කෑගල්ල, බුලත්කොහුපිටිය පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකුට වෙඩි වැදී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ඔහුට වෙඩි වදින්නට ඇත්තේ පොලිසියේ වෙනත් පුද්ගලයකුගෙන් බවට ලැබී ඇති තොරතුරු ගැන පොලිසිය පරීක්ෂණ කරයි.
අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මෙම පරීක්ෂණය බාරව සිටියි. දැනගන්නට ඇති ආකාරයට තුවක්කුවේ දෝෂයක් ගැන සගයකු සොයා බලද්දී ඔහු අතින් එය පත්තු වන්නට ඇතැයි කියති. තුවාල ලැබූ පුද්ගලයාගෙන් කටඋත්තරයක් ගැනීමටද මෙතෙක් හැකිවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම නරක අරංචිමයි අහන්න ලැබෙන්නේ. (ර)
මෙවැනි පුවත් අසන්න නොලැබේවා.! (ර)