පොලීසිය සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි 120 ක් සඳහා විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, පක්ෂපාත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පළාත් කාර්‍යාල නවයට නිලධාරින් පත්කොට ඇති බව පැවසූ ඒ මහතා ඒ ඒ පළාත් වලින් ලැබෙන පැමිණිළි පළාත් මට්ටමින් සිදු කරන බවද පැවසීය.
පළාත් මට්ටමින් පරික්ෂණ සිදු කිරිමේදී ලැබී ඇති පැමිණිළි අතුරින් විශේෂ සිදුවීම් ඇතොත් එය කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරන බවද ඔහු කීවේය.
යම් ආකාරයකින් ලැබී ඇති පැමිණිල්ලට අනුව එම චෝදනා නිවැරදි බවට ඔප්පු වුවහොත් ආයතන සංග්‍රහයට අනුව අදාල නිලධාරියාට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමටත් ඔහුට එරෙහිව නඩු පැවරීමටත් කටයුතු කරන බවද ආරියදාස මහතා වැඩිදුරටත් පැවසීය පැවසීය.
ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 9 ගොඩනැගිල්ල, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, කොළඹ 07 ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර මීට අමතරව පළාත් මට්ටමින් ඇති කාර්‍යාලයන්ටද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලේකම්වරයා සඳහන් කරයි.
පොලිස් කොමිසම සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විතයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා එහි සභාපතිත්වන අතර ෆ්‍රෑන්ක්ද සිල්වා, තිලක් කොල්ලුරේ, ඇන්ටන් ජෙයනාදන්, එම්.පී.එච්. මනතුංග, වයි.එල්.එම්.සවාහීර් සහ සාවිත්‍රි විජේසේකර යන මහත්ම මහත්මීන් පොලිස් කොමිෂන් සභාවේ සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු මහජන පැමිණිලි විභාග කිරීම පමණක් සදහා පොලිස් කොමිෂම ක්‍රියා කිරීම මහජන මුදල් නාස්ති කිරීමකි. (ර)
දියුණු ලෝකයේ සැකකරුවෙක්ගෙන් ප්‍රශ්න කරන ආකාරය ගැන විද්‍යාත්මක ඉගෙනුමක් සියලුම පොලිස් නිලධාරීන්ට ලබාදිය යුතුය.දේශපාලකයන්ගේ අතකොලු නොවී කොන්ද කෙළින් තියාගෙන ජීවත්වීමේ අගය කියාදිය යුතුය (නි)
පොලිස් කොමිසම ගැන ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීම ඔබ සැමගේ වගකීම බව අමතක කරන්න එපා. (නි)
අපක්ෂපාතීව මහජනතාවට සේවය කිරීම අපි බලාපොරොත්තු වෙනවා (නි)