හෙරොයින් මත් කුඩු සොයා ගල්කිස්සේ හුළුදාගොඩ පටුමගේ නිවසකට ගිය පොලිසියට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව පතා පොලිසිය වෙඩි තැබූ විට පුද්ගලයකු මිය ගිය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මිය ගිය පුද්ගලයා කුඩු විකුණන්නකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
හෙරොයින් මත් කුඩු සොයා ගල්කිස්සේ හුළුදාගොඩ පටුමගේ නිවසකට ගිය පොලිසියට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව පතා පොලිසිය වෙඩි තැබූ විට පුද්ගලයකු මිය ගිය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මිය ගිය පුද්ගලයා කුඩු විකුණන්නකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් සම්පත්. මෙතන අදහස් දාල තියන වැඩි දෙනෙක් අනුමත කරන්නේ නීතිය මෙහෙම නීතිය ක්‍රියාවේ යොදවනවට තමා. (දී)
වෙන කාටහරි මෙහෙම දෙයක් වුනාම හුරේ කියන අපේ මිනිස්සු තමන්ට මෙහෙම දෙයක් වුනාම කියන්නේ මානව හිමිකම් උල්ලංගනය කලා කියලයි. දැන්වත් අපි හරි දැක්මක් ඇති කර ගතයුතුයි මෙහෙම දේවල් ගැන. තේරුම් ගන්න, මේ මිය ගිහිල්ලා තියෙන්නේ සැකකරුවෙක් පමණයි කියන එක. (දී)
නීතියෙන් හෝ අවනිතියෙන් කුඩු කාරයන් සමුල ඝාතනය කල යුතුය . පොලිසියට මගේ උපහාරය.(නදී)
අරටුව තිබියදී අතු සිඳීමෙන් ඇති පලය කුමක්ද? 100% හරි ලොකු අය ඉන්නවා යහතින් පොඩි උන් මරනවා.(නදී)
අපිට නම් මොන විදියකින් හරි කමක් නැහැ කුඩුකාරයෝ, පාතාලයෝ විනාශ වෙනවා නම්. (දී)
හුසේන් රියාද් කියන අදහස නම් මටත් එනවා මෙතෙනදී, මේක එහෙම දෙයක්දෝ කියල. එක්කෝ මේ පිටිපස්සේ ඉන්න මෝරාට ඕන වුනාද දන්නේ නැහැ මේ 'කරදරකාර' හාල් මැස්සාගෙන් නිදහස් වෙන්න. අපරාධ ලෝකේ හැටි එහෙමනේ. (නදී)
කුඩු ගෙන්වන මුදුන් මුලයි හොයාගන්න ඕනේ. කව්ද කියලා කව්රුත් දන්නවා. එයාවයි ඉවර කරන්න ඕනේ.(නදී)
ගිය සතියේ මිනි මැරුම් නඩුවක සැක කරුවකු වන අයෙකුට බෙහෙත් ගන්න රටයන්න ගමන් බලපත්‍රය අධිකරණය මගින් නිදහස් කලා කියලා ආරංචියි.(නදී)
මෙහෙම හරි මේ අයව මරණ එක හොදයි. නැත්නම් අපේ අර අහිංසක මන්ත්‍රී තුමාගේ නමයි කැත වන්නේ.(නදී)
"හැබයි කාටවත් ලැබෙන දෙයක් නම් නෑ." කාටවත් කිසිම දෙයක් ඕනෑ නැහැ. නමුත් රටට අපරාධකාරයෙක් නැති වුනා. ඒකයි අපට තිබෙන සන්තෝෂය. එයා පොලිසියට වෙඩි තිබ්බා නම් තව මොනවද එයා සැකකරුවෙකුද කියලා අහන්නේ. මොකද එයා තුවක්කු පාවිච්චි කරන්නේ අහවල් දෙයකටද. මොනවද මේ කතා? (දී)
මෙහෙම මිනිසුන් මරන්න අයිතියක් නැහැ පොලිසියට. වෙන රටක් නම් පොලිසියට විරුද්ධව පරීක්ෂනයකුත් කරනවා. බොහොමයක් අපේ තුන් වේල වඳින අය නම් හරි සතුටුයි මෙහෙම වෙනවට. (නදී)
මරණ දඩුවම මෙහෙම හරි ක්‍රියාත්මක වෙන එක හොදයි. බොරුවට හිරගෙවල් පුරවන්නේ නැතුව.(නදී)
සමහරවිට දේශපාලන බල පෑමක් නිසාද දන්නේනැහැ ඌව මරන්ඩ සිදුඋනේ . (අ)
මියගියාට පසුවද කුඩු විකුණන්නකු බවට හඳුනාගෙන තිබෙන්නේ? ඒ වැඩෙත් මාරයි නේද? (නි)
කුඩු වසංගතය නැති කරලම දාන්න ඕනෑ. අපේ රටට මහා පිලිලයක් මේක (නි)
සමන්, සන්තෝෂයි, ඔයා මධ්‍යස්ථව හිතලා. ගොඩක් අය හුරේ දාලා මිනිහෙක් මියගියාට. කවදා හරි තමන්ගේ අයෙකුට වුනදාට තේරෙයි. (දී)
ඇත්තටම හරි සතුටුයි, මොකද කොහොමහරි කුඩුකාරයෝ, මිනීමරුවෝ, පාදඩයෝ මේ ලෝකෙන් තුරන්වෙලා යනවට. (නි)
අර කුඩු සුදාගේ ගෝලයන් අල්ලනකොට එයාලා ආත්මාරක්ෂාවට වෙඩි තිබ්බේ නැද්ද දන්නේ නැහැ. (නි)
අපේ පොලිසියයි, එස්.ටී.එෆ්.එකයි ගැන දැන් මිනිසුන් තුළ තියෙන්නේ යහපත් ආකල්ප නෙමෙයි. මොන වරදක් කලත් රටක නීතියක් තියනවා. හරි හෝ වැරදි තීන්දුවන් දුන්නා නම් ඉවරයිනේ. (නි)
නියමයි (නි)
මේ ජාතියේ අය මෙහෙම හරි අඩුවෙන එක ලොකු දෙයක්.(නදී)
මේ රටේ සාමකාමී ජනතාවට කරදරයකින් තොරව සිටීම සදහා අපරාධකාරයන් කෙසේ හෝ තුරන්වීම යෙහෙකි.නමුත් එය දේශපාලන අනුග්‍රහය ලබන අයටද සිදුවිය යුතුය. (නි)
ලොකු කුඩ්ඩන් බාල් නටද්දී ,පොඩි කුඩ්ඩන් මියයයි (දී)
මෙහෙම හරි කමක් නැහැ .කුඩු භීතිය රටෙන් තුරංචි වෙනවා නම් .වැඩේ නම් පංකාදුයි.(අ)
මේ වගේ වුන් රටට පිළිලයක් එක එකා හරි අඩු වෙන එක ලොකු දෙයක්.කුඩු වලට සම්බන්ද හැම කෙනාටම මෙහෙම කරන්න අපේ පොලිසියේ මහත්වරුන්ට ශක්තිය ලැබේවා. (අ)
විද්දේ හාවට වැදුනේ පඳුරට නොවේ නේද? හෙට කුඩු සුද්ද වෙන එකක් නෑ නේද (අ)
මෙහෙම හරි සිතට සැනසිල්ලක් රටෙන් කුඩු විපත් නැතිවෙන එක අපිට් සතුටක් , රටට යහපතක්.
අරටුව තිබියදී අතු සිඳීමෙන් ඇති පලය කුමක්ද? (අ)
කුඩු බොන ඒකයි සිල්ලර වෙළන්දයි අල්ලල කුඩු වසංගතය කවදාවත් මර්ධනය කරන්න බැහැ තොග වෙළෙන්දන් නිදැල්ලේ ඉන්නෙකාට (අ)
මේ කුඩු අපතයෝ ටිකනම් නැතිවෙන එක රටට යහපතක්.(නදී)
තදයෙකුට කාට හරි ගේමක් දෙන්න ඕන වුනොත් වෙන්නේ ඔය විදියට තමා. ගේම දීලා ආයුදේකුත් දැම්ම නම්, සාමාන්‍ය පුද්ගලයත් මදාවියෙක්, කුඩුකාරයෙක්, නම ගිය අපරාධකාරයෙක් ලෙස හංවඩු ගැහෙනවා. ඔන්න ලෝකේ උතුම් රටේ වෙන දේවල්. (අ)
පොලිසියට මල් මිටක්, බලනකොට මේ නසල තියෙන්නේ හාල්මෙස්සෙක්නේ , රටේ ඉන්න තල්මසුන් කීපදෙනාටත් මේ හැන්දෙන්ම බෙදන්න ශක්තිය ලැබේවා, .(අ)
මේ සිද්ධිය භයානක ප්‍රවනතාවයක් කියන එක තේරුම් ගන්නවත් බහුතරය සමත් වී නැති බව මේ අදහස් වලින්ම පේනවා. (දී)
වරදකරුවන්න්ට නීතියෙන් දඩුවම් කලයුතුයි. ඔය විදිහට මරණ ගිණුමටම නිදොස් අයත් මරනවා සියාම් මැරුව වගේ. අරාබියේ නීතියේ හැටියට දැන් න මරණ දඩුවමට විරුද්ධ වෙන අය, අවනීතියෙන් කරන මේ මිනීමැරීම් සාදරනිකරණය කරන්න හදනවා. කනගාටුයි.(නදී)
මුදුන්මුලට වැඩෙන්න පොහොර වතුර දමලා අතු පමණක් කප්පාදු කරනවා...හරි ෂෝක්....(නදී)
චීනයේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ වගේ විදේශ වලින් මත්ද්‍රව්‍ය ගෙනෙන්නන් වහා නඩු අසා වෙඩි තබා මරාදමන්න. මේ උවදුර කොටි උවදුරටත් වඩා දරුණුයි. (නදී)
හැමෝම පිළිගන්නවා මේ අය මැරුවට කුඩු ව්‍යාපාරය ඉවර වෙන්නේ නැති බව. ඒත් මරපු එක හොදයිලු. මරල තියෙන්නෙ සැකකරුවෙක් මිස වැරදිකරුවෙක් නෙමේ. මේ මැරිල තියෙන්නේ අපි වගේම මනුස්සයෙක්. සමහරවිට වැරැද්දක් කරල ඇති. හරි පොලීසියක් හිටියා නම් මේවට හවුල් ලොක්කො කවුද කියල සාක්ෂි විදියට ඉදිරිපත් කරන්නත් තිබුනා. කොහොම උනත් අපේ ගොඩක් මිනිස්සුන්ට මේ මනුස්සයව මරල දාපු එක හිතට සහනයක්. හැබයි කාටවත් ලැබෙන දෙයක්නම් නෑ.(නදී)
කුඩු විකුණන හාල්මැස්සන් අල්ලනවට මගේ විරුද්යක් නැත. ඒ මොකද ඔය දැන් ඉන්න කුඩු මෝරු හැම එකාම පටන් ගත්තේ හාල්මස්සන් ලෙසයි. අහුවෙන එකා අල්ලන්න "රාළහාමි ".(නදී)
මෙන්න තවත් මැතිවරණ ප්‍රතිපලයක්. ගල්කිස්ස පලාත් සභාව තවත් වැඩි ඡන්ද 1කින් යුක්තිය පැත්ත ජය ගත්තේය ? අපේ බලවත් සුභ පැතුම් ගල්කිස්ස පොලිසියට ජයවේවා.(නදී)
පොලිස් වෙඩි පහරින් කුඩු සැකකරු මරුට කියල අපි අහලා තියෙනවා, නමුත් පොලිස් වෙඩි පහරින් ගංජා සැකකරු මරුට කියල අපි අහලා නැහැ.(නදී)
කැලේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්න මේකටද? දන්නේ නැති නිසයි මම අහන්නේ. (දී)