පොල්හේන්ගොඩ ඇළේ මිය ගොස් සිටි පුද්ගයකුගේ (49) සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව පොලිසිය පවසයි.
වැලිකඩ රාජගිරියේ දෙමහල් නිවසක සුදු පොළක් වටලා රුපියල් විසිදහසක මුදලක් හා පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව රාජගිරිය පොලිසිය පවසයි.
අගෝස්තු 17 වැනිදා ඡන්දයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් කිහිප දෙනකුගේ ප්‍රචාරක පත්‍රිකා මලු 4ක් වැසිකිළි වළකින් සොයාගත් බව පොලිසිය කියයි.
කඩුගන්නාව ඌරාපොළ 103 සැතපුම් කණුව අසලදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධරයකු මිය ගිය බව කඩුගන්නාව පොලිසිය කියයි.
කල්පිටිය නාච්චිමලේ නවතා තිබූ ලොරියක යතුරු පැදියක් හැපීමෙන් එහි ගමන් කළ තරුණියක (17) එතැනම මිය ගිය බව පොලිසිය කියයි.
20 හැවිරිදි තරුණියක බරපතල තුවාල ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd