ගල්කිස්ස හුලුදාගොඩ දී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයා හික්කඩුවේ කළුපේ කලවානේ අජිත් සම්පත් (23) බවට ඔහුගේ පියා විසින් අද හඳුනා ගැනිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මොහු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසියට වෙඩි තැබීම නිසා පොලිස් වෙඩි පහරින් පසුගිය 18 වැනි ඔහු මියගියේය. එහෙත් ඔහුගේ පියා ඒ.පී. නෙල්සන් මහතා කියනුයේ තම පුතා මීට වසර 4කට පමණ පෙර ගොඩනැගිලි පින්තාරුකරන්කු ලෙස කොළඹ ආ බවත් වසර 4කින් ඔහු නොදුටු බවත් ඔහු පොලිසියට කීවේය.  බිරිය විදේශ ගතව රැකියාවක් කරන බවත් අවුරුදු තුනක දරුවකු ද ඔහුට සිටින බවත් ඔහු පොලිසියට පැවසුවේය.