථානයේ දී තෑගි ලදහ.

1998 කෑගල්ල හිරිවඩුන්න පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටියදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී සැකකරු එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින පොලිස් සැරයන් (17686) එල්.ජී.ජයලත් ට පොලිස්පති රුපියල් ලක්ෂ පහක් පිරිනැමීය.

මාස නවයක ගැබිනියකව  සිටියදී 2015.11.04 දින මහනුවර දුම්රිය හරස් මාර්ගයේ දී කාන්තාවක සිය දරුවා මාතලේ දුම්රියට තල්ලු කිරීම වැළැක්වූ කාන්තා පොලිස් කොස්තාපල් (1675), යූ.ජී.එස්.කේ. දිල්රුක්ෂි මහත්මියට පොලිස්පතිවරයා රුපියල් 1,50,000ක් පිරිනැමීය.

ඇයට උපන් දරුවාද සමග ඇය පැමිණ සිටියාය.

police_2016210879 police_20162108792 police_20162108793