සාංචාරයක් සඳහා පැමිණි ස්විඩන් ජාතික යුවළක් ඇල්ල නගරයේ සිරි නරඹමින් සිටියදී පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 66000 ක් කොල්ලකා ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
කටුබැද්ද පාරේදී ව්‍යායාම කරමින් සිට පුද්ගලයකු (55) මිය ගිය බව පොලිසිය කියයි.
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ අද (12) උදෑසන 7 ට පමණ ලංගම බස් රථයක් හා ටෙන්වීල් ලොරියක් හැපී පැය දෙකක පමණ රථවාහන තදබදයක් පැවැති බව පොලිසිය කියයි.
සීනි ප්‍රවාහනය කරමින් තිබූ ටෙන්වීල් ලොරිය කදුරුවෙල සිට කන්දේගම දක්වා යමින් තිබූ ලංගම බසයක ගැටී ඇත.
වැලිකන්දේ මුතුවැල්ල ගමට කඩා වැදුණු වල් අලියකු නිසා පවුල් 10ක් ආරක්ෂක ස්ථානවලට යැවූ බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයකු (40) ගසා ගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වීඩන් ජාතික යුවල බිය ගන්වා මුදල් මංකොල්ල කාපු අධමයා අපේ රටට නින්දාවකි. සංචාරක ව්‍යාපාරයට කළු පැල්ලමකි වහාම ඔහු අල්ලා දඩුවම් කළ යුතුයි ! (ම)