පොලිස් නිල සුනඛයන් මෙරටට ගෙන්වීමේදී වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීම සදහා මෙරටදී අභිජනනය කර ලබා ගත් සුනඛයින් 30 දෙනෙක් ඉදිරියේදි පොලිස් රාජකාරි සදහා පුහුණු කිරීම් අරඹන බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ ගාමිණී දිසානායක මහතා මහනුවරදී පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුයේ මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වු සුනඛයින් 43 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මාස හයක පුහුණුවක් ලබා පොලිස් සේවයේ රාජකාරි සඳහා නිල සුනඛයින් හා ඔවුන්ගේ භාරකාර පොලිස් නිළධාරින් විසිර යෑම සදහා පැවැති උත්සවයේදීය.
පොලිස් නිල සුනඛයන් සේම ඔවුන් පිටුපස සිට විශාල මෙහෙයක් කරන පොලිස් නිලධාරින්ද ඇගැයිය යුතු බවත් ඔවුන් යුද සමයේදිද,දරුණු අපරාද හමුවේද, විශාල මත්ද්‍රව්‍ය වැටලිම් වලදිද නිහඩ සේවයක් කරන බවත් ඒ මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිදුවන අපරාධ අල්ල ගැනීමට මේ නිල සුනඛයෝ ලොකු දායකත්වයක් ලබා දෙනවා.(හේ)
බැලුවහම අපරාධකාරයෝ, කුඩුකාරයෝ අල්ලපු වෙලාවට තරු පටි ගහගෙන කැකිරි පැළෙන්න හිනාවෙලා ෆොටෝ ටික පත්තරේට දාගත්තට, මේ සුනඛයෝනේ හොරු අල්ලලා තියෙන්නේ. (නි)
හරිම සුන්දර දසුනක් (නි)
සමහර මිනිසුන්ට වඩා හොඳ ගතිගුණ මේ තිරිසන් සතුන් ළඟ තිබෙනවා (නි)
මාලක, මමත් ඔබේ අදහස අනුමත කරමි. (නි)
අපේ රටේදීම අභිජනනය කිරීමට සැළසුම් කිරීම කොච්චර හොඳද? (නි)
ලලිත් මෝඩ කම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. වල් බල්ලෙක් දාල බලනවා ඔය කියන අපරාධකාරයෝ, කුඩුකාරයෝ අල්ලයිද කියල. බල්ලව වුනත් ඒ තත්වෙට ගේන්න තනි මිනිහෙක් කොච්චර මහන්සි විය යුතුද. (බ)
අපේ බල්ලෝ අපිට හොඳයි (බ)