කැළණිය - වනවාසල දුම්රිය මාර්ගයේ දී දුම්රිය එන්ජිමක ගැටී කාන්තාවක් (38) මිය ගිය බව පොලිසිය කියයි.
ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරීගේ කාරය හා පානදුර රෝහලේ නියෝජ්‍ය අධිකාරීගේ කාරය අනතුරට පත්වූ නමුත් දෙදෙනාම තුවාල නොලබා බේරුණූ බව පොලිසිය කියයි
මොනරාගල දරගොඩ රක්ෂිතයෙන් රුපියල් ලක්ෂ පහක තේක්ක හොරෙන් කපා ගෙන යද්දී වෙඩි තබා ජිප් රියක් නවත්වා ගත් නමුත් තිදෙනෙකු පැන ගිය මොනරාගල අඩවි වන කාර්යාලය කියයි.
පාඨමාලාවක් සඳහා මෙරටට පැමිණි වියට්නාම් යුද හමුදාවේ කපිතාන්වරයෙකුගේ නැති වූ ජංගම දුරකථනයක් පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සොයා දී ඇතැයි පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කොතලාවල හන්දියේදී ටිපර් රථයක ගැටුණු අවුරුදු දෙක හමාරක දරුවකු මියගිය බව පොලිසිය කියයි.
හෙරොයින් ග්‍රෑම් 30 මිලි ග්‍රෑම් 230ක් සමග සැකකරුවකු දෙමටගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතාගේ සේවකයකු හදිසි මරණය සම්බන්ධයෙන් ශෂි විරවංශ මහත්මියගෙන් කටඋත්තරයක් සඳහන් කර ගන්නා බව පොලිස් ආරංචි කියයි.
මිය ගිය පුද්ගලයාගේ නෑයන්ගෙන් පැමිණිල්ලකින් පසු පොලිසිය ඇයගෙන් කටඋත්තර ලියා ගනී.

![5723[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/57231.png)
![5705[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/57051.png)
![5713[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/57131.png)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විමල් වීරවංශ මහතාගේ දෛවයේ සරදමක් විය හැක. දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වේ යැයි අපි විදේශයන්හි සිට විමසිලිවත්ව බලාසිටින්නෙමු. (නි)
වාහනයක් නොනවත්වා ගියාම පොලිසියට වෙඩි තියන්න බලයක් නැහැ කියනවා. එතකොට වන අඩවි නිලධාරීන්ට වෙඩි තියන්න බලය තියනවාද (බ)