වසර හයක් සිරබත් කා පැමිණි මොරටුවේ අඹුසැමි යුවළක් කුඩු ග්‍රෑම් හතයි මිලි ග්‍රෑම් හාරසියක් සමඟ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.


හම්බන්තොට බදගිරියහි දී ගංජා මිලි ග්‍රෑම් 30000 ක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි.


මිනීමැරීමේ චෝදනාවක් ඇතුළු චෝදනා කිහිපයකට වරෙන්තු ඇතිව සිටි සැකකරුවකු අලවතුගොඩදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


පන්නල හාවානෙළියේ නිවසක මවක හා දියණියක මියගොස් සිටි බව පොලිසිය පවසයි.


උඩුනුවර ප්‍රාදේශීය සභාවේ වරිපනම් අංශයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංයට යොමුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි කිලිනොච්චි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.


බණ්ඩාරගම වල්ගම කාන්තාවක් (42) නිවස පිටුපස අනාරක්ෂිත ළිඳකට වැටී අබිරහස් ලෙස මියගිය බව පොලිසිය කියයි.

DSC02460[1] DSC02496[1] DSC02510[1]