- මොරටුව කටුබැද්දේ දී කුඩා ලොරියක් හා කාරයක් ගැටීමෙන් පෙරළුණු ලොරියේ රියදුරා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගියේය.
- ගිරිබාව අලියාවැටුන වැව දී ගංජා කිලෝ 09 යි ග්‍රෑම් 800ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
- කුරුණෑගල මාස්පොත දී අද අළුයම යතුරුපැදියක් කාණුවකට වැටීමෙන් එය පදවාගෙන ආ තරුණයා මියගිය බව පොලිසිය කියයි.
- කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ දී හෙරොයින් ග්‍රම් 02 මිලි ග්‍රෑම් 160ක් සමග 36 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
- අම්බලන්තොට රිදියගම වැවේ තිබී මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. ජලාශයේ තිබී මියගිය තැනැත්තාගේ යැයි සැකකරන ජංගම දුරකථන දෙකක් හා ඇදුම් කිහිපයක් සොයාගනු ලැබ ඇත.
- මීරිගම නිවසක තිබී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. 65 හැවිරිදි එම තැනැත්තා නිවසේ තනිව ජීවත් වූ බව ගැමියෝ කියති.
- රත්තොට ගම්මඩුව මාර්ගයේ කොස්ගොල්ලේ බෝක්කුවක් අසළ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි.
- කැලණිය ගෝනවල මගුරුවිල දෙමහල් නිවසක ඉහළ මහලේ පවත්වාගෙන ගිය කසිප්පු නිශ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 20ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd