විදේශ රටක නිෂ්පාදිත අංකය අපැහැදිලි බෝර 12 ගිනි අවියක් , ජීව උණ්ඩ දෙකක් හා කඩු දෙකක් සමඟ දිගල නාගහතැන්නේ දී පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනකු හා ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් අද (03) කරෙයිනගර් ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.
හම්බන්තොට බුන්දල වනෝද්‍යානයේ වෙරළ තීරයෙන් කැස්බෑ බිත්තර 67 ක් හාරා අලෙවි කර හා ලඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙක් අත් අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවි කාර්යයාලය පවසයි.
රිටිගල ජාතික උද්‍යානයේ දී වෙඩි තබා ඝාතනය කළ ඇතෙකුගේ අඩි 3ක් පමණ දිග ඇත් දළ මහනුවර ප්‍රදේශයේ ලක්ෂ 5 කට අලෙවි කිරීම සඳහා සඟවයා තිබිය දී වෙඩි තැබූ ගිනි අවියත් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd