බදුල්ල තැන්නපංගුව ගමඔයෙන් එගොඩ වී නිවස කරා යෑමට ගිය මිත්තණියක (75) හා මුනුපුරා (11) සැඩ දියපහරකට හසු වී ගසාගෙන යාමෙන් මිත්තණිය මිය ගොස් මුනුපුරා ගල් පරයක එල්ලී දිවි බේරා ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බකමුණේ මැණික් ගැරිමට ගිය පුද්ගලයකුගේ (43) සිරුරක් බකමුණේ පරණ පතුලකින් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙය මිනිමැරුමක් බව පොලිසිය සැක කරයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් දුමිරියක කිලිනොච්චියේ දුම්රිය හරස් මාර්ගයකදී අඟහරුවාදා (27) රාති‍්‍රයේ යතුරුපැදි කරුවෙකු ගැටීම හේතුවෙන් එම යතුරුපැදිකරු මිය ගිය බවට කිලිනොච්චිය පොලිසිය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට යන්න ඒ දණ්ඩක්වත් නැති ගම් අපේ රටේ මොනතරම් තියෙනවාද? කවුරුත් විශ්වාස කරන එකක් නැහැ, වැල්වල එල්ලී ගමන් යන පාරවල් තියෙන ගම් අපේ රටේ තවම තිබෙනවා කිව්වාට. (නි)
සිත කම්පාවෙන පුවත්මයි අසන්න ලැබෙන්නේ (නි)
දේශපාලකයන් කිසිම කෙනෙකුට දුප්පත් මිනිස්සු විඳින දුක් නොතේරෙන එකයි පුදුමය. අසරණ මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනවා.පවු. (නි)
පවු අසරණ දුප්පත් මිනිස්සු! (නි)