උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස විමර්ශණය කළ බවත්, උසස් පොලිස් නිලධාරීන් මෙම මරණය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදු නොකරන ලෙසට තමාට උපදෙස් ලබා දුන් බවත් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා ප‍්‍රකාශ ලබා දී ඇතැයි සී.අයි.ඩී ය අධිකරණයට කරුණු වාර්තා ඇත.

එසේම, මෙම මනුෂ්‍ය ඝාතනය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් යටපත් කිරීමට උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇති බවත්, එකී පොලිස් නිලධාරීන් විසින් ගරු අධිකරණයට ද අසත්‍ය කරුණු වාර්තා කරමින් නොමග යවමින් කටයුතු කර ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බවත් මෙහිදී රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බව දැන දැන තොරතුරු වසන් කර හෙළිදරව් නොකර සිටි බව කියන නාරාහේනපිට පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබිණ.