අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළ අසල බස් රියදුරකුට පහර දෙමින් සිටි පිරිසක් සමථයකට පත් කිරීමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනකුට එම පිරිස පහරදී ඇතැයි පොලිසිය පවසයි.
පහර කෑ එක් නිලධාරියකු හා අදාළ රියදුරා රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දීමට සම්බන්ධ බව කියන පිරිසේ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පෝය දිනයේ වැඩි මිලට අලෙවි කිරීමට රැගෙන ගිය බව කියන බලපත්‍ර රහිත අරක්කු බෝතල් 100ක් සමග සැකකරුවන්අ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. ඔවුන් ඒවා රැගෙන ගිය ත්‍රී රෝද රියද පොලිස් භාරයට ගෙන ඇත.
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 16 කණුවේ දී අද (21) සිදුවූ රිය අනතුරකින් සාලියවැව අලුත්ගම 16 කණුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජී. ටයිටස් ප්‍රනාන්දු (65) මියගිය බව සාලියවැව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කෙරන්නේ කලයුතු රාජකාරිය නොව . වෙනත් දෙයකි .(බ)