(නිමන්ති රණසිංහ)
නාරහෙන්පිට පොලිස් රෝහල් නේවාසිකාගාරය ආසන්නයේ තිබී ජීව උණ්ඩ 8 ක් සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් නාරාහෙන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතාට අද (24) කරුණු වාර්තා කළේය.
මෙම ජීව උණ්ඩ කවර වර්ෂයට අයත් ඒවා ද මේවා එම ස්ථානයට රැගෙන විත් දැමුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ජීව උණ්ඩ සොයා ගත් ස්ථානය සොකෝ නිලධාරීන් හා ඇඟිලි සලකුණු නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූ බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම ජීව උණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව අධිකරණයෙන් අදාළ නියෝග නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd