හුංගම පොලිසියේ නිලධාරීන් විසින් මුර සංචාරයේ යෙදී සිටීමේදී ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍රයක් යොදාගෙන ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පසුව කරනලද ප්‍රශ්න කිරීමේ දී ව්‍යාජ ලෙස සැකසූ වැලි බලපත්‍ර 52ක්,එම බලපත්‍ර මුද්‍රණය කිරීමට යොදාගන්නා කඩදාසි 600ක්,මුද්‍රණ යන්ත්‍රයක්,පරිගණකයක් සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නම යොදා සැකසූ විවිධ ප්‍රමාණවල රබර් සීල් 117ක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
ගලෙන්බිඳුනුවැව දුටුවැව පරගහවැව ගුවන් හමුදා අබාධීත සෙබලකුගේ නිවසින් රුපියල් ලක්ෂ 3 ක වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය කියයි.
මීගමුව ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට තැත්කල පුද්ගලයන් 17 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙනා බව නාවික හමුදාව කියයි.
බණ්ඩාරගම ගතල්තුඩේ ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ වැන් රථ දෙකක් එකිනෙකට ගැටී හත් දෙනෙක් තුවාල ලබා එක් අයෙක් (47)මරණයට පත් වී ඇත. මරණයට පත් වූ පුද්ගලයා පිලියන්දල පදිංචිකරුවෙකු බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
බුත්තල - කතරගම මාර්ගයේණය දෙන ආයතනයකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් ගිනිඅවි පෙන්වා මුදල් කොල්ල කා පලා ගොස් ඇති බව බුත්තල පොලිසිය කියයි.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව ප්‍රදේශයේදී 5 වැනිදා රාත්‍රී 7.15ට පමණ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ වර්ණකුලසූරිය වික්ටර් ගාමිණී ප්‍රියන්ත පෙරේරා (අවු:50) මිය ගොස් ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්