IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් නිල සුනඛයෝ විසිර යති

පොලිස් නිල සුනඛයන් මෙරටට ගෙන්වීමේදී වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීම සදහා මෙරටදී අභිජනනය කර ලබා ගත් සුනඛයින් 30 දෙනෙක් ඉදිරියේදි පොලිස් රාජකාරි සදහා පුහුණු කිරීම් අරඹන බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ ගාමිණී දිසානායක මහතා මහනුවරදී පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුයේ මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වු සුනඛයින් 43 දෙනෙකු   පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මාස හයක පුහුණුවක් ලබා පොලිස් සේවයේ රාජකාරි සඳහා නිල සුනඛයින් හා ඔවුන්ගේ භාරකාර පොලිස් නිළධාරින් විසිර යෑම සදහා  පැවැති උත්සවයේදීය.

පොලිස් නිල සුනඛයන් සේම ඔවුන් පිටුපස සිට විශාල මෙහෙයක් කරන පොලිස් නිලධාරින්ද ඇගැයිය යුතු බවත් ඔවුන් යුද සමයේදිද,දරුණු අපරාද හමුවේද, විශාල මත්ද්‍රව්‍ය වැටලිම් වලදිද නිහඩ සේවයක් කරන බවත් ඒ මහතා කීවේය.

police_2016225 police_2016225-2 police_2016225-3 police_2016225-4



අදහස් (0)

පොලිස් නිල සුනඛයෝ විසිර යති

ලක්සිරි Friday, 26 February 2016 08:15 AM

රටේ සිදුවන අපරාධ අල්ල ගැනීමට මේ නිල සුනඛයෝ ලොකු දායකත්වයක් ලබා දෙනවා.(හේ)

:       0       0

ලලිත් Thursday, 25 February 2016 05:29 PM

බැලුවහම අපරාධකාරයෝ, කුඩුකාරයෝ අල්ලපු වෙලාවට තරු පටි ගහගෙන කැකිරි පැළෙන්න හිනාවෙලා ෆොටෝ ටික පත්තරේට දාගත්තට, මේ සුනඛයෝනේ හොරු අල්ලලා තියෙන්නේ. (නි)

:       0       0

විමලරත්න Friday, 26 February 2016 12:49 AM

හරිම සුන්දර දසුනක් (නි)

:       0       0

මාලක Friday, 26 February 2016 01:42 AM

සමහර මිනිසුන්ට වඩා හොඳ ගතිගුණ මේ තිරිසන් සතුන් ළඟ තිබෙනවා (නි)

:       0       0

ජනක Friday, 26 February 2016 01:59 AM

මාලක, මමත් ඔබේ අදහස අනුමත කරමි. (නි)

:       0       0

කැළණි විතානගේ Friday, 26 February 2016 03:00 AM

අපේ රටේදීම අභිජනනය කිරීමට සැළසුම් කිරීම කොච්චර හොඳද? (නි)

:       0       0

ඇසළ Friday, 26 February 2016 03:33 AM

ලලිත් මෝඩ කම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. වල් බල්ලෙක් දාල බලනවා ඔය කියන අපරාධකාරයෝ, කුඩුකාරයෝ අල්ලයිද කියල. බල්ලව වුනත් ඒ තත්වෙට ගේන්න තනි මිනිහෙක් කොච්චර මහන්සි විය යුතුද. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Friday, 26 February 2016 03:48 AM

අපේ බල්ලෝ අපිට හොඳයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site