රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණයේ මුලික කටයුතු වලදී පොලිසියේ ඉහළ නිලධරයන්ගේ ඇඟිලි ගැසිම් ගැන රහස් පොලිසිය කරුණු සොයා ගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ අද (12) කරුණු දැක්වීය.
රහස් පොලිසිය පොලිස් නිලධරයන් විසි දෙනෙකුගේ කටඋත්තර ලියාගෙන ඇතැයි ද ඔවුන්ගේ ප්‍රකාශ එකිනෙක පරස්පර යැයි ද ඔහු ද කිවේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි චතුර ගල්හේන කියා සිටියේ මුල් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරි කණ්ඩායමේ ක්‍රියාකලාපය සොයා බැලීමට විනය කමිටුවක් පත් කර ඇති බවයි.එම කමිටුව හමුවට ලබන ජුනි මාසයේ දී පැමිණෙන ලෙස ඔවුනට දන්වා ඇතැයි ද ගල්හේන මහතා කියා සිටියේය.
රජයේ නිතිඥ රත්නායක මහතා තවදුරටත් කරුණු දක්වමින් කියාසිටියේ තාජුඩීන්ගේ මුදල් පසුම්බිය කිරුලපන දී සොයා ගත් අවස්ථාවේ දී නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලකගේ හැසිරිම ප්‍රශ්නකාරි බවයි.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින ඔහු ලබන 26 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
තාජුඩීන් හා සැකකරුවන් අතර පැවති බව කියන දුරකථන කතාබහේ තොරතුරු සම්බන්ධ විස්තර රහස් පොලිසියට දෙන්නැයි මොබිටෙල් සමාගමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
කැනඩාව හා එංගලන්තයේ විද්‍යාඥයන්ගේ සහායෙන් ආරක්ෂිත කැමරා වීඩියෝ ගැන රහස් පොලිසිය සොයා බලන බවද රත්නායක මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක චිත්‍රපටියක් ද ? (බ)
වුණු දේවල් සියල්ලම මුළු ලෝකෙම දන්නවා මොනවද මේ විකාර ...(බ)
පොලිසිය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
නීතියෙන් යුක්තිය ඉටු නොවුණහොත් ස්වභාව ධර්මයෙන් හෝ අපරාධකාරයින්ට දඬුවම් ලැබෙයි කියලා අපිට හැඟෙනවා. (නි)
රටේ තිබෙන දැවෙන ප්‍රශ්න යටගහන්නත්, මෝඩ මහජනයා අන්දවන්නත් හොඳම ක්‍රමය තමයි වසීම් තාජුඩීන්. ඔහොම යමු ඔහොම යමු. (නි)
මේ අයට තියෙන හදිස්සියට උසාවිය නඩුව අහලා පැරදුනාම පොලිසියට බණිනවා හරියට පරීක්ෂණ කළේ නැහැ කියලා (නි)
අනේ මන්දා මේක කවදා හමාරවෙයිද කියලා (නි)
වැට් වැඩිවෙන එක මේවායින් මිනිසුන්ට අමතකවේද? රටේම ප්‍රශ්න ඔය විදිහට එක දෙයකින් වහන්න හදන්න එපා! (නි)
තරාතිරම නොබලා දඬුවම් දෙන්න. (ර)
අපි පුල පුල පුල බලා සිටිනවා යුක්තිය ඉටු ඉටු ඉටුවන තුරු. (ර)
කවුරු කලත් මෙවැනි වැඩ ආපහු නොකරන්න මෙයට සම්බන්ද සියලුම දෙනාට දඩුවම් දිය යුතුය. (ර)
ඊලග ඡන්දෙ එනකන්ම මෙහෙම ඇදගෙනම යයි... (ර)
දැඩි දඬුවම් දෙමු. (ර)
මේකට සම්බන්ධයි කියන පොලිස් ලොක්ක ගැන දැන් රටේ කවුරුත් වගේ දන්නවා.මිනිහ නොටෝරියස් බඩුවක්ලු ! එ්ත් තවම නැහැ නොව මිනිහට අත තියන බවක් පෙනෙන්නේ! (බ)
මොන වැඩේ කරන්න ගියත් ඉහළින් එන ඇඟිලි ගැසීම් වල නම් අඩුවක් නැහැ (නි)
ඇයි ඒ අය නීතිය ඉදිරියට ගේන්න බැරි.(හේ)