හබරණ පාරිසරික රක්ෂිතයේ වෙඩි තබා දිවියකු මරා අඩි පහහමාරක් පමණ දිග සම රුපියල් ලක්ෂ දෙකහමාරකට විකිණිමට සුදානම් කැර තිබියදී සැකකරුවන් දෙදෙනකුද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දිවියා දඩයම් කිරිම සඳහා උපයෝගී කැර ගත් බව කියන බෙහෙත් කොටන තුවක්කුවක්ද සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය අත්අඩංගුවට රැගෙන ඇත.
හබරණ පොලීසියේ ස්ථානාධිපති උපපොලීස් පරීක්ෂක කේ එම් ජී එස් කුලතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිට මෙම වැටලීම සිදු කැර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ හිතවතෙක් රක්ෂිතයකින් ලක්ෂ 32ක තේක්ක කපලා පැටෙව්වා ඉතා ඉහල පුද්ගලයෙකුගෙන් ලැබුණු සන්තෝෂමක් විදිහට. සාක්ෂි සහිතයි.(මම නම සඳහන් කරන්නේ නැහැ) ලොකු මිනිහා වුණත්, පොඩි මිනිහා වුණත් මේ කරන්නේ ජාතික අපරාධයක්. (නි)
මහා පුදුම මිනිස්සු ඉන්නේ. අපේ රටේ විනාශ වෙලා යන මේ වගේ සතුන් අපි රැක ගන්න ඕනෑ කියලා කිසිම හැගීමක් නැති හැටි.බඩ ගැන විතරක් හිතලා ඕනෑම ජරා වැඩක් කරන එක නෙමෙයි හරි දේ.දුක් මහන්සි වෙලා හම්බ කරන්න පුළුවන් රැකියාවල් ඕනෑ තරම් තියනවා.මේ වැඩේ කරපු අයට දැඩි දඩුවම් දෙන්න. (නි)
දිවි සමෙන් දිවි ගෙවන්න හදලා.(නදී)
රක්ෂිත වල, අභය භූමිවල, ලෝක උරුම වනාන්තර වල සතුන් මරා විකුණා ගස් කපා , වනාන්තර එළි කර විනාශ කරන දේශපාලකයන් මොනතරම් විනාශයක් මේ වෙලාවෙත් කරමින් ඉන්නවාද? ඔය පොඩි දෙයක් මේ වෙන දේවල්වල හැටියට.ඒවා කාටවත් පෙනෙන්නේ නැහැ (නි)
මේ වගේ වැඩ කරන මිනිස්සු කොටියම කාපිය! (නි)
ටික කාලෙකට ඉහතදී හැව්ලොක් ටවුම පැත්තේ පදිංචිව හිටපු ලොක්කෙක්ගේ ගෙදර තිබුන දිවි සමක් අල්ලාගත්තා බලධාරීන්. ලොක්ක ගෙයි ඉඳල එලියට ඇවිත් සත්තමක් දැම්මා. කට්ටිය අකුලාගෙන ගියා. මේක නම් එහෙම එකක් නොවන බව පේනවා. (නදී)
බෙහෙත් කොටන තුවක්කු ලංකාවේ සෑම ගම්බද ප්‍රදේශයකම බහුලව තිබෙනවා. එකල මේ රටේ සිටි රයිනෝ, සිංහ වැනි සතුන්ගේ ඇටකටු පමනයි දැන් හමුවන්නේ. මෙහෙම ගියොත් අලි, කොටි, වලසුන් පවා ඉක්මනින්ම ලංකාවෙන් වඳ වී යාවි.(නදී)