උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස විමර්ශණය කළ බවත්, උසස් පොලිස් නිලධාරීන් මෙම මරණය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදු නොකරන ලෙසට තමාට උපදෙස් ලබා දුන් බවත් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා ප‍්‍රකාශ ලබා දී ඇතැයි සී.අයි.ඩී ය අධිකරණයට කරුණු වාර්තා ඇත.
එසේම, මෙම මනුෂ්‍ය ඝාතනය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් යටපත් කිරීමට උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇති බවත්, එකී පොලිස් නිලධාරීන් විසින් ගරු අධිකරණයට ද අසත්‍ය කරුණු වාර්තා කරමින් නොමග යවමින් කටයුතු කර ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති බවත් මෙහිදී රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බව දැන දැන තොරතුරු වසන් කර හෙළිදරව් නොකර සිටි බව කියන නාරාහේනපිට පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබිණ.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"පොලිස් ලොක්කන් තාජුඩීන් ඝාතනය ගැන උසාවියට බොරු කිව්වා"
තිස්ස Saturday, 23 April 2016 02:53 AM
මේ සිද්ධියට සම්බන්ධ සියලුම පොලිසියේ උසස් නිලධරයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණවන්න.(හේ)
අමල් Saturday, 23 April 2016 03:06 AM
ඒ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්.(හේ)
පුංචිබණ්ඩාර Saturday, 23 April 2016 03:45 AM
අද අපේ රට පත්ව තිබෙන තත්වය ගැන හරිම දුක හිතෙනවා. මිනිසුන්ගේ ඡන්ද අරගෙන මෙහෙම අපරාධ කරන එක හරිද? අනේ අපේ දරුවන්ගේ අනාගතය කොහොම වෙයිද? (නි)
රොකී Saturday, 23 April 2016 03:46 AM
තාජුඩීන් මිනීමැරුම ගැන හොයනවාට විරුද්ධ අයත් මෙතන අදහස් දාලා. ඒකනේ පුදුමේ! මිනීමරුවන් රකින්න හදන නරුමයන් ඉන්න රටක නොවැ අපි ඉන්නේ? එක්කෙනෙකුට කන්නත් නැහැ වගෙයි කතා කරන්නේ. දහම් නෙමෙයි.. අදහම්! (නි)
ඉන්දු Saturday, 23 April 2016 11:46 PM
ඔබ හරි ගයාන්. මේ අදහස් දාන ගොඩක් අය මෑත ඉතිහාසයවත් නොදන්නා අයයි. (නි)
ඇසළ Saturday, 23 April 2016 05:33 AM
දැන් ඉන්න තරුණයෝ දන්නේ නැතිවුණාට පරණ උදවිය දන්නා ඉතිහාසයේ පිදුරු කොලෙන් මිනීමැරුම් නඩු විසිකරපු නීතිය තමයි ලංකාවේ තවම තියෙන්නේ. (නි)
ප්‍රසන්න Saturday, 23 April 2016 05:59 AM
දහම්, සුසන්ත, අබය, මේ එලිවන්නේ එක්තරා තාජුඩීන් නැමැත්තෙකුගේ මිනීමැරුම ගැන පමණක් නොවේ. සුදු පිරුවට ඇදගෙන පන්සල් ගානේ යන ඇතැම් දේශපාලුවන්ගේ නිරුවතයි. ඒක දේශපාලන වශයෙන් යම් හෝ මොළයක් තියෙන මිනිසුන්ට වැදගත් (නි)
ගොඩ්ෆ්‍රී Friday, 22 April 2016 03:07 PM
පොලිසියටද මෙලෙස කිරිමට අණක් ලැබුණු තැනක් ඇත එතැන සෙවීම අද පොලිසිය හරහාම කිරීමට හැකිය. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. නියම මිනි මරුවන් අල්ලා දඩුකදේ ගසන තුරු අපිද මගබලා සිටිමු. (ර)
අසංක Friday, 22 April 2016 03:11 PM
හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට.... (ර)
දහම් Friday, 22 April 2016 03:31 PM
මේ සංදර්ශන නම් දැන් ජනතාවට තිත්ට්ත වෙලා තියෙන්නේ. ජීවත්වෙන්න සහන දෙන්න. දිනපතාම ජීවන වියදම ඉහල යනවා. (ර)
ශ්‍රීමාලි Friday, 22 April 2016 03:55 PM
මේක මිනි මැරුමක් නම් , තව ඇද ඇද යාමෙන් තේරුමක් නැ. මිනීමරුවන් කවුරු වුනත් ඉක්මනින්ම නීතිය ඉදිරියට ගෙන ආ යුතයි . (ර)
අසංක Friday, 22 April 2016 04:07 PM
ජිනීවා යන්න තවත් අවස්ථාවක් .... (ර)
සුමිත්‍රා බස්නායක Saturday, 23 April 2016 06:45 AM
තාජුඩීන් විතරක් නෙමෙයි තව මොනතරම් අහිංසකයින් මරලා යහතින් වැජඹිලා ඉන්න නරුමයෝ අද ඉන්නවද? ඒවා ගැන කිසි කෙනෙක් කතාකරන්නෙත්, හොයන්නෙත් නැහැ. දේශපාලන වාසි තකා මේ කරන විගඩම් කවදා කොතනින් කෙළවර වෙයිද හිතාගන්නත් අමාරුයි. විසඳලා තියන මිනීමැරුම් වලට වඩා වළලා තිබෙන මිනීමැරුම් අපමණයි....... (නි)
උපුල් Friday, 22 April 2016 06:20 PM
ජනතාවට නම් මේ රජය තවම තිත්තවෙලා නැහැ. එ්ත් එහෙම කියලා යහපාලන ආණ්ඩුව ගමන් කරන්නේද ඔවුන්ට දුන් ජනවරමට අනුව නොවේ. නැත්තේත් නොවේ. හෙමි හෙමින් නමුත් ප‍්‍රතිසංස්කරණ මාවතේ. ඒ හින්දා ආණ්ඩුව නියම මාර්ගයට ඇද ගැනීම රටේ මහජනතාවගේ වගකීමයි (නි)
මනෝජ් Friday, 22 April 2016 06:39 PM
අනේ දහම්, ඔයාට කන්නවත් නැද්ද? (නි)
සුසන්ත Friday, 22 April 2016 06:54 PM
මම එ්ත් බැලුවා හදිසියේ තාජුඩීන් මතක්වෙලා තියෙන්නේ මොකද කියලා. පස්සෙනේ දැක්කේ, උතුරින් වෙනම පාලනයක් සම්මත කරගෙනලු. දැන් ඉතින් සිංහලයෝ දෙපිල බෙදිලා තාජුඩීන් මැරුවේ කවුද කියලා වාද කරයි. (නි)
අනිල් Friday, 22 April 2016 06:56 PM
තමන් බේරෙන්නත් එපැයි ඉතින් මේ උගුලෙන් (නි)
ගංගා Saturday, 23 April 2016 07:50 AM
මහ මොළකාරයා ළඟදීම දැනගන්න පුලුවන්වෙයි (නි)
අසාද් Saturday, 23 April 2016 08:03 AM
දහම් බය වෙලාද කොහෙද? සන්දර්ශනය තවම හරියට පටන්ගත්තේ නැහැ. පටන්ගත් දවසට ඔය වීරයෝ ගොඩක් හිරගෙදරට යයි. (නි)
පිටිගල මිලානෝ Friday, 22 April 2016 08:27 PM
හිටපු සමහර පොලිස් මහත්තුරුත් මේවාට හවුල්ද කියලා සොයලා බලන්න. (නි)
පද්මිණි Friday, 22 April 2016 08:27 PM
දහම්,ජීවත්වීම අහිමිකිරීමක් ගැනයි කියන්නේ මෙතන. සාධාරණය ඉටුවිය යුතුමය. (නි)
අබය Friday, 22 April 2016 08:48 PM
පහුගිය කාලේ අපේ රටට කිවනොහැකි සේවයක් කළ වගේම ජනතා හදවත් තුළ අමරණීයව තැන්පත් වූ රණවිරුවන්, දේශමාමකයින් සහ කලාකරුවන් ආදී නොයෙකුත් වෘත්තිකයින් කී දෙනෙකු ඝාතනයට ලක්වූවාද? ඒ එක මිනීමරුවෙකු වෙනුවෙන්වත් පසුතැවිලි නොවුණ ප්‍රධාන දෙපක්ෂයම මේ තාජුඩීන් නැමැත්තාගේ මිනීමරුවන් සොයන්නට වලිකන්නේ ඔහු ජනතාවගේ හදවත් තුළ සිටින නිසාද? නැත්නම් රට ජාතිය වෙනුවෙන් සටන්කොට ජීවිතය පරදුවට තබා ක්‍රියාකළ අයෙකු නිසාද? අපරාධයක් සොයා දඬුවම්දීම නීතියෙන් කළයුතු දෙයක් වූවත් තාජුඩීන් මරණය උලුප්පා දක්වමින් කරන ක්‍රියා නවත්වන්න යැයි අපි කියමු. (නි)
ඉන්දු Saturday, 23 April 2016 08:58 AM
නිරංග, 88-89 කාලය මතක් කිරීම කාටවත් කඩේ යාමක් නොවෙයි. මරා දැමුණු සෑම කෙනෙකුටම තාජුඩීන්ට වගේම යුක්තිය ඉටුකළ යුතු බව මතක් කිරීමක් පමණයි. අැයි ඔයා බයවෙලා..? (නි)
චතුරි ෆොන්සේකා Saturday, 23 April 2016 09:01 AM
අර උතුරේ යමක් සම්මතවෙලා නේද? මෙහේ දැන් තාජුඩීන් ගැන හොයනවා. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ නුවණ නැති අය බව හොඳින්ම පෙනෙනවා. (නි)
අයිවන් Friday, 22 April 2016 09:06 PM
දහම්, හැමවිටම බඩ ගැන විතරක් හිතල බැහැ (නි)
බණ්ඩාර Saturday, 23 April 2016 09:22 AM
ඔය දැන් ටික ටික එළිවෙන්නේ... (නි)
අමරපාල Friday, 22 April 2016 09:42 PM
අර ඇමතිතුමාගේ වාහනයට හැපුනු තරුණයාට මොකද වුණේ කියලා හොයන්න කිසිමකෙනෙක් නැත. අවුරුදු ගණනාවක් පරණ තාජුඩීන්ගේ මරණයට දිනපතාම පරීක්ෂණ. කවදාද මේවා නිමවෙන්නේ? (නි)
විජේ Friday, 22 April 2016 09:53 PM
අනිත් මිනිස්සු මරලා හරි දහම් මහත්තයට කන්න දුන්නොත් තමා හොඳ. අනේ මෙහෙමත් මිනිස්සු! එහෙමනේ ගිය ආණ්ඩුව එයාලට කන්න දුන්නේ (නි)
නිම්මි Saturday, 23 April 2016 09:29 AM
සුසන්ත හරියට හරි. සිංහල අයට ඕවා තේරෙන්නේ නැතිවුණාට සමහරු තැටිය රත්වුණ වෙලාවේ රොටිය පුච්චා ගන්නවා. (නි)
විරාජ් Friday, 22 April 2016 11:06 PM
අර බලපුළුවන්කාර කාන්තාවගේ චණ්ඩිකම් වලදී පොලිසිය සාධාරණය ඉෂ්ටකළේ නැහැ. එතකොට යහපාලනය කරන්නේ මොකක්ද? ඒකම නේද? (නි)
පෙරේරා Friday, 22 April 2016 11:08 PM
පහළම පුරුකෙන් පටන්ගෙන ඊට ඉහළ කෙනාගේ නම හෙළිකරගෙන ටික ටික පොටෙන් පොට ඉහළට ගියාම මිනී මැරුමේ මහා මොළකාරයා සාක්ෂි ඇතුව අපූරුවට එළිවෙයි. (නි)
ගයාන් Saturday, 23 April 2016 09:54 AM
පිටබැද්දර ජයා, ඔයාගේ වයස කීයද? එක තරුණයෙක් නෙමෙයි, තරුණයෝ දහස් ගානක් පාරේ බල්ලෝ බළල්ලු වගේ මරාදාපු කාලේ ගැන ඔයාගේ දෙමව්පියන්ගෙන් අහන්න (නි)
ශාන්ත Friday, 22 April 2016 11:37 PM
කන්න අඳින්නත් ජීවත්වෙලා ඉන්න එපායැ දහම්. අන්න ඒ සරල දේ තේරුම් ගන්න. දේශපාලනය නිසා අයුක්තියට අසාධාරණයට ඔව් කියන්න එපා. අපි ඒ සංස්කෘතිය නවත්වමු. (නි)
ටෙනිසන් Saturday, 23 April 2016 12:30 AM
මෙතුමාගෙන් වැදගත් තොරතුරු රැසක් දැනගන්න පුළුවන්වෙයි (නි)
ප්‍රියා Monday, 25 April 2016 02:56 AM
සුමිත්‍රා ,ගයාන්, නිම්මි , ඉන්දු, ඔයාලටත් ඔයාලගේ නායකයන්ටත් අවුරුදු 20 කටත් වැඩි කාලයක් තිබුනමියගිය තරුණයෝ ගැන හොයන්න .හෙව්වද? හෙව්ව්වද? හෙව්ව්වද? දැන් මොකද මේ අනුකම්පාවක්. නිකම් බොරුව එපා අනේ. ඔයාල කලබල වෙලා තියෙන්නේ ඇයි කියල තේරෙනවා. (රේ)
දොන් Saturday, 23 April 2016 12:52 AM
වීඩියෝ දර්ශනවත් නැතුව, මරණය සිදුවුණේ කොහොමද කියා හරියටම නොදැන මෙය මිනීමැරුමක් යැයි ස්ථිරවම කියන්නේ කෙසේදැයි යන්න මට ගැළුවකි (නි)
ඉන්දු Saturday, 23 April 2016 12:56 AM
ඡන්දයක් කිට්ටු වෙනකොට තාජුඩීන් උඩට එනවා. ආයෙම කතාව හැමෝටම අමතක වෙනවා. 88-89 වගේ කාලයක් ආයෙත් එයි කියලා කවුද හිතුවේ? වැරදිකරුවන් සොයා දඬුවම් කරනවා නම් හොඳයි. (නි)
පිටබැද්දර ජයා Saturday, 23 April 2016 01:30 AM
කන්න බොන්න පස්සේ බැරියෑ. මුලන් නිදහස් පුරවැසියෙක් හැටියට ජීවත්වෙලා ඉන්න ඕනෑ නේද? මේ තරුණයට අහිමිකළේ ඒ නිදහස නම් හෙට දවසේ අපිට කුමක් වේවිද? ඒ නිසාම මේ මරණයට වගකිවයුත්තන් නිසියාකාරයෙන් පරීක්ෂණ කොට කොපමණ කල් ගතවුණත් නිවැරදි සාක්ෂි සමඟින් ගරු අධිකරණයට ඉදිරිපත්කොට, මතුවට මෙවන් අපරාධ කරන්නට මානබලන පුද්ගලයන්ටද පාඩමක් වන අයුරින් දඬුවම් ලබාදීම යහපාලනයේ නොව නීතිය සාමය රකින සහ යුක්තිය පසිඳලන ආයතනවලද වගකීම සහ යුතුකම වේ (නි)
අසංක Saturday, 23 April 2016 01:32 AM
මේක ටික ටික උඩට යනකොට මේකේ උඩින්ම නියෝගය ආ තැන හොයාගන්න පුලුවන්. (නි)
පියුමාල් Saturday, 23 April 2016 01:35 AM
හොඳ හොඳ දේවල් ඉදිරියට දැනගන්න පුළුවන්වෙයි (නි)
නිරංග Saturday, 23 April 2016 01:35 AM
ඇයි ඉන්දු මහින්දට ඔයතරම් කඩේ යන්නේ? දැන් කට්ටියට හරි බයයි (නි)
මුණසිංහ Saturday, 23 April 2016 01:44 AM
වාචික සාක්ෂි පමණයි තවමත් තියෙන්නේ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. මේවා අහලා කැකිල්ලේ තීන්දු දෙන්නත් ඉඩ තියෙනවා. (නි)
රන්ජන් Saturday, 23 April 2016 01:49 AM
දොන් මහත්මයා, වීඩියෝ තාක්ෂණය ආවෙ මේ මෑතකදීනෙ. ඊටකලිනුත් මීටත් වඩා සංකීර්ණ මිනීමැරුම් කොයිතරම් විසඳලා තියෙනවද. (නි)
හරිත Saturday, 23 April 2016 02:30 AM
අපි ඒක දැනගෙන හිටියා.(හේ)