කොටදෙනියාව සේයා දරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් මුදා හරින ලද දුනේෂ් ප්‍රියශාන්තට නීතිමය සේවය සැපයීම නොකළ යුතු ක්‍රියාවක් බව පැවැසීම තම වෘත්තීය වරප්‍රසාද අභියෝගයට ලක් කිරීමක් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර එම තනතුරින් ඉවත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළහ.
‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පොලිසියේ තෝල්කයා. ඔහුට හිතට එන එන ඒවා නිකන් ඔහේ මාධ්‍යයට කියන්න අයිතියක් නැහැ. ඔහුට කියන්න වෙන්නේ පොලිසිය වෙනුවෙන් විතරයි. ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු ඉස්සරහට වෙන දේ (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
පොලිසිය මෙච්චරමටම එපාවෙලාද? පහුගිය කාලයේ මම දැක්කා පොලිසියට හොඳටම බනිනවා. හැබැයි ඔය එක මහත්තයෙක්වත් පොලිසිය දියුණු කරන විදිය කියන්නේ නැහැ. (නි)
අනේ මන්දා,මේ ප්‍රශ්නය නූල් බෝලයක් වගේ පැටළෙන එක විතරයි වෙන්නේ (නි)
අනේ කාලේ වනේ වාසේ! (අ)
කවුද මේ පිවිතුරු යහපාල කියන්නෙ? (නි)
අපි මේ කවුරු කවුරුත් ගැන දන්නවා (නි)
මට නම් මේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
පුලුවන්නම් , මට එක්කෙනෙක් කියන්න මේ රටට ආදරේ ඇතිව වැඩ කරන මිනිහෙක්.(අ)
පිවිතුරු යහපාල සාරුව සුනිල්ට වගේම හම්බන්තොට අර සුදු තරුණිය දුෂණයට සම්බන්ද වුන කට්ටියට නීති සහය දෙන එක ගැන මොකද කියන්නේ...(අ)
නිමාල් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වරදක් තියෙනවා. ඕනම අපරාධකාරයකුට නීතිඥයකුගේ සහාය ගන්න පුළුවන්. පොලිසියට පුළුවන් විය යුතු වැරදි කාරයෙක් නම් ඔප්පු කරන්න. මේ ප්‍රශ්නය විතරක් බලන්න එපා. නිකමටවත් ඔත ඇමැති කෙනෙක් වගේ හිටියානම් මෙනවා වෙයිද (අ)
මාධ්‍ය ප්‍රකාශක තුමත් නීතිවේදියෙක් (අ)
අර පැත්තෙන් තියන වාහනේ බෆර්1ක කොහේ හරි වැදිල තියනවා. ඕක හද ගත්තොත් නරකද? (අ)
සුරන්ගේ කතාව හරියටම හරි.... (නි)
එක සිදුවීමක් අල්ල ගෙන මුළු පොලිසියටම ගරහන්න එපා, පොලිසියේ බොහෝ උගත් නිලදාරීන් හදිසි අවස්ථාවක උපදෙස් අරගෙන තමයි ක්‍රියා කරන්නේ. දේශපාලන පත්වීම් ලද සමහර උසස් නිලදාරීන් වැරදි උපදෙසක් දුන්න නම් හදිසි තීරණයකදී කල යුතු හෝ නොකළ යුතු දේ ගැන සිතන්න වෙලාවක් නොමැති විට සමහරුන් අතින් වැරදි ප්‍රහාර වෙන්න පුලුවන. එයට මුළු පොලිසියටම දොස් නොකිය හදිසියකදී දේශපාලන පත්වීම් ලද උසස්සු දුන්න වැරදි නියෝග ගැන දොස් නැගිය යුත්තේ ඔවුන් එම තනතුරු වල තැබුවාවු අපේ දෙෂ්පලකයන්ම නොවේද. (අ)
නීතියේ සදාරණත්වය සැමදෙනාටම ලැබෙන්න ඕන. මිනිසුන්ට දඬුවම් දෙන්න, වරදකරු කරන්න පොලිසියට බලයක් නැහැ. තමන් නිවැරදි කරුනම් එය අධිකරණයකදී සනාථ කිරීමට නීතිඥයකුගේ සහාය ගන්න අවශ්‍ය වෙනවා. එය පොලිසිය විසින් වලක්වනවා නම් එය වැරදි. සේයා දැරියගේ සිද්දියෙන් පොලිසියේ අකාර්යක්‍ෂම බව මනාවට සනාථ වුනා. එම කැළල වසාගන්න නීතීඥවරු පස්සේ පන්නල හරියන්නේ නැහැ. මොනදේ වුණත් පොලිසියෙන් ජනතාවට සැලකියයුතු සේවාවක් සිදුවෙනවා. එම සේවාව වඩාත් සධාරණත්වයෙන්, නීතිමය රාමුවක් තුල ජනතාවට ලබාදීමට පොලිසිය කටයුතු කල යුතුයි. නීතියේ සධාරණත්වය වෙනුවෙන් සටන් කරන නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතාට මාගේ ප්‍රණාමය. (අ)
ටික දෙනෙකුගේ අඩුපාඩු නිසා සමස්ත පොලිසියම එයට වගකිවයුතු නැත.අනික ඒ ටික දෙනාගේ ක්‍රියාකලාප හේතුවෙන් මෙහෙම පෙළගැසිමත් සාධාරණයි. (අ)
මෙදා සැරේ පොලිසියට හොම්බෙන් යන්න වෙන්නේ. (බ)
යහපාලනේ හැමතැනම හිටන් ගොම (අ)
පොලිසිය දැන්වත් ශිෂ්ට වෙන්න. දියුණු වෙන්න. ඇඟේ හයියෙන් විසදුම් හොයන්න එපා. (බ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ රජය වෙනුවෙන් සහ පොලිසිය වෙනුවෙන් කඩේ යෑමට , ඔවුන් කරන වැරදී නොකියා , එම වැරදී අහිංසක ජනතාව පිට පවරන්ට ලබාදීපු රැකියාවක් , එනිසා පුදුම වන්න ඕනේ නෑ , ඔහුගේ ප්‍රකාශ වලට . මහින්ද රාජපක්ෂ රජය කාලයේ සහ යහපාලන රජයේ කියා කිසි වෙනසක් නැහැ මේවයේ (බ)
යකඩෝ මේක පුදුම සෙල්ලමක්නේ..මුන් තියෙන හිරිකිත වැඩ ඔක්කොම කරලා අපරාධකරුවන් ළමා අපරාධකරුවන් දුෂකයින්ගේ ගේ මානව හිමිකම් විකුණන් කන ගමන් කොමිසන් ගානේ දුවනවා උන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා..ඔයිට වඩා හොදයි මහත්තුරුනේ ඔය කෝට් බෑය ගලවල ඕක බිම දාල එක උඩ වාඩි වෙලා පිටකොටුවේ පේමන්ට් එකේ හිගා කෑවනම්.ඒක නම්බුයි ඔය තුප්පහි රස්සාවට වඩා..(බ)
ප්‍රදීප් ඔබ කොණ්ඩයා ගේ මිතුරාද ඔහු ගැන විස්තරයක් කියන්නේ .සුරන්ගේ අදහස බලා යමක් ඉගෙනගන්න (බ)
පිවිතුරු යහපාලගේ අදහසේ අැත්තක් තියෙනවා. (බ)
කලින් ආණ්ඩුව කාලේ මානව හිමිකම් කොච්චර කැඩුන ද? මේ එකෙක් එතකොට හිටියේ නෑ. දැන් ගානක් කඩා ගන්න ඕන වුණාම වැඩ. (අ)
අර සරුව සුනිල් දුෂණය කරපු ළමයි 200 ගෙන කැක්කුමක් නැද්ද? ඒවායින් වැඩිය ගාන කපන්න බැරි වෙන්න ඇති නේද? (අ)
බොරුවට කාලය කා දමන වැඩක්.(හේ)
අශුචි පාට යුනිෆෝම් එකකින් සැරසුන ශ්‍රී ලංකාවේ පොලිස් කාරයාගෙන් " අශුචි" වැඩක් මිසක් වැදගත් වැඩක් බලාපොරොත්තු වෙන්න බැහැ. (බ)
මෙම පුද්ගලයා විශ්වවිද්‍යාලයන් විනාශ කර අවසානයේ නීතිඥයාගේ ගෞරවයත් නැති කරනවා. (බ)
මේ අය බලන්නෙ ලකුණු දමාගන්න මතකද විශ්ව විද්‍යාලය විනාශ කරා කවුරු මොනවා කීවත් කොණ්ඩයාකියන්නේ ළමා අපරාධ කාරයෙක්
මෙතන පොලිසියත් වැරදියි , එක එක පටු අදහස් තිබෙන යන එන මං නැති දේශපාලන පක්ෂවල පුහු විප්ලවීය අදහස් කවා ශික්ෂයන් නොමග යවා මේ කරන උද්ඝෝෂණත් වැරදියි , තම ඉගෙනීම පසෙකලා පක්ෂවලට කඩේ යාමෙන් අනාගතය බිඳ ගැනීම මේ සිසුවන් කර ගන්නේ (අ)
මෙතන යහපාල නමින් අදහස් ලියන තැනැත්තා ගේ භාෂණ අයිතිය ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාදීප වැනි ශ්‍රේෂ්ඨ පුවත් පතක කාරුණික අනුග්‍රහය දඩමීමා කර ගනිමින් ඉතාමත් අශෝභන භාෂාවක් යොදාගෙන අනික් අයට පරිභව කරන්න මොහුට මේ තරම් පුලුවන්ද? (රේ)
උදුල් උඹ පිටකොටුවට ගිහින් හිගාකාපන් හෙන ගහනවා අපරාධකරුවන්ට කඩේ යනවට (බ)
සමහරැන්ගේ ප්‍රකාශ ගැන පුදුමයි බල්ලාගේ වැඩේ බුරුව කරනවා වගේ. (රේ)
මට නම් කාගේ පැත්ත ගන්නවද කියලා හිතාගන්න බැහැ (නි)