ගාල්ල, නාගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගංජා හා හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ ප්‍රධාන සැකකරු නාගොඩ පොලිසිය මගින් 06 දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සමග ගංජා ග්‍රෑම් 600ක් අඩංගු පැකට් 80ක් හා හෙරෝයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 330ක් අත්ඩංගුවට ගෙන ඇත.


කිරිබත්ගොඩ ඊරියවැටිය පුද්ගලයකුට කඩුවකින් කොටා තුවාල කළැයි සැකපිට එම ප්‍රදේශයේම සොහොයුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.