IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් පොතෙන්

ප‍්‍රදේශවාසියෙකු විසින් ආයුධයකින් පහරදී කැපුම් තුවාල ලැබූ මිද්දදෙණිය පුරාණ රජමහා විහාරවාසි භික්ෂූන් වහන්සේ නමක් තලාව රෝහලට ඇතුලු කර ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.


අම්බලන්ගොඩ පොලිස් සිරමාදිරියක සිටි සැක කරුවෙකු  අද (13) උදෑසන 6 ට පමණ  සිය සරමෙන් ගෙල වැළලාගෙන ඇත. සිර මැදිරියේ සිටි තවත් සැකකරුවෙකුගේ කෑ ගැසීමකට පැමිණි පොලිසිය ඔහු මුදවාගෙන රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. සැකකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


මැදවච්චිය යාපනය මාර්ග බාධකය ආසන්නයේ හෙරොයින් අළෙවි කරමින් සිටි විසිතුන් හැවිරිදි තරණයෙකු හෙරොයින් මිලි ග‍්‍රැම් 110 ක් සමග මැදවච්චිය පොලිසිය මගින් අද (13) දින අත් අඩංගුවට ගත්තේය.

මොහු අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


පදවිය පොලිස් වසමේ ගල්කුලම විසිතුරු මාලූවන් ඇති කරන රජයේ ගොවිපල් භුමියේ වලක තිබු අත් බෝම්බයක් පදවිය පොලිසිය මගින් සිකුරාදා (12) පස්වරුවේදි සොයා ගැනිණි.

ගොවිපලේ මුරකරු විසින් දැක, සිදුකල පැමිණිල්ලක් මත සොයාගත් බෝම්බය අද (13) යුධහමුදා බෝම්බ නි‍්‍රශ්ක‍්‍රිය අංශය විසින් නිශ්ක‍්‍රිය කරන ලදි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site