IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොලිස් පොතෙන්

අනුරාධපුර මහබුලංකුලමේ නිවසක ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකුට පිහි පහරක් වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිය මිතුරාගේ නිවසේ සාදයකට ගොස් සිටියදී මිතුරා බිරිය සමග ඇතිකරගත් ආරවුලක් බේරීමට යාමේදී එම පිහි පහර එල්ලවී ඇති බව කියති.


නොච්චියාගම දී යතුරුපැදියක් වාහනයක හැපී හය හැවිරිදි පුතා මියගොස් පියා බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ බව පොලිසිය කියයි.


රෝස් පාන්වල සගවා හෙරෝයින් මිලි ග‍්‍රැම් 420 ක් අනුරාධපුර බන්ධනාගාරයට රුගෙන යාමට උත්සහා කළැයි කියන අනුරාධපුර ලෝලූගස්වැව පදිංචි පුද්ගලයෙකු (20) බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අනුරාධපුර පොලිසියට භාර දුන් බව පොලිස් ආරංචි කියයි


නෙළුව සහ පැලවත්ත අතරදී පසුගිය බදාදා අවි පෙන්වා පැහැරගත් තේ ලොරියේ තිබූ තේ රුවන්වැල්ලේ නිවසකින් සොයාගත් මිරිහාන විශේෂ පොලිස් ඒකකය ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.

සෙසු සැකකරුවන් හා ගිනි අවි සොයා පරීක්ෂණ අරඹා ඇතැයි ද ලොරිය අවිස්සාවේල්ලෙන් ද සොයාගත් බව පොලිසිය කියයි.


කරන්දෙණියේදී අතුරුදන්වූ මව හා පුතකුගේ මළ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 556 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site