13 හැවිරිදි දරුවකු ත්‍රිරෝද රථයක් තුළදී අපයෝජනයට ලක් කළැයි කියන දෙහිඕවිට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු 58 හැවිරිදි විවාහකයෙකි.
හැටන්
හැටන් දික්ඔය වනරාජා වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් අට දෙනෙකුට ඇතුළු නව දෙනකු දික්ඔය මූලික රෝහලට ඇතුල්කර ඇත තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි කාන්තාවකගේ පයේ ගැටීමෙන් බඹරුන් ඇවිස්සී ඇත.
ඇල්ල
ඇල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයෙ ගමන් ගත් ප්‍රංශ ජාතික සංචාරකයකුට පිහියක් එල්ල කර බිය ගන්වා ඔහු සතුව තිබූ රුපියල් දසදහසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි
ඇල්පිටිය
ඇල්පිටිය කැල්ලපත දී ත්‍රිරෝද රියක් විදුලි කණුවක හැපීමෙන් අයෙක් මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණීකා වෘත්තිය නීතිගත කළොත් මේ අසරණ කාන්තාවෝ සහ දරු පැටවුන් ටික රැකගත හැකියි. පාලකයන්ගෙ පවුල්වල සාමාජිකයින්ට මේවා බලපාන්නේ නැහැ. මොකද ඔවුන්ට දැඩි අාරක්ෂාව තිබෙනවා. මහජනතාව මුදල් වැයකර ඔවුන්ගේ පවුල් රකිනවා. දුප්පතුන් රෑකෙන්නේ මේ දඩබ්බර ප්‍රශ්න සඳහා පිළියම් යෙදුවොත් පමණයි (නි)
මට පුදුමයි මේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීට මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් නුදුන් එක ගැන. (නි)
ජනාධිපති කිව්වා නේද මරණ දඩුවම ගේනවා කියල ? දැන් ඉතින් කියපු දේවල් කරලා පෙන්නන්න (බ)
විශේෂයෙන් ඔය වගේ දේවල් වලට සමාජයේ වගකීමක් තිබෙන පුද්ගලයන් ගෑවුණහම වෙනත් සියලු රටවල එම පුද්ගලයාගේ නම ගම ඇතුළු සියලු කරුණු හෙළි කරනවා උසාවිය තීන්දු දීමට පෙර. ඒ වගේම ඒ අයට අවස්ථාව ලබාදෙනවා ඔවුන්ගේ කතාව කීමටත්. මෙමඟින් සමාජයට වැඩදායී දේවල් කීපයක් වෙනවා. ලංකාවේ එහෙම නොවන්නේ ඇයි? (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගේ රාජකාරිය ඕකද? ඕවා කරවා ගන්නද ඡන්දෙ දුන්නේ?
මට පුදුමයි මේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීට මෙවර එක්සත් ජනතා සන්ධාන මහින්ද පිලෙන් නාම යෝජනා නොලැබුණේ මන්ද කියලා. මෙයත් ආවා නම් හොඳයි. (නි)