පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේදී වෑන් රථයක හැපී මවක (56) මියගිය බව පොලිසිය කියයි.
සිය දියණිය උපකාරක පන්තියට රැගෙන ආ එම මව වෑන් රියේ හැපී ඇති අතර පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය මිය ගොස් ඇත.
ගන්දර, තලල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි ජර්මන් ජාතිකයකු (59) හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පන්නිපිටිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවකු (10) වෑන් රථයෙන් බැස පාර මාරුවෙමින් සිටියදී බස් රථයක ගැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. වෑන්රථ පාලිකාව තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට දැන් ඉතා හදිසි ඇති රාජකාරි 1) උකුස්සන් හැමගැසූ අය 2) හරකුන් දුෂණය කළ අය 3) පාරවල් වස උද්ගොෂණය කළ අය අත්අඩංගුවට ගැනීම (විපක්ෂයේ) ටික කාලයකට කලින් නීතිය වල් වැදිල කියල ඇහුන වගේ මතකයක් තියනවා.., දැන් ඒවා ඔක්කොම වෙනස් වෙලාද කොහද..(බ)
රට හැමතැනම දුරාචාර, දුෂණ, මංකොල්ලකෑම්, මිනීමැරීම්. මේ ඔක්කොම විසඳන්න හදන්නේ යල් පැනගිය පරණ නීති පොතෙන්. එතනත් මුලට එන්නේ පගාවේ ප්‍රමාණය. හිතන්න එතකොට දුරාචාර වැඩිවෙන එක අහන්න දෙයක්ද? (නි)