කාන්තා පොලිස් නිළධාරීනියන් දැනට භාවීතා කරන නිල ඇදුමට අමතරව කාර්යාල රාජකාරී වලින් පරිබාහිර රාජකාරී කටයුතු වලදී භාවිත කිරීමට  ජුනි පළමු වැනිදා සිට පොලිස් කාන්තාවන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කොස්තාපල් හා සැරයන් වරියනට දිග කලිසමක් හා අත් දිග කමිසයක් ද උප පොලිස් පරීක්ෂකවරියන්ගේ සිට සහකාර පොලිස්  අධිකාරිවරියන්  දිගු කලිසමක් හා කාකි කබායක් ද  ගැබිනි පොලිස් කතට  ගවොමක් ද  හඳුන්වා දෙනු ඇත.