නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම ආදී චෝදනා කිහිපයක් එල්ල වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය එම පරීක්ෂණ පවත්වන බවත්, දිගින් දිගට පළ වූ මාධ්‍ය වාර්තා එම විමර්ශනයට හේතු වී ඇති බවත් සිරිවර්ධන මහතා පවසයි.
මේ පොලිස් ප්‍රධානියා සම්බන්ධයෙන් පළාතේ පොලිස් ප්‍රධානීන් විසින් පොලිස්පතිට ලිඛිතව දන්වා ඇතැයි ද කියයි.
නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම, අයහපත් පරිපාලනය, විවිද හේතු දක්වමින් කඩහිමියන්ගෙන් මුදල් එකතු කිරීම, පෞද්ගලික වැඩට පොලිස් සාමාජිකයන් යොමු කිරීම ආදී චෝදනා රැසක් ඔහු වෙත එල්ලවී තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ නොවන ඇමැතිවරයකු ඔහු ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ විමර්ශනයෙන් පසු වරදක් සිදුවී ඇතැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
තමාට එරෙහිව මඩ ප්‍රචාරයක් යන බව කියන් එම නිලධාරියා පසුගිය මාසයේ මාධ්‍ය ආයතනයකට හා දේශපාලනඥයන් හමුවීමට ගොස් ඉහළ පොලිස් නිලධාරියකු පිළිබඳ දැඩි ලෙස විවේචනය කර ඇති බවටත්, එම පොලිස් ප්‍රධානියා ඔහුගේ අයථා ක්‍රියාවන්ට එරෙහිව නිසි පියවර ගැනීම ඊට හේතුව බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මේ ස්ථානාධිපති තමාගේ හිතවකුගේ පෞද්ගලික වැඩට පොලිස් රියදුරයකු යොදා ගත් බවට විමර්ශනයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී එම පෙලිස් රියදුරා වෙනත් ස්ථානයට ස්ථාන මාරු කළැයි ද, ඔහුගේ ක්‍රියාකලාපය ගැන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද පොලිස්පතිවරයාට දන්වා ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඔය නිලධාරියා අඩු ගානේ ගෙයක් හදා ගන්නකල් වත් ඉන්නකෝ!! (ස)
පොලිස් ලොක්කන්ගේ දරුවෝ වැඩි දෙනෙක් එන්ගලන්තේ ඉගෙන ගන්නවා. මෙතන තියෙන්නේ ඉරිසියාව විය හැකියි. (නි)
ඉතින් සමහර පොලිස් ලොක්කන් වරෙන්තු පිට ඉන්න අයගේ කරට අත දාගෙන සමහර තැන්වල පෙනී ඉන්නේ. එතකොට නිල ඇදුම කනවා නෙමෙයිද? විශේෂයෙන් අර කෝට්ටේ පන්සලේ හාමුදුරුවෝ ඝාතන සිද්ධියේදී දැක්කනේ මාධ්‍ය වල පොටෝ එක්ක දාලා තිබ්බ පොලිස් ලොක්කන්ගේ වැඩ?වෙන රටක නම් මේවට එවලේම වැඩ තහනම් කරනවා (නි)
අර තරුණ පොලිස් නිළධාරිනියන්ට බලපෑම් කරන අයවත් හොයන්නකෝ (නි)
අද පොලීසියේ කවුද ඉන්නේ හොඳ කට්ටිය ආශ්‍රය කරන? බහුතරයක් අද ආශ්‍රය කරන්නේ දේශපාලනඥයෝ. චණ්ඩියෝ. කුඩු මුදලාලිලා වගේ අය. නිල ඇඳුම ඇඳ ගත්තහම අහිංසකයෝ අල්ලාගෙන තඩි බානවා. මොනවාහරි වැඩකට පොලීසියට ගියහම පගාව ගන්නවා. නීතිය රකින්න හිටියට මුදලට සහ වෙනත් දීමනාවලට හැම දෙයක්ම වෙනස් කල හැකි දක්ෂ නිලධාරින් තමා ගොඩක් ඉන්නේ. අහිංසකයෙක් අල්ලලා කුඩු පැකට් එකක් සාක්කුවේ දාල හරි වැරදි කරුවෙක් කරලා කූඩුවට යවන්න මාන බලා ඉන්නේ. තමන් රජයෙන් පඩි ගන්න ජනතා සේවයට බැදී සිටින බව මතක තබා ගතයුතුයි. (ත)
මට මතක නැහැ කියාවිද දන්නේ නැහැ. (ත)
ගම්පහටම මෙහෙම වෙන්නේ මොකද? පුදුම මිනිස්සු තමා මගේ පළාතේ ඉන්නේ (ත)
නරක ඇසුර තමයි වරද (දී)
පොලිස් නිළදාරියෙක්ගේ කාර්යභාරය යනුවෙන් පොඩි එකා ලියන රචනාවට අවශ්‍ය කාරණා 5ක්ම මෙතන ලියවිලා තියෙනවා.(නදී)
එක්කෙනා ගෑනද දෑනගෙන තියෙන්නෙ අපි නම් 100කට වඩා දන්නවනෙ (ත)
ඇත්තටම ආයෙමත් කොට කලිසම දෙන්න ඕනේ. ඒකෙ කකුල් ලොකු හින්ද ඇතුලට හොඳට හුලං වදිනවා.(නදී)
පොලිස් කොමිසම තියෙන නිසා කියල දඩුවම් කරානම් ඉවරයි (ත)
මීට සර කීපයකට පෙර ඔය පැත්තෙම තවත් පොලිස් ස්ථානයට මේ වගේම එක්කෙනෙක්. දැන් එයා නෑ. අඹු සැමි ප්‍රශ්නයක් ආවොත් පිරිමියාව කූඩුවට දානවා. (ත)
ගම්පහ හොද පළාතක්.නමුත් පොලිසියෙ සමහරු පළාතම ගද ගස්සලා තියෙන්නේ. (නි)
පොලිස් නිළ ඇදුම කොච්චර ලස්සනද? තිබුන කොට කලිසම දෙන්න ඕනෑ ආපහු, හොරා පොලිස් කාරයන්ට. (නි)
මේ විදියට පරීක්ෂණ පවත්වන්න ගියොත් පොලිසේ ස්ථානාධිපතිලා 95% විතර විරුධව පරීක්ෂණ කරන්න වේවි , එතකොට පොලිසි රාජකාරි කරන්නේ කොහොමද ? (නදී)
දියුණු ලෝකයට හා විසි එක්වන සියවසට ගැලපෙන අචාර ධර්ම පද්ධතියට අනුව ක්‍රියාත්මකවන පොලිස් දෙපාර්තමේන්තුවක් නැතිව ලංකාවට ඉදිරි ගමනක් නැහැ. (ත)
වෙන කවුරුහරි නම් චෝදනාවක් එල්ල වෙනකොටම ගිහින් අල්ලන් එනවා. හිතුනොත් දෙකක් අනිනවා. කුඩුවට දානවා. රිමාන්ඩ් කරනවා. ඒ ඉතින් වෙන අයනේ. (නි)
අපොයි..මේවගේ නිලදාරීන් රත්නපුරේ පැත්තෙත් ඉන්නවා. (ත)