බණ්ඩාරගම අළුබෝමුල්ලේදී කහ ඉර මත ගමන්කරමින් සිටි දැරියක හා පිරිමියකු (58) යට වු වෑන් රිය පදවා ඇත්තේ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරියකුගේ පුතකු යැයි කියන පොලිසිය ඔහු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගනු ලැබ සිටී.
රියේ හැපී රෝහලට ගෙන ගිය පිරිමියා එහිදී මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පදිකයෝ කහ ඉර මතින් ගමන් කරද්දී බොහොම හෙමින් ගමන් කරනවා. රියැදුරා වාහනය ගොඩක් වෙලා නවතාගෙන ඉන්නවා. මේ වගේ අනතුරු වලට පදිකයනුත් වග කියන්න ඕනෑ.මගියෙක් කහ ඉර ළග ප්‍රමාද වෙනවා දැක්කොත් අපි ඒ මනුස්සයට යන්න ඉඩ දීම පුරුද්දක් වගේම හැමෝගෙම අවධානය යොමු වුණ දෙයක්. කහ ඉර මාරුවෙන අය අතිනුත් වැරදි වෙනවා. පාර දෙපැත්ත බලන්නෙ නැතුව එකපාරටම පාර මාරු වෙනවා. කහ ඉරේ නිසා රියදුරාට වාහනය නවත්වන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ලංකාවේ පදිකයෝ කහ ඉර මතින් ගමන් කරද්දී දුරකථනය කනේ තබාගන කිසිම අවධානයක් නැතුව පාර මාරු වෙනවා. රියදුරොත් එහෙමයි අනෙක් දේ තමයි කහ ඉර දෙපස පදික මාරුව සදහා සිග්නල් පහන් තිබුනත් ඒවා රතු තියෙද්දී පාර පනිනවා. එය හොදින් බලා ගන්න පුළුවන් කිරිබත්ගොඩ නගරය මැද කහ ඉරේදී. මේකට රියැදුරන් විතරක් නෙවේ පදිකයනුත් වග කියන්න ඕනෑ (නි)
සැලකිළිමත් නොවීමටත් වඩා ඉවසීම නැතිකම සහ තරාතිරම මත ඇති උඩඟුකමත් නිසා අනතුරු බහුල වී ඇත.වගකිවයුත්තන්ට තරාතිරම නොබලා පොදුවේ දැඩි දඬුවම් දෙන්නේ නම් මෙතරම් අනතුරු සිදු නොවනු ඇත. (නි)
පොලිස් පුතෙක්?ඕනෑ පුතෙක් කියලා නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.තාත්තා පොලිස් නිසා තමා කේස් වෙලා ඇත්තෙ. (නි)
ජෙරාඩ් මහත්තයෝ පදිකයෝ කහ එරෙන් හිමින් මරුවෙනවානම් කහිරෙන් මරුවෙනකොට දුවන්න කියල (අ)
වන්ගුවක නම් පෙනෙන්නේ නැතිකමට කියල හිතන්න පුළුවන් . මේක මේ තනිකරම කෙලින් පාරක නේ හැප්පිලා තියෙන්නේ ... මගියා පාර පනිනවා දැක දැකම වේගෙන් ඇවිත් හැප්පුවා නම් රියදුරා සම්පුර්ණ වැරදියි .. නමුත් වැන් එක එනවා දැක දැකම මගියා පාර පැන්නා නම් මගියා තමයි වැරදි කරු ...සමහර වෙලාවට දෙන්නම හිතනවා මමයි රජා කියල .. මේකත් එහෙම හිතන්න ගිහින් උන වැඩක් වෙන්න පුළුවන් ... නමුත් කහ ඉර උඩ හින්ද රියදුරු වැරදිකරු වෙන්න ඉඩ වැඩියි .. වාහනේ ළඟටම එනකන් ඉඳල පැන්නා නම් රියදුරුට කරගන්න දේකුත් නෑ.. අනේ මන්ද මම නම් දැක්කේ නෑ .(අ)
ඔය කහ ඉර අයිනෙන් වාහන එන පැත්තෙන් රැලි ඉරි දෙකක් සිග්සැග් ක්‍රමයට දැන් පින්තාරු කරන්නේ වාහනවල වේගය අඩු කරගෙන විමසිල්ලෙන් යන්න තමා. ජෙරාඩ් ඒ ගැන දන්නේ නැතුව ඇති. කාර්පට් කළ පාර දැක්කම නම් හිතෙන්නේ රෑට යන රේස් එකක් දවල්ට ගිහින් තියෙනවා කියලා. පව් අහිංසක ජීවිත දෙකක් ඉවරයි. තව කීප දෙනෙක් අනාථයි. ඕවට කරන්න ඕනෑ මැද පෙරදිග වගේ ලේ වන්දි අරන් දෙන්න ඕනෑ පීඩිතයන්ගේ නෑදෑයින්ට (නි)
මෙහි තියෙන සමහර අදහස් වැරදියි .කහ ඉර මතදී පුර්ණ ආරක්ෂාවක් අපට තියෙනවා කියලා හිතාගෙන තමා ගොඩක් අය පාර පනින්නේ .ඒක වැරදියි .රියදුරාට වගේම පදිකයාටත් කහ ඉර සම්බන්ධව නීති තියෙනවා .තනි තනි පුද්ගලයට හිතුමතේ කහ ඉරෙන් පාර පනින්න නීතියෙන් අවසර ලබාදීලා නැ.අපි කහ ඉර මතින් පාර පනින්න කලින් මාර්ගය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි .පළමුව තමා මාර්ගය හරහා යාමට සුදානම් බව පැහැදිලිව සංඥා කර රියදුරන් තම වාහන නවතා ගන්නට සුදානම්ද යන වග තහවුරු කර ගත යුතුයි .ලංකාවේ බොහෝ දෙනා හිතාගෙන අපි කහ ඉර ලඟට ආ ගමන් අපිට පාර පනින්න රියදුරන් වාහන නවතා ගත යුතුයි කියලා .ලංකාවේ වාහන වලින් 22% හොඳම තත්ත්වයේ වාහන තියෙන්නේ .අනික් 78% ක්‌ම යම් යම් අඩුපාඩු සහිත වාහන .ඉතින් මේ රෝද 4 අපිට හිතු ගමන් නවත්වා ගන්න බෑ .හොඳ සිහි බුද්ධිය සහිත කිසිම රියදුරෙක් කවදාවත් සතෙක්වත් වාහනයට යට කරලා මරන්න උත්සහා කරන්නේ නැ [හැබැයි ප්‍රයිවට් බස් රියදුරන් නම් බස් එලවන්නේ මොකා මලත් මගේ ගමන මං යනවා කියලා හිතාගෙන -95% ] කොහොම වුනත් කොතනකදී වුවත් පාර හරහා යාමේදී අපි සැලකිලිමත් වීම වඩා හොඳයි .අනතුරකදී අපි නිවැරදියි කියලා උසාවියේදී පැහැදිලිව ඔප්පු කරගන්න බැරිවුනොත් රියදුරාට නිදහස ලැබෙනවා .ඇස් දෙකෙන්ම දැක්ක දේවල් මේ රටේ නීතිඥ මහත්හොරුන්ගේ බොරු තර්ක නිසා උසාවියේදී නඩු පැරදිලා තියෙනවා .අනික අනතුරකදී රියදුරුට ගහලා වාහනය ගිනි තැබීම වගේ දේවල් මුළුමනින්ම වැරදි ක්‍රියා .විශේෂයන්ම වාහනය ගිනි තිබ්බහම කොහොමද එහි තත්ත්වය පරික්ෂා කරන්නේ .වාහන පදවන අය දන්නවා තමන් මොනතරම් පීඩනයකින්ද පාරේ වාහන පදවන්නේ කියලා.ඒ පීඩනයට ප්‍රධාන හේතු 1ඇතැම් පොලිස් නිලධාරීන් 2.ප්‍රයිවෙට් බස් රියදුරන් .රටේ ආරථික තත්ත්වය ,අධ්‍යාපනය ,වීනය වගේ සියල්ලත් මේවට බලපානවා. (ස)
රුපවතියේ..මෙහෙ ඔය කොල්ලෝ කෙල්ලෝ ෆෝන් එකෙන් මල් කඩ කඩ පාර පනින විදියට ඉතින් එහෙමනම් හෙට යන්න තියෙන ගමන අද පිටත් වෙන්න වේවි ඔයා කියන විදියට ගියොත්..වාහනේ එලවන එකා නෙමෙයි කහ ඉර පනින එකා තමය් තුන් හතර පාරක් බලල ෂුවර් කරගෙන පාර පනින්න ඕන..මොකද හැපුනොත් වාහනේ අය්ති එකා ඕනනම් උපරිම හිරේ යයි..පනින එකාට තමය් සදා සොත්ති වෙන්න හරි පෙට්ටියට හරි යන්න වෙන්නේ. (අ).
මේ අදහස් දාල තියෙන අය මොනවද කියන්නෙ කියල හිතන්න බෑ. මේ අනතුර වෙලා තියෙන්නෙ වැරදි පැත්තෙන් පාර ඉස්සර කරපු වෑන් එකකින්. තුන් වෙනි පින්තූරෙ පොලිසියෙන් හිටගෙන ඉන්න තැන ටයර් පාරවල් තියෙනවා. ඉස්සරහ තියෙන කළු පාට (කොළ පාටට හුරු) වෑන් එක තමයි හප්පලා තියෙන්නෙ. මෙතන වැරදි ගොඩක් තියෙනවා කහ ඉරක් මත වීම, වැරදි පැත්තෙන් පැමිණිම වගේ...අදහස් දාද්දි පොඩ්ඩක් හිතල දාන්න. (ස)
ජෙරාඩ් අතිනුත් කහ ඉරේදී කවුරු හරි මැරෙන්න ඇතිද මන්දා? කවුද ඔයාට බලපත්‍ර දුන්නේ? මෝඩ කතා කියන්න එපා. (නි)
කහ ඉර ප්‍රශ්නය ඉතා ලොකු එකක්. ලංකාවේ කහ ඉර වල් 85% ක්ම අනතුරු වෙන විදියට යි දාල තියෙන්නේ. (ස)
කහ ඉරේ ගමන් කරන මගියාටත් බැනලා ඉස්ස්ර කරගෙන යනවා.වැඩිම හරියක් අනතුරු වෙන්නේ මේ කහ ඉරේදී.ඉදිරිපස වාහනය කහ ඉර ගාව නවත්වලා මගීන්ට යන්න දුන්නත් පිටිපස්සේ තිබෙන වාහන ඉස්සර කරගෙන යනවා. එහෙම නැත්නම් හෝන් එක නාද කරලා ඉදිරිපස තිබෙන වහානයට බැන බැන ඉන්නවා . (නි)
හැමෝම මොනවා හරි වුණාට පස්සේ කියවනවා. නමුත් පදිකයෝ මතක තබා ගතයුතු වෙනවා කහ ඉර තියෙන්නේ අපිට ඕනෑ වෙලාවක පාර පනින්න නොවේ කියලා. අන්තිමේ රියදුරු අමාරුවේ (නි)
වැඩක් වෙන්නේ නෑ ඇල්ලුවට. කට උත්තර පටලවල පොලිස් පුතා නිදහස් වෙයි. (ස)
රියදුරාටත් එතනදීම පාඩමක් උගන්වන්නයි තිබුණේ.නැත්නම් පොලිසියට අහුවුණත් සතියෙන් ඔහු එළියේ (නි)
මිනිස් ජීවිත වාහනවල වටිනාකමටත් වඩා අඩුවෙන් තක්සේරු කර මේ අදහස් ප්‍රකාශ වෙන්නේ.නීති ක්‍රියාත්මක විය යුත්තේ මිනිසාගේ ආරක්ෂාවට. (ස)
බොහොම ස්තුතියි මගේ එක පල කළාට. මම කේන්තියෙන් වගේ ප්‍රතිචාරය ටයිප් කළේ මොකද මගේ තාත්තත් නැතිවුනේ කහ ඉරේදි නිසා. (නදී)
ඕස්ට්‍රේලියාවේ කහ ඉර දිහා බැලුවත් ඇති අපි වාහනය නවතනවා. මගියා පාරෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු වාහන 500 ක් වුණත් නවත්වාගෙන සිටිනවා. කිසි කෙනෙක් හොර්න් ගහන්නේවත් මගියාගේ පිටුපසින් වෙට්ටු දාලා යන්නේවත් නැහැ. අනික කහ ඉරේ වර්ණ ආලෝක තියෙනවා නම් රතු පාට තියෙද්දී මගියෙක් පළාතක නැතත් කිසි කෙනෙක් වර්ණ ආලෝකය කොළ වෙන තුරු යන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට පාරට බැස්සම තමා හදිස්සිය. මගේ ඉඩම විකුණපු ඔප්පුව රෙගිස්ටර් කරන්න දාලා දැන් මාස හයයි. තාම නැහැ (නි)
සමහර පදිකයෝ කහ ඉර මතින් ගමන් කරද්දී බොහොම හෙමින් ගමන් කරනවා. රියැදුරා වාහනය ගොඩක් වෙලා නවතා ගෙන ඉන්නවා. මේ වගේ අනතුරු වලට පදිකයනුත් වග කියන්න ඕනෑ. මමත් රියදුරෙක් (නි)
කහ ඉර තුල ඉන්නතාක්කල් මගියාගේ ආරක්ෂාව නිතියනුකූල වේ. මොකද ඔහු හෝ ඇය රෝගියෙක්, මහල්ලෙක් විය හැකියි.එබැවින් හෙමින් පාර මාරුවෙන්න පුළුවන්. සියලුම රියදුරුවරුන් වාහන එලවිමේදී මගින් ගැන දැඩි විමසිල්ලකින් පසුවෙනවානම් මෙවැනි අනතුරු බොහොමයක් වැලැක්විය හැකිය.. හිතන්න. නීතියට වඩා උතුම් තමන් අතින් වැරද්දක් සිදු නොවීමට. නැවත හිතන්න මිනිසුනේ අසරණ ජිවිත ගැන.කල්පනාවෙන් වාහන පදවන්න.කලබලයෙන් හදිසි ගමන් නොයන්න.එසේ යනවනම් වෙනත් කෙනකුට වාහනය පදවන්න දෙන්න. බලන්න දැන් අර පවුල කොපමණ අසරණ වෙලාද කියල. මාධ්‍ය වලින් දිනකට අනතුරු දැන්වීම් කිහිපයක් පෙන්වනවානම් හොදයි. (අ)
දිනේෂ්, කහ ඉර මාරුවෙන අය අතිනුත් වැරදි වෙනවා. පාර දෙපැත්ත බලන්නෙ නැතුව එකපාරටම පාර මාරු වෙනවා. කහ ඉරේ නිසා රියදුරාට වාහනය නවත්වන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. රියදුරාට ගහන එක නම් අනුමත කරන්න බැහැ (නි)
ජෙරාඩ් උන්නැහෙ, රියදුරෙකුට ඉවසිම කියන දෙය අනිවාර්යෙන් තිබියයුතු දෙයක්. මුන්නැහෙට ඒක නැති පාටයි. (නි)
ලංකාවේ තිබෙන මාර්ග නීති එංගලන්තයේ මාර්ග නීති වලට බොහොම සමාන වේ. වෙනසකට ඇත්තේ එංගලන්තයේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මාර්ග අනතුරු අඩුයි. ලංකාවේ ඒ නීතිම තිබුනට නීතිය ගරු නොකරන රියදුරන් සහ නීතිය ඒ විදියට ක්‍රියාත්මක නොකරවන පොලිසිය නිසා අනතුරු වැඩියි. මට හිතෙන්න්නේ යුරෝපයේ රටවල වගේම නීතිය කඩකරන රියදුරන්ට ඉතාමත්ම තද දඬුවම් දිය යුතුමයි. විශේෂයෙන් පුද්ගලික බස් රියදුරන්ට. එක අවුරුද්දක් මේක ක්‍රියාත්මක කරලා බලන්න ප්‍රතිඵලය. ඒ නැතුව හැමදාම මාර්ග අනතුරු කියමින් හිටියට මේකේ කෙරවළක් වෙන්නේ නැහැ. දිනෙන් දින මාර්ගවල ධාවනය වෙන වාහන වැඩිවෙනවා ඇරෙන්න අඩුවීමක් නොවෙන නිසා දැනටමත් ප්‍රමාද වුණත් නීතිය හරියට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න. (නි)
යු.කේ. වල කහ ඉරි නැහැ, සුදු ඉරි තියෙන්නේ.මෙහෙ පුදුම විනයක් තියෙන්නේ (නි)
පුෂ්ප-ජර්මන්, අපේ රට මකලාවත් හදන්න බැහැ. යුරෝපයේ දේශපාලකයෝ යන්නේ පොදු වාහන වල. රට හදන්න පෙර පාර්ලිමේන්තුව හදන්න (නි)
මේ මනුස්සය පාර පැනල තියෙන්නේ කහ ඉර උඩින් නෙමෙයි .. හොඳට බලන්න ... අර පොලිස් රාළහාමිලා කහ ඉර උඩ ඉන්න ෆොටෝ එකේ වැන් එක නවත්වල තියෙන්නේ ගොඩක් ඈතින් .. හැප්පිච්ච මනුස්සයාගේ ලේ තියෙන්නේ ඒ වැන් එක නවත්වල තියෙන තැන පාරේ .. ෆොටෝ ටික හොඳට බැලුවොත් තේරුම් ගන්න හරි ලේසියි ... (ස)
ජෙරාඩ් මහත්තයෝ,ඔබ රියදුරෙක් නම් ටිකක් ඉවසන්න ඕනෑ නේද? (නි)
ජෙරාඩ් , ඔබ කොහේ කහ ඉරි ගැනද කතා කරන්නේ?ලංකාවේ නම් හුඟක් වෙලාවට පදිකයින් වාහන ගිහින් ඉවරවෙනකල් බලා ඉන්න ඕනෑ.වාහන නවත්තාගෙන ඉන්නවා මම නම් දෙකල නැහැ. (නි)
නීතිය කොහොම වුණත්,මමත් දිනේෂ් සමග එකගයි.මගේ පියාත් 1968 දී මියගියේ බිමත්ව නාවලපිටිය. තංගල්ල ලංගම බස් රථය පැදවූ රියැදුරු නිසා. රියදුරාත් එම අනතුරින්ම මියගියා. (නි)
පුෂ්ප, ලෝකයේ කොහෙත් මාර්ග නීති හා මාර්ග සලකුණු එකයි. නමුත් නීතිය පිළිපදින ක්‍රමය හා නිතිය ක්‍රියාත්මක වෙන විදිය වෙනස්.එසේම දඩුවම් ක්‍රම හා දඩ ගසන ක්‍රමත් වෙනස්. (නි)
මේ වගේ මෝඩයන්ටද තව බලපත්‍ර දෙන්නේ.සුක්කානම අතට ගත්ත පළියට ඉගිල්ලෙන්න පුළුවන්ද? පයින් යන මගියා ගැන අනිවාර්යයෙන් සැළකිලිමත් වන්න ඕනෑ (නි)
ලංකාවේ පදිකයෝ කහ ඉර මතින් ගමන් කරද්දී දුරකථනය කනේ තබාගෙන කිසිම අවධානයක් නැතුව පාර මාරු වෙනවා. රියදුරොත් එහෙමයි අනෙක් දේ තමයි කහ ඉර දෙපස පදික මාරුව සදහා සිග්නල් පහන් තිබුනත් ඒවා රතු තියෙද්දී පාර පනිනවා. මේකට රියැදුරන් විතරක් නෙමෙයි පදිකයනුත් වග කියන්න ඕනෑ (නි)
මිනිහා තාත්තගේ පවර් එක හිතට අරගෙන ඇති. (නි)
"රියදුරෙකුට ඉවසිම කියන දෙය අනිවාර්යෙන් තිබියයුතු දෙයක්. මුන්නැහෙට ඒක නැති පාටයි." තාත්තගේ පවර් එක හිතට ගත්තම අනික් ඒවා නැතිවෙනවා. බලන්න මේකත් මෙතනින් ඉවර වෙනවා. (නි)
මෝඩ බන්දුල ඔන්න අදත් කට ඇරලා., ඒ වගේම ජෙරාඩ්, ඔය දෙන්නම මාර්ග නීතිය ගැන දන්නේ නැහැ වගේ. කහ ඉර කියන්නේ පදිකයන්ට මාරු වෙන්න නීතියෙන් වෙන් කරපු ස්ථානයක්. එතැනදී හෙමින් යනවද හයියෙන් යනවද දුවනවද කියල දෙයක් නැහැ. පැහැදිලිව කහ ඉර ඇදලා තියෙන්නේ වාහන වලට ඈත තියා බලාගන්න. කහ ඉරට ලං වෙනකොට කෙනෙක් හිටියත් නැතත් වාහනේ වේගය අඩු කරන්න ඕනේ. කහ ඉරේදී කෙනෙක් යට කලොත් කිසිම සමාවක් නැහැ. (ස)
වැන් එක ගත්තේ පඩි සල්ලිවලින් පිනෑන්ස් කරලා වෙන්න ඇති. ඉතින් ඒ නිසා පුතා වැන් එක හයර් කරලා ගෙවන්න ඕන නිසා වේගෙන් එලවන්න ඇති. (නදී)
කාට වත් දොස් කියලා පලක් නැහැ...මේක කර්ම විපක්ෂ පල දීමක්. වාහනේක හැපිලා මැරෙන්න තියනවා නම් ඒක නතර කරන්න කිසි කෙනෙකුට බැහැ. වාහනේ ගෙදරට ඇවිල්ලා හරි හැප්පෙනවා.(නදී)
මගියාගේ වරද නේ ලංකාවේ කහ ඉරි වලදී වාහන නවත්වන්නේ නැහැ කියල දන්නේ නැද්ද?(නදී)
වෑන් රථය ගිනිතියන්න කවුරුත් උත්සහ කරලා නැහැ වගේ! (අ)
එංගලන්තේ රියදුරුගේ වරදින් රිය අනතුරක් වුවහොත් අවුරුදු 10ක සිර දඩුවමක් දිය හැකි උනත් ලංකාවේ දවස් 2න් නිදහස්. දැන් වත් රිය අනතුරු සදහා දැඩි දඩුවම් හදුන්වා දියයුතුය (අ)
ඔබ පාර මාරු වීමට කහ ඉර මත අඩිය තියන විට, කහ ඉර දෙපස ඇති තනි කහ ඉරි (3 පින්තුරේ ඇත ) ඇතුලේ වාහනය තිබිලා එහි ගැටුනොත් රියදුරා අතේ කිසිම වරදක් නැත. එම නිසා වාහනය එම සීමාවට එහා ඇති විට පාර මාරු වෙන්න. නමුත් සමහර අය කොහේ හිටයත් යට කර ගෙන යනවා. (නදී)
ජයන්ත ගේ අදහස් වලට එකඟ නෑ,,,ඕස්ට්‍රේලියා හරි යුකේ හරි ගිහින් ඇවිත් අදහස් දමන්න. (ස)
ජෙරාඩ්,ඔයා දන්නේනැද්ද කහ ඉරක් ලංවෙනකොට වාහනවල වේගය අඩුකරන්න ඕනේ කියල. (අ)
මෙහෙ රටවල කහ ඉරකදී මගියෙක් හිටියා හෝ නොහිටියත් . වාහනයේ වේගය බාල කිරීම සිරිතක් වෙලා ..මගියෙක් කහ ඉර ලග ප්‍රමාද වෙනවා දැක්කොත් අපි ඒ මනුස්සයට යන්න ඉඩ දීම පුරුද්දක් වගේම හැමෝගෙම අවදානය යොමු උන දෙයක් ..එත් අපේ රටනම් අන්තිමයි ...? (අ)
පොලිස් බේබි හාමුගේ ගමනට බාධා කලට වහාම පදිකයින් දෙන්න අත්අඩංගුවට ගතයුතුයි. (අ)
ග්‍රෑන්ඩ් මහත්තයා, ඔයාගේ කතාව නම් හරිම වැරදියි. කහ ඉරි හරහා මාරු වෙන මගියෙක් හිටියත් නැතත් රියදුරන් කහ ඉරට සමීප වෙන විට වාහනයේ වේගය අඩු කිරීමක් හෝ වාහනය සම්පුර්ණයෙන් නැවත්වීම මාර්ග නීතියකි (නි)
මේ ගල්කිස්ස පොලිසියේ ලොකු තැනගේ පුතන්ඩියගේ වැඩක්. පිස්සෝ වගේ වාහන එලවද්දී ඔහොම වෙනවා. බලේ තිබ්බට මොලේ නැහැ. (නදී)
සියලුම කහ ඉරි වලට කලින් වේගය බාල කරවන සුදු ඉරි 3 ක් දැමිය යුතුය. මෙහි කලින් අදහස් දමා තිබෙන සියලුම රියදුරන්ගේ දැන ගැනීමට. කහ ඉරි තිබෙන්නේ පදිකයන් සදහා බව මතක තබාගත යුතුය (නි)