IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් මුර පොළ යයි

පුත්තලම බස් නැවතුම්පොළේ පොලිස් මුරපොළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කාර්යාලයක් අද විවෘත විය.

පුත්තලම නගර සභාව සතු මෙම ගොඩගිල්ලේ පසුගිය වසර තුන තිස්සේම පොලිස් මුර පොල පැවතියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එය විවෘත කළේය.

පුත්තලම ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයය එයයි.

කාර්යාලයය විවෘත කළ සැණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයඹ අපේක්ෂකයන්ගේ දැන්වීම් එහි ප්‍රදර්ශනය කැරිණි.

අද සිට නගරයේ පොලිස් මුරපොළ ඉවත් කර ඇත.

 

 



අදහස් (0)

පොලිස් මුර පොළ යයි

දසුනි Tuesday, 13 August 2013 06:15 PM

සාධාරණ ඡන්දයක් පැවැත්වෙන බවට පෙර ලකුණු... (නි)

:       0       0

සෙනෙවි Tuesday, 13 August 2013 06:20 PM

එහෙනම් අපි දැන් පටන් ගනිමු (නි)

:       0       0

මානගේ Tuesday, 13 August 2013 06:21 PM

මීට කලින් මෙහෙම දෙයක් අහල නැහැ නේද?. ඒක තමයි ඓශ්චර්යය. (ත)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 13 August 2013 06:30 PM

නීතිය වල් වැදී ඇති බවට හොද සාක්කියක්ද? (ත)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 14 August 2013 08:25 AM

අයියෝ, ඕක ගණන් ගන්න එපා.

:       0       0

හිරාන් Tuesday, 13 August 2013 06:41 PM

පොලිස් මුරපල ඉවත් කලාට හමුදා මුරපල තියනවා නේ.(නදී)

:       0       0

දිසානායක Tuesday, 13 August 2013 06:43 PM

අමාත්‍ය වරුන්ගේ දැක්මට අනුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ වැනි දේවල් කරන්නේ නැහැ.මේකත් විදේශ බලවේගයක් වෙන්න ඇති. නැතිනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 13 August 2013 06:57 PM

බස් නැවතුමේ පොලිස් මුර පොලට වඩා මේක හොඳයි.මට නම් ඇමති වරුන්ගේ සෙරෙප්පු සෝදා වතුර වුනත් බොන්න පුළුවනි.එම නිසා මේ අය කරන ,කියන සෑම දෙයක්ම මම හිස මුදුනෙන් පිලිගන්නවා. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 August 2013 07:01 PM

පොලිසියට නිවාඩු දෙමුද? (ත)

:       0       0

ලකී Tuesday, 13 August 2013 07:17 PM

ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙනවාද? (ත)

:       0       0

සෆා Tuesday, 13 August 2013 07:23 PM

මහත්තයෝ බලන්නකෝ ආශ්චර්යය. මෙහෙම ආශ්චර්යයක් වෙනකොහෙන්ද බලන්න පුළුවන් (ත)

:       0       0

විජේසිංහ Tuesday, 13 August 2013 08:59 PM

මේ තමා ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ ආශ්චර්යය . ජයවේවා ආවඩා ආයුබෝවේවා...!(නදී)

:       0       0

ෆාතිමා Wednesday, 14 August 2013 12:53 PM

ඕවා සාමාන්‍ය සිද්දි (දී)

:       0       0

ද සිල්වා Wednesday, 14 August 2013 01:04 PM

පොලිසියේ රාජකාරි ශ්‍රී ල නි ප යේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිලට භාර දීලද ? (දී)

:       0       0

රොෂාන් Wednesday, 14 August 2013 01:29 PM

මටනම් මෙහි ලොකු වැරදක් පෙනෙන්නට නැත. පොලිසිය හිටියත් අද සෑම නගරයක්ම රැකබලගන්නේ එහි ඉන්න අයියලා ටිකනේ. දැන් ඒ අයමනේ ඡන්දෙත් ඉල්ලන්නේ. මොකක්ද වෙනස? (අ)

:       0       0

පිටිගල Tuesday, 13 August 2013 11:29 PM

1. නගර සභාව සතු ගොඩනැගිල්ල රජයේ දේපොළ නොවෙයිද? 2. රජය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? 3.රාජ්‍ය දේපොළ පාවිච්චි කිරීමක් එතන නැද්ද? 4. මැතිවරණ නීති රෙගුලාසි මීට ළ්දාල නැද්ද? 5. යු.අන්.පී. එකටත් නගර සභා ගොඩනැගිල්ලක පක්ස කාර්යාලයක් අරින්න පුලුවන්ද? මම මේ නොතේරෙන නිසයි ඇහැව්වේ ආයිබෝවන්. (ස)

:       0       0

සීල Wednesday, 14 August 2013 01:29 AM

අපේ කට්ටිය දැන් දෙයි ඡන්දය... (නි)

:       0       0

උපාලි Wednesday, 14 August 2013 03:40 AM

තුසිත කියනවා වගේ රටේ තත්වය මැනවින් සාරාංශ කරන සිද්ධියක් මේක. කෝකටත් බස් නැවතුම් පොලවල්වල ලොතරැයි කුඩුවල ඉන්න මල්ලිලත් යන්න සුදානම් වෙන්න. (නදී)

:       0       0

විබුති Tuesday, 13 August 2013 05:53 PM

දැන් අපි ඡන්දේ දෙමු. එචචරයිනේ ඉතින්... (නි)

:       0       0

තුසිත Tuesday, 13 August 2013 05:54 PM

මේ පුවත රට ගැන කියන ලස්සන කෙටි කතාවක් වගේ. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 13 August 2013 06:10 PM

ඒ කාර්යාලයේ ඉන්න ය නගරයට ආරක්ෂාව දෙන්නේ නැතෙයි. ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site