හම්බෙගමුව කොටවෙහෙරමංකඩ, දම්වැල්ඕඩය ගම්මානයේ නිවසක දෙදරු පියෙක් තියුණු ආයුධයකින් කපා කොරා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
බළන්ගොඩ බෙලිහුල්ඔය, ගලගම පදිංචි සුමිත් උපනන්ද (37) එසේ මියගොස් ඇති අතර ඔහුගේ බිරිය හා පියා ද කැපුම් තුවාල හේතුවෙන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මෙය පවුල් ආරවලක් මත සිදුවු ගැටුමක ප‍්‍රතිඵලයක් බවට පොලිසිය සැකකරයි. සැකපිට මිය ගිය පුද්ගලයාගේ මාමණ්ඩිය අත්අඩංගුවට ගැනීමට සොයන බවද පොලිසිය පවසයි.
බස්නාහිර පළාතේ ඝාතන කිහිපයකට සම්බන්ධ බවට සැකකරන දෙදෙනකු කුඹුකැගැටේ දී අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය පවසයි.
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ බව කියන විදේශීය මත්පැන් බෝතල් 51ක්, මත්පෙති 5240ක්, උපත් පාලන පෙති 1000ක් හා වෙනත් බෙහෙත් පෙති 1000ක් ඇතුළු උපකරණ තොගයක් සැකකරුවන් දෙදෙනකු ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ නුවර මාර්ගයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී අද(3) පස්වරුවේ මෝටර් රථයක් ත්‍රිවිල් රථයක සහ වෑන් රථයක හැපීමෙන් වෑන්රථයේ ගමන් ගත් ගැහැණු ළමයකු සහ පිරීමි ළමයකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොලිස් පොතේ මෙහෙම ඇතේ