(ඉන්දිකා රාමනායක)
වසර කිහිපයක් පුරා මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සියලූ සේවා කටයුතු අද (27) කි‍්‍රයාත්මක නොවුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගේ දුරකතන අංකය මෙන්ම, පොලිස් මාධ්‍ය ඒකකයේ සියලූ දුරකතන අංක ද අද දිනය කි‍්‍රයා විරහිත කර තිබුණි.
පොලිස් මාධ්‍ය ඒකකය මගින් දිවයින පුරා දෛනිකව සිදුවන සිදුවීම් වල සම්පිණ්ඩනයන් (මාධ්‍ය නිවේදන) විද්‍යුත් තෑපෑල හරහා දිනපතා අවස්ථා කිහිපයකදීම මාධ්‍ය ආයතන වෙත නිකුත් කළ ද, අද පස්වරුව වන තෙක්ම එම කිසිදු නිවේදනයක් මාධ්‍ය ආයතන වල යොමු කර නොතිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධකර ගැනීමට කිහිප අවස්ථාවකදී ම උත්සහ කළ ද මාධ්‍ය ප්රකාශවරයාගේ දුරකතන විසන්ධි වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු ආරක්ෂක අමතායාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වීමට නියමිත ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බවයි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ දැනුම් දීමක් අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු නැවතී ඇති බවද පැවසේ.
ෆේස්බුක් ගිණුමේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය වශයෙන් නිළ ගිණුමක් පවත්වාගෙන ගියද ඉකුත් (25) වැනි දින සිට එම පිටුව යාවත්කාලීන වී නොමැත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 60 ට අධික පිරිසක් සේවය කරමින් සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට සුදානම් එතුමා දුරකතනය ප්‍රතිචාර නොදැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි... ඕකනේ ඉල්ලුවේ නිදහස.. දුන්නා වෙඩි.. ඔහොම වෙලා මදි...
අපිට නම් මාරම මාර සනීපයි.
මෙම වෙනසට පසුබිම් වී ඇත්තේ "ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය පැහැර ගැනීමත්, මාධ්‍ය ආයතන කිහිපයක් පොලිස් පරීක්ෂාවට ලක්වීමත් මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීමත් "කියා සමහරු කියනවා. දැන් මේවගේ අදහස් දැක්වීම් වුණත් පරීක්ෂාවට ලක්වෙන්නට බැරි නිසා මින් ඉදිරියට කටවහගෙන ඉන්නයි මමත් කල්පනා කලේ. නිකන් මොකටද අතින් කාලා අනුන්ගේ හරක් බලන්නේ නේද මෙයා? හැට පන් ලක්ෂයක ප්‍රාර්ථනාවනේ... ඔහේ ඕනෑ මළදානයක් වෙච්චිදෙන්. මෙන්න අපි ගියා...
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පමණක් නොවේ... මේ රටේ සියලුම මාධ්‍යයද වසා දමන්න ඕනෑ. රජයේ මාධ්‍ය හැරුණු විට පෞද්ගලික මාධ්‍ය දැඩි ලෙස වාරණයට ලක්කළ යුතුයි. එසේ නොකොට මේ රටේ විනය හැදිය නොහැකියි.
අන්න ඔබ හරි සිරිමල් මහත්තයෝ "වැල යන පැත්තට මැස්ස ගසාගෙන" පවතින වාතාවරණය තුළ ලොකු ගාණක් සාක්කුවට වැටෙන ක්‍රමයක් හදාගෙන පොඩි ගාණක් රට, ජාතිය, ආගම වෙනුවෙන් වැයකරලා ඊළඟ පාර මොකක් හෝ ඡන්දෙකට ඉදිරිපත් වෙලා කෙසේ හෝ ප්‍රාදේශීය සභාවකටවත් රිංගගෙන ජීවිතය ගොඩදා ගන්නවා හැර වෙන මොන බණද අපේ හාමුදුරුවනේ? ඉන්න ටික කාලේ රටේ ඉතිහාසය ගැන පොඩි කයිවාරුවක් ගහලා, ජාත්‍යන්තරයට කුණුහරුපෙන් බැනලා, ඇමරිකාවට, එංගලන්තෙට හෝ ඔස්ට්‍රේලියාවට දරුවෝ ටික පන්න ගන්න තියනවා නම් ආයේ ඊට වැඩිය වෙන මොනවද? රට, ජාතිය අපේ කියලා මොකද, සුද්දෝ මේ රට උස්සගෙන ගිහින් ඒ රටක හයි කරගෙන අපිව දරුකමට හදා ගන්නවැයි? අනික මහත්තයෝ මේක අපේ පාලකයින්ට අයිති රට. ඒ නිසා එහෙම පිට කාටවත් අරගෙන යන්න දෙන්නත් බැහැනේ... ඒ මහත් හොරුන්ටත් ගාණක් කඩාගන්න තියෙන්නේ මේ රට විතරයිනේ...
කොමෙන්ට් වලින් පේන්නේ තාම රට පරගැතින්ට බිලිදෙන්න වලිකන කුලියට කහින්නන්ගේ අඩුවක් නැති වගයි...
කරුණාපාල මහතා සමග මුළුමනින්ම එකඟයි. මමය මාගේය වැනි දේ ගැන තිබෙන ඉගැන්වීම් අනුව අපි තෘෂ්ණාවෙන් මේක මගේ රට, මගේ ජාතිය, මගේ ආගම ආදී වශයෙන් අල්ලාගෙන සිටීම තමයි සියලුම දුක්වේදනා වලට හේතුව. තණ්හාය ජායතී සෝකෝ. රට අපේ නම් අපට ඕනෑ විදිහට රට දුවන්න එපායෑ.. දැන් දුවන්නේ පාලකයන්ට හිතෙන හිතෙන විදිහටනේ... ඒ හින්දා තණ්හාය ජායතී භයං වෙන්න කලින් සියලු ආශාවන් දුර ඇරලා, හයිය තියෙනවා නම් පිටරටකටවත් පැනගෙන ජීවත්වෙන්න හිතට ගත යුතුයි, පින්වත්නි...