අයිතිකරුවකු නැති බව කියන වෑන් රියක් බුත්තල ගම්උදා කඳවුර ඉදිරිපිට පාරේ ඇතැයි පොලිසිය කියයි.

පෙර දින රාත්‍රියේ සිට එහි නවතා ඇති මෙම රියේ හිමිකරු සොයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි.


අයිතිකරුවකු නොමැතිව තබා ඇති මළ සිරුරු 12ක් පමණ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ ඇතැයි පොලිසිය පවසයි. අවට පොලිසිවලින් එම සිරුරු රෝහලට ලබාදී ඇති බවත් ඇතැම් මළ සිරුරු වසරක් පමණ පැරණි බවද කියති.


මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් අතරතුරදී විත්තිකරුට ඔහුගේ වැඩිමල් සොයුරිය යමක් දුන් බවත් ඔය එය ගිල දැමූ බවත් බන්ධනාගාර නිලධාරිහු අධිකරණය දැනුවත් කළහ.

මංකොල්ලකෑමක් සම්බන්ධ නඩුවකට සිරගත කර සිටින සැකකරුගේ වැඩිමල් සොයුරියද එම නඩුවේ විත්තිකාරියක් බව පොලිසිය පවසයි. ඇය ඇප මත සිටින්නීය. අධිකරණ නියෝග මත ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


ගිරාඳුරුකෝට්ටේ ගින්නොරුව ගල් පර්වතයක නිධන් හෑරූ බව කියන තිදෙනකු පෞරාණික වස්තු සමග අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.