මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පාසලක් අසල මෝදක අලෙවි කළ බව කියන වෙළඳසල් හිමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොස්තාපල්වරයකු පාසල් නිල ඇඳුමකින් සැරසී අදාළ වැටලීම කළ බව පොලිසිය කියයි.

මෝදක 52 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද එම වරදටම උසාවියෙන් ඇප ලබා සිටින්නකු බව පොලිසිය පවසයි.