පුත්තලම බස් නැවතුම්පොළේ පොලිස් මුරපොළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කාර්යාලයක් අද විවෘත විය.
පුත්තලම නගර සභාව සතු මෙම ගොඩගිල්ලේ පසුගිය වසර තුන තිස්සේම පොලිස් මුර පොල පැවතියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එය විවෘත කළේය.
පුත්තලම ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයය එයයි.
කාර්යාලයය විවෘත කළ සැණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයඹ අපේක්ෂකයන්ගේ දැන්වීම් එහි ප්‍රදර්ශනය කැරිණි.
අද සිට නගරයේ පොලිස් මුරපොළ ඉවත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ඡන්දයක් පැවැත්වෙන බවට පෙර ලකුණු... (නි)
එහෙනම් අපි දැන් පටන් ගනිමු (නි)
මීට කලින් මෙහෙම දෙයක් අහල නැහැ නේද?. ඒක තමයි ඓශ්චර්යය. (ත)
නීතිය වල් වැදී ඇති බවට හොද සාක්කියක්ද? (ත)
අයියෝ, ඕක ගණන් ගන්න එපා.
පොලිස් මුරපල ඉවත් කලාට හමුදා මුරපල තියනවා නේ.(නදී)
අමාත්‍ය වරුන්ගේ දැක්මට අනුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ වැනි දේවල් කරන්නේ නැහැ.මේකත් විදේශ බලවේගයක් වෙන්න ඇති. නැතිනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.(නදී)
බස් නැවතුමේ පොලිස් මුර පොලට වඩා මේක හොඳයි.මට නම් ඇමති වරුන්ගේ සෙරෙප්පු සෝදා වතුර වුනත් බොන්න පුළුවනි.එම නිසා මේ අය කරන ,කියන සෑම දෙයක්ම මම හිස මුදුනෙන් පිලිගන්නවා. (ත)
පොලිසියට නිවාඩු දෙමුද? (ත)
ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙනවාද? (ත)
මහත්තයෝ බලන්නකෝ ආශ්චර්යය. මෙහෙම ආශ්චර්යයක් වෙනකොහෙන්ද බලන්න පුළුවන් (ත)
මේ තමා ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ ආශ්චර්යය . ජයවේවා ආවඩා ආයුබෝවේවා...!(නදී)
ඕවා සාමාන්‍ය සිද්දි (දී)
පොලිසියේ රාජකාරි ශ්‍රී ල නි ප යේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිලට භාර දීලද ? (දී)
මටනම් මෙහි ලොකු වැරදක් පෙනෙන්නට නැත. පොලිසිය හිටියත් අද සෑම නගරයක්ම රැකබලගන්නේ එහි ඉන්න අයියලා ටිකනේ. දැන් ඒ අයමනේ ඡන්දෙත් ඉල්ලන්නේ. මොකක්ද වෙනස? (අ)
1. නගර සභාව සතු ගොඩනැගිල්ල රජයේ දේපොළ නොවෙයිද? 2. රජය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? 3.රාජ්‍ය දේපොළ පාවිච්චි කිරීමක් එතන නැද්ද? 4. මැතිවරණ නීති රෙගුලාසි මීට ළ්දාල නැද්ද? 5. යු.අන්.පී. එකටත් නගර සභා ගොඩනැගිල්ලක පක්ස කාර්යාලයක් අරින්න පුලුවන්ද? මම මේ නොතේරෙන නිසයි ඇහැව්වේ ආයිබෝවන්. (ස)
අපේ කට්ටිය දැන් දෙයි ඡන්දය... (නි)
තුසිත කියනවා වගේ රටේ තත්වය මැනවින් සාරාංශ කරන සිද්ධියක් මේක. කෝකටත් බස් නැවතුම් පොලවල්වල ලොතරැයි කුඩුවල ඉන්න මල්ලිලත් යන්න සුදානම් වෙන්න. (නදී)
දැන් අපි ඡන්දේ දෙමු. එචචරයිනේ ඉතින්... (නි)
මේ පුවත රට ගැන කියන ලස්සන කෙටි කතාවක් වගේ. (නි)
ඒ කාර්යාලයේ ඉන්න ය නගරයට ආරක්ෂාව දෙන්නේ නැතෙයි. ? (ස)