නොච්චියාගම පහමුනේගම ඉඩමක තිබී අවුරුදු 55 ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් අද (07) උදෑසන සොයාගත් බව නොච්චියාගම පොලිසිය කියයි.මිය ගොස් ඇති පුද්ගලයා නොච්චියාගම පහමුනේගම ගාලදිවුල්වැව පදිංචි තිදරු පියෙක් බවත් සිරුරේ කැපුම් තුවාල තිබුණූ බවත් පොලිසිය කියයි.
කැකිරාව ඩිපෝව හංදිය අසල පාර මාරු වීමට ගිය පොළොන්නරුව බකමුණේ පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙක් මෝටර් රථයක ගැටී අනුරුධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගිය බව කැකිරාව පොලිසිය කියයි
පලාගල ගෝනදෙණියෙ ප්‍රදේශයේ දී කැකිරාව ප්‍රදේශීය සභාවේ සේවය කරන සේවකයෙකුට අයත් බව කියන යතුරු පැදියක් තම නිවස ඉදිරිපිට නවතා තිබිය දී සොරාගෙන ගොස් අතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd