කාන්තා පොලිස් නිළධාරීනියන් දැනට භාවීතා කරන නිල ඇදුමට අමතරව කාර්යාල රාජකාරී වලින් පරිබාහිර රාජකාරී කටයුතු වලදී භාවිත කිරීමට ජුනි පළමු වැනිදා සිට පොලිස් කාන්තාවන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කොස්තාපල් හා සැරයන් වරියනට දිග කලිසමක් හා අත් දිග කමිසයක් ද උප පොලිස් පරීක්ෂකවරියන්ගේ සිට සහකාර පොලිස් අධිකාරිවරියන් දිගු කලිසමක් හා කාකි කබායක් ද ගැබිනි පොලිස් කතට ගවොමක් ද හඳුන්වා දෙනු ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පොලිස් කතට අලුත් ඇඳුමක්
දයා අලහකෝන් Saturday, 31 May 2014 08:56 AM
ඒක යහපත් දෙයක් (ස)
සමන් කුමාර Saturday, 31 May 2014 09:56 AM
අපිට දැන් අඩුවෙලා තිබුනේ එච්චරයි! දැන් ඉතින් ලෝකයේ ඉතාම හොඳ නීති ගරුක පොලිසිය ලංකාවේ පොලිසිය වේවි. (ස)
අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 31 May 2014 10:09 AM
බොහොම හොඳ වැඩක්. මොකද? සමහර පොලිස් කාන්තාවෝ ඉන්නවා දැන් අඳින ටයිට් ස්කර්ට් එකට ලස්සනයි. හැඩයි. මහත පොලිස් කාන්තාවන් එ්ක ඇන්දා ම පිටි මිටියක් එතුවා වගේ. පොලිස් ගෞරවය පවා නැති වෙනවා. එතරම් විසිළු ස්වභාවයක් තියෙනවා. (ස)
සාරංග Saturday, 31 May 2014 10:49 AM
පාසල් දරු දැරියන්ටත් ඔය වගේ දිග කලිසම් දුන්න නම් හොඳයි (අ)
කොලි Friday, 30 May 2014 08:00 PM
ඇඳුම් මාරු කරන්න ඕන නැහැ තියෙන ඇඳුම හොඳියි (අ)
සංජීව Saturday, 31 May 2014 10:56 AM
ඒ වෙනස කොහොම වේවිද කියල බලන්න වෙන්නේ අලුත් ඇඳුම හඳුන්වල දීල රාජකාරි කරන කොටම තමයි. (අ)
රමිත් Friday, 30 May 2014 08:34 PM
මෙය ඉතාම හොඳ තීරණයක්. මේ නිසා ඔවුන්ගේ පෞරුෂත්වය,අභිමානය ඉහළ යනු ඇති. පොලිස්පති තුමා ගත් බුද්ධිමත් තීරණයට අපගේ පැසසුම්.(දිල්)
පහන්දී Saturday, 31 May 2014 11:12 AM
අනේ ඇදුම මොකක් වුනත් කමක් නැහැ.., නීතියයි හරියට කරන්න ඕනේ.., දැන් යුනිෆෝම් එක මාරු කරා කියල., දේශපාලකයන්ගේ බලු වැඩ නතර වේවිද...? රටේ දාමරික වැඩ හොරකම් මිනීමැරුම් ඒවා නතර වෙවිදා..?ඒවා නේද රටකට වටින්නේ., ? (අ)
සරා Friday, 30 May 2014 09:27 PM
අනිවාර්යෙන්ම ඉතා හොද දෙයක්. කොටට ඇදගත්තම අදාල හදිස්සි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ගොඩක් දුරට අපහසු වෙනවා (අ)
චන්ද්‍රා Friday, 30 May 2014 09:31 PM
මින් රටට ජනතාවට උස්සස් අවංක සේවයක් වනවානම් අනේ හොඳා , (අ)
කෝකිලායි Friday, 30 May 2014 09:58 PM
සාරිය අන්දවන්න. (ස)
රුවන් Saturday, 31 May 2014 06:45 PM
මේක කාලීන අවශ්‍යතාවයක් (නි)
ජීවන් මධුසංක Friday, 30 May 2014 10:13 PM
ඒක හොඳයි.පොඩි වෙනසකටත් එක්ක. (ස)
රූපවතී Friday, 30 May 2014 11:22 PM
ඇත්තටම මේ දේ ගැන මම ගොඩාක් කල් සිට හිතුවේ ලංකාවේ පොලිස් කාන්තාවෝ දකිද්දී හදිසියකටවත් මේ කාන්තාවෝ දුවන්නේ කොහොමද ..? කියල ? මුළු ලෝකෙම බොහොමයක් පොලිසිවල කාන්තාවෝ අදින්නේ දිග කලිසම ..ආරක්ෂාව වගේම පහසුව , මෙන් , ප්‍රසන්නයි ! අපේ ලංකාවේ පොලිසියේ හැමෝටම .යුනිෆෝම් එකට සවිකළ වීඩියෝ කැමරාවක් අනිවාර්ය කලානම් දියුණු රටවල වගේ දේශ පාලකයන් මෙන්, පගාව ගහන රාළහාමිලාටත් , වැරදි කරන, ධාමරිකයින්ටත් හොද ..පාඩම් ටිකක් උගන්වන්න හැකියි ...? (ස)
කුමාර Saturday, 31 May 2014 12:28 PM
මොන ඇදුම ඇන්දත් වැඩක් නෑ තමන්ගේ රාජකාරිය හරියාකාරව කෙරුවේ නැත්නම්. (අ)
නාත් රණසිංහ Saturday, 31 May 2014 12:03 AM
හොඳයි. හෙදියන්ගේත් ඇඳුම මාරු කරන්න ඕනේ.(ස)
ගුණපාල Saturday, 31 May 2014 01:34 AM
මෙයාලට කලිසම් අන්දන්න ඕනේ දුවන්න පනින්න ලේසි වෙන්න. (ස)
ලසිත Sunday, 01 June 2014 02:11 AM
ඇත්තෙන්ම ඉතාමත් කාලෝචිත තීරණයක් (නි)
මරියන්ති Saturday, 31 May 2014 06:07 AM
සාරිය වඩාත් සුදුසු පොලිස් පරීක්ෂක මට්ටමට. (ස)
HimaThursday, 04 February 2021 02:25 PM
පොලිස් නිලධාරියෙක් සහ නිලධාරිවරියක් කියද්දි සමාජය තුළ කුමන චිත්ත රූපයක් මැවුණත්... අවංක නිලධාරිවරුන් ඉන්නවා.. පොලිස් නිල ඇඳුම අනිවාර්යයෙන්ම කාන්තා නිලධාරින්ගේ වෙනස් විය යුතුමයි.. මන්ද බෝනික්කන් නොව හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ලබා දුන් පුහුණුව එසේ ක්‍රියාත්මක කිරීමට නම් යෝජිත නිල ඇඳුම ඉතා සුදුසුයි.