IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘පොලිස් ලොක්කන් ඇඟිලි ගහලා’

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණයේ මුලික කටයුතු වලදී  පොලිසියේ ඉහළ නිලධරයන්ගේ ඇඟිලි ගැසිම් ගැන රහස් පොලිසිය කරුණු සොයා ගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ අද (12) කරුණු  දැක්වීය.

රහස් පොලිසිය පොලිස් නිලධරයන් විසි දෙනෙකුගේ කටඋත්තර ලියාගෙන ඇතැයි ද ඔවුන්ගේ ප්‍රකාශ එකිනෙක පරස්පර  යැයි ද ඔහු ද කිවේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි චතුර ගල්හේන කියා සිටියේ මුල් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි  ආනන්ද සමරසේකර  ඇතුළු අධිකරණ වෛද්‍ය  නිලධාරි  කණ්ඩායමේ ක්‍රියාකලාපය සොයා බැලීමට විනය කමිටුවක් පත් කර  ඇති බවයි.එම කමිටුව හමුවට ලබන ජුනි මාසයේ දී  පැමිණෙන ලෙස ඔවුනට  දන්වා ඇතැයි ද ගල්හේන මහතා  කියා සිටියේය.

රජයේ නිතිඥ රත්නායක මහතා තවදුරටත්  කරුණු දක්වමින් කියාසිටියේ තාජුඩීන්ගේ මුදල් පසුම්බිය කිරුලපන දී සොයා ගත්  අවස්ථාවේ දී නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලකගේ හැසිරිම ප්‍රශ්නකාරි බවයි.

දැනට  රිමාන්ඩ් බාරයේ සිටින ඔහු ලබන 26 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

තාජුඩීන් හා සැකකරුවන් අතර  පැවති බව කියන දුරකථන කතාබහේ තොරතුරු සම්බන්ධ විස්තර රහස් පොලිසියට දෙන්නැයි මොබිටෙල් සමාගමට මහේස්ත්‍රාත් නියෝග කළේය.

කැනඩාව හා එංගලන්තයේ විද්‍යාඥයන්ගේ සහායෙන් ආරක්ෂිත කැමරා  වීඩියෝ ගැන රහස් පොලිසිය  සොයා බලන බවද රත්නායක මහතා  කියා සිටියේය. 



අදහස් (0)

‘පොලිස් ලොක්කන් ඇඟිලි ගහලා’

අනුර Thursday, 12 May 2016 03:34 PM

මේක චිත්‍රපටියක් ද ? (බ)

:       0       0

ඩයස් . Thursday, 12 May 2016 03:35 PM

වුණු දේවල් සියල්ලම මුළු ලෝකෙම දන්නවා මොනවද මේ විකාර ...(බ)

:       0       0

නුවන්‍‍ Friday, 13 May 2016 07:19 AM

පොලිසිය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

සත්‍යයා Thursday, 12 May 2016 09:25 PM

නීතියෙන් යුක්තිය ඉටු නොවුණහොත් ස්වභාව ධර්මයෙන් හෝ අපරාධකාරයින්ට දඬුවම් ලැබෙයි කියලා අපිට හැඟෙනවා. (නි)

:       0       0

දොන් Thursday, 12 May 2016 09:36 PM

රටේ තිබෙන දැවෙන ප්‍රශ්න යටගහන්නත්, මෝඩ මහජනයා අන්දවන්නත් හොඳම ක්‍රමය තමයි වසීම් තාජුඩීන්. ඔහොම යමු ඔහොම යමු. (නි)

:       0       0

විජේ Thursday, 12 May 2016 10:05 PM

මේ අයට තියෙන හදිස්සියට උසාවිය නඩුව අහලා පැරදුනාම පොලිසියට බණිනවා හරියට පරීක්ෂණ කළේ නැහැ කියලා (නි)

:       0       0

අතුල Friday, 13 May 2016 12:23 AM

අනේ මන්දා මේක කවදා හමාරවෙයිද කියලා (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 13 May 2016 01:31 AM

වැට් වැඩිවෙන එක මේවායින් මිනිසුන්ට අමතකවේද? රටේම ප්‍රශ්න ඔය විදිහට එක දෙයකින් වහන්න හදන්න එපා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 May 2016 11:18 AM

තරාතිරම නොබලා දඬුවම් දෙන්න. (ර)

:       0       0

ප්‍රියා Thursday, 12 May 2016 11:23 AM

අපි පුල පුල පුල බලා සිටිනවා යුක්තිය ඉටු ඉටු ඉටුවන තුරු. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 12 May 2016 12:00 PM

කවුරු කලත් මෙවැනි වැඩ ආපහු නොකරන්න මෙයට සම්බන්ද සියලුම දෙනාට දඩුවම් දිය යුතුය. (ර)

:       0       0

පැටලී Thursday, 12 May 2016 12:09 PM

ඊලග ඡන්දෙ එනකන්ම මෙහෙම ඇදගෙනම යයි... (ර)

:       0       0

අල්විස් Thursday, 12 May 2016 12:57 PM

දැඩි දඬුවම් දෙමු. (ර)

:       0       0

රොකී Thursday, 12 May 2016 01:32 PM

මේකට සම්බන්ධයි කියන පොලිස් ලොක්ක ගැන දැන් රටේ කවුරුත් වගේ දන්නවා.මිනිහ නොටෝරියස් බඩුවක්ලු ! එ්ත් තවම නැහැ නොව මිනිහට අත තියන බවක් පෙනෙන්නේ! (බ)

:       0       0

නාමල් Friday, 13 May 2016 06:20 AM

මොන වැඩේ කරන්න ගියත් ඉහළින් එන ඇඟිලි ගැසීම් වල නම් අඩුවක් නැහැ (නි)

:       0       0

ජයන්ත Thursday, 12 May 2016 03:10 PM

ඇයි ඒ අය නීතිය ඉදිරියට ගේන්න බැරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site