(වීඩියෝ දසුන් සහිතයි)
අලුතින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතියට එකඟ බව නීතීඥ ජේ සී වැලිඅමුණ සහ උපුල් ජයසූරිය මහත්වරු කියති.
නීපති දෙපාර්තමේන්තුවේ එක්තරා පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නිසා එහි විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න මතුවී ඇතැයි ද ඔවුහු පවසති.
යහපාලනය ආ පමණින් අධිකරණයට කලින් පත් කැරුණු විනිසුරුවරුන් ඉවත් වී නැති බව ද, විලංගුවේ සිටිය යුතු පුද්ගලයන් අධිකරණවල කටයුතු කරන බව ද නීතීඥ උපුල් ජයසූරිය මහතා කීවේය.
ඔවුන් එලෙස කීවේ ස්වාධීන රූපවාහිනියේ ‘නඩුව‘ වැඩසටහනට සහභාගී වෙමිනි.
අධිකරණය සම්බන්ධ කාරනා රැසක් ගැන ඔවුහු කතා කළහ.
(වීඩියෝ ස්වාධීන රූපවාහිනී අනුග්‍රහයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියකිරට බළලුත් සාක්කිලු! (කේ)
තර්ජනය කරලා උද්ඝෝෂණ කරලා අග විනිසුරු එලවන එකත් නිත්‍යනුකූලයි කියලා හිතන කට්ටිය කියන කතාවක්නේ මේකත් (බ)
හරි හරි ..ඔයාල කියනවනම් ඔක්කොම හරි..එහම තමයි වෙනවා ඇත්තේ..මොකද මේ දෙන්න යහපාලනේදී අගවිනිසුරුටත් වඩා බලවත් දෙන්නෙක්නෙ. එයාල තමයි අගවිනිසුරු එලවන්නේ..විනිසුරු වරු පත් කරන්නේ..(කේ)
මේක සිරිකොත පක්ෂ රැස්වීමක් නේද? (බ)
දැන් මුළු රටම අවුල්. මහා බැංකු මහා හොරකම. තව තව තැන්වල පොඩි පොඩි හොරකම්. මේ රට අවුල් කලාට ඔයගොල්ල වග කියන්න ඕනේ ජනතාවට.(කේ)
ඔබතුමන්ලා කියන කතාවේ හැටියට දැන් එහෙනම් විලංගුවේ සිටිය යුතු සහ නැති අය කියලා මහා ජනතාව කොහොමද ඔබ තුමන්ලව හඳුනා ගන්නේ? ඒ කියන්නේ අධිකරණ පද්ධතිය දැන් අවුල් සහගතද? (කේ)
මේ දෙන්නම අහවල් පක්ෂෙට කඩේ යන දෙන්නෙක්.මෙයාලා කියන ඒවා අපි විශ්වාස කරන්න ඕනද? (බ)
දැන් බලාගෙන යනකොට මේ ඔක්කොම හොරකම් වෙලා තියෙන්නේ මේ දින 100 තුලදිනේ. මීට කලින් කිසිම හොරකමක් වෙලා නැති විදියට සමහරු කතාකරන්නේ. ලංකාදීප පත්තරේ අද තියෙන කතාව විතරක් කියවල හිටියොත් හොඳා. ලක්ෂ 220ක් මහජනතාවගේ සල්ලි තමුන්ගේ පුද්ගලික බුදලයක් වගේ වියදම් කරලලු දේශපාලකයෙකුට. දැන් මේකත් වෙලා තියෙන්නේ යහපාලනය යටතේ වෙන්න ඇති. (බ)
මේ දේවල් වැඩිය ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි (නි)
මුළු රටම එයාලගේ පැටිකිරිය දන්නවා. (නි)
පාඨකයිනි, තීන්දුව ඔබ අතේයි (නි)
සුනිමල්, ඔක්කොම 'ලු' විතරනේ. තාම කිසිම දෙයක් ඔප්පු කළාද?(නි)
හොරකම් කරන අය හොරකම් වලට පක්ෂයි. හොරකම් නොකරන අය හොරකම් වලට විරුද්ධයි (නි)
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ආයෙත් රටේ අවුල් නම් ඇතිකරන්න එපා (නි)
නමුත් ගිය ආණ්ඩුවේ හිටපු යහපාලන තනතුරු ගත් කිසිවෙකුට චෝදනා නැහැ. මහින්දගේ රැස්වීමකට ගියොත් පසුවදා ෆයිල් එක උසාවියේ. පුදුම සාධාරණ අපක්ෂපාති දේවල්නේ මේවා (නි)
දින 100ක් ඇතුළත මේ තරම් දෙයක් කළා නම් තව අවුරුදු 5ක් ගියොත් වෙන දේවල් ගැන හිතාගන්නත් අමාරුයි. (නි)
දැනට රටේ කිසිම ප්‍රශ්නයක් විසඳා නැහැ. පැලැස්තර බඳිනවා විතරයි. (නි)
අපිට තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න (නි)
දැන් මේක නීත්‍යානුකූල නැහැ කියලා කිවුවේ කවුද? (නි)
ඔන්න. ඡන්දය දුන් අය බලාගන්න දැන් වෙන දේ... (නි)
පොඩි හොරු තවම හැමතැනම ඉන්නවා (නදී)
එතකොට ඔය තැන්වල ඉන්න ඕනෑ මේ රජයට පක්ෂපාති අය විතරද? මේ අයගේ කතාවලින් මට නම් හැඟෙන්නේ තීන්දු ගන්නේ දේශපාලන අරමුණු වලින් කියලයි (නි)
අපිට එච්චරයි ඕනෑ (නි)
කට්ටියගේ පාට හොඳට පේනවා. පුවත කියන්නේ පොලිස් මූල්‍ය කොට්ඨාසය නීත්‍යනුකූලයි (නදී)
අවුල් කරන පුද්ගලයා අහාවලාගේ පාර්ෂවයේ කෙනෙක්.හැමදේම අවුල් නොකර කොහොමද කරපු මගඩි වැඩවලින් බේරෙන්නේ. (බ)
යහපාලනය මගින් රට අගාධයට ......(බ)
සාමාන්‍යයෙයන් සත්‍යනම් හොරු චෝදනාවලින් බේරීමට පවතින පාලනය සමග එකතු වෙන එකයි. නමුත් ආණ්ඩුවේ සමහර අය කියන්නේ මහින්ද සමග ඉන්නේ හොරු බවයි. එය කෙසේවත් සිදුවිය නොහැක්කක්. මන්ද චෝදනාවලින් ගැලවීම සොයන්නෝ කිසිලෙසකවත් දේශපාලන බලය නැති තැනකට එක් නොවන බැවිනි (බ)
මෙය සාධාරණීකරණය කරන එක් අයෙක් එජාප ශාඛා සමිතියක් බඳු නීතීඥ සංගමයේ සභාපති, අනෙක් තැනැත්තා මේ රටට වඩා අතට එන ඩොලර් වලට කෑදර එන්ජීඕ ඩොලර් කාක්කෙක් (බ)
අලියාගේ හැටි කිවුව "අන්ධයෝ" 7 දෙනා වගේ (බ)
ලොකුම හොරු ඉන්නේ යහපාලනයට සෙට් වෙලා .....ඉතින් තව මොන කතාද...(බ)
දීකිරට බළල්ලුත් සාක්කිලු! (බ)
යහපාලනය වටා රොක් වුණු පළමු වරට ඡන්දය දුන් 90 දශකයේ සෙට් එක දැන් අන්ද මන්ද වී ඇත...(බ)
බැදුම්කරයේ සිට කරුංක ගෙඩිය දක්වා යහපාලන හොරකම පැතිර අවසන්.. (බ)
ෆේස්බුක් එකේ තරුණ යහපාලන සෙට් එක රටේ ඉතිහාසය නොදන්නා පිරිසක් කියා දැන් ඔප්පු වී හමාරය..(බ)
මේ දෙන්නගෙන් එක්කෙනෙක් අලුත් ආණ්ඩුවේ කොමිසමක් හරහා සල්ලි අරගෙන කියල එක වෙබ් එකක තිබුණා. ජනතා සේවය වෙනුවෙන් වෙන්න ඇති අනෙක් කෙනා නම් ආයෝජන මණ්ඩලේ සභාපතිනේ දෙන්නම එළිපිට එජාපයට කඩේ යන ගමන් තමන්ට හොදට හම්බකරගන්නවා අනේ අපි ඉපදිල තියෙන රටේ හැටි හොරු ගැන හොයන්නෙත් හොරු (බ)