අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාර කැබ් රථයක් අද (05) අලුයම අම්බලන්ගොඩ කැපු ඇල දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
දුම්රිය හරස් මාර්ගයේදී එකවරම කැබ් රථය නතර වී ඇති බවත්, පොලිස් නිලධාරින් රථයෙන් ඉවත්ව ඇති බවත්, අනතුරින් කැබ් රියට හානි සිදුව ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවත් ඔහු පවසයි.
වීඩියෝ - දේමුණි ධනූජ සම්පත්
![IMG_0221[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02211.jpg)
![IMG_0200[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02001.jpg)
![IMG_0220[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02201.jpg)
![IMG_0199[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_01991.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබවින්ම පොලිසියට නොගැළපෙන කබල් වාහන නිසා පොලිස් නිලධාරීන් විඳින ගැහැට අපමණ බව මෙයින් පෙනේ (නි)
පුදුමයි පොලිසියේ වාහනයක් නතරවුණා (නි)
මාලි, නම්බුකාර විදියට ලියන්න ඉගෙනගන්න අනිත් අයටත් ආදර්ශයක් වෙන්න. කියවලා බලන්න ලියන්න කලින්, වාහනය පාර මැද නැවතිලා නේද? (නි)
අනේ! ජීවිත බේරුන එක ලොකු සතුටක්. (නි)
ඇසළ, ඔයා කවුද මාව හදන්න..? කට පියාගෙන ඔයාගේ වැඩක් බලාගන්න. (නි)
පොලිසිය කවදද ඇත්ත කීවේ .පේන විදිහට පොලිසිය නතර කරන්න කියල පුවරු මාර්ග බාධක සේරම කඩාගෙන ගිහිල්ල වගේ.ඔය සේරම ගැලවිලා තියෙන්නේ .මාලි හරි (බ)
පොලිස්කාරයොත් හරිහැටි පාරෙ යන්න දන්නෙ නෑ (බ)