පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ. පොලිස් පනත අනූව එවැනි අංශයක් නැති බවත් පොලිස් මහජන කොට්ඨාසය යනුවෙන් ඇති බවත් මාධ්‍ය ආංශයෙන් දැන් කරන කටයුතු සඳහා පොලිස් පනත යටතේ එදා සිටම පොලිස් මහජන කොට්ඨාසය නමින් අංශයක් පැවති බවත් කියති.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන මහතා හෝ වෙනත් වග කිවයුතු නිලධරයෙක් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත තීරණයක්. කොහොම වුණත් පොලිසියට නීතිය උගන්වන්න හිටපු සමහර මාධ්‍ය ප්‍රකශකතුමන්ලාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික අයිතිවාසිකම්, සාධාරණත්වයේ නීතියේ පසුබිම වගේ නීතියේ වැදගත් කොටස් ගැන අවබෝධයක් නොමැති බව රටේ ජනතාවට හොඳටම දැකගන්න ලැබුණා. (නි)
පොලිසියෙන් ප්‍රශ්න කරන්න මාධ්‍යයට තිබුණ අවස්ථාව මින් නැතිවෙනවා නේද? (නි)
මාධ්‍ය පොලිසියේ වැඩේ කරන හින්ද ඒක නැතුවට ප්‍රශ්නයක් නෑ.(ම)
ජෝකර්ලාට වැටුප් ගෙවන්නේ නැතිව ඕක වහලා දාන්න. පොලිසියට නීතිය උගන්වන්න ඒ මුදල් යොදවන්න.(හේ)
මනෝජ් ඔය අදහස් කළේ ජරාව කන එකද ? මාධ්‍යවේදීන් ජරාව කන්නේ නම් නැහැ (බ)
මේ තීරණය ගැන නම් ඇත්තටම සතුටුයි (නි)
මේක නම් ලොකු දෙයක්. අලුතෙන් පත්වුණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා බොහෝවිට කිව්වේ බොරුම විතරයි. බොරු කියන්න ආයතනයක් ඕනෑ නැහැ. (නි)