වසර හයක් සිරබත් කා පැමිණි මොරටුවේ අඹුසැමි යුවළක් කුඩු ග්‍රෑම් හතයි මිලි ග්‍රෑම් හාරසියක් සමඟ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
හම්බන්තොට බදගිරියහි දී ගංජා මිලි ග්‍රෑම් 30000 ක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි.
මිනීමැරීමේ චෝදනාවක් ඇතුළු චෝදනා කිහිපයකට වරෙන්තු ඇතිව සිටි සැකකරුවකු අලවතුගොඩදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පන්නල හාවානෙළියේ නිවසක මවක හා දියණියක මියගොස් සිටි බව පොලිසිය පවසයි.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ වරිපනම් අංශයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංයට යොමුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි කිලිනොච්චි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
බණ්ඩාරගම වල්ගම කාන්තාවක් (42) නිවස පිටුපස අනාරක්ෂිත ළිඳකට වැටී අබිරහස් ලෙස මියගිය බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්