ජාතීන් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කිරීමේ අභිලාෂය පෙරටු කරගෙන පොලිස් දෙපාර්තමේන්තුවේ බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් ස්ලාම් භක්තික පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ඉෆ්තාර් උත්සවයක් අද (13) කොළඹ ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ දී පැවැත්විණි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මුස්ලිම් රටවල් කිහිපයක ශ්‍රී ලංකාවේ තානාපතිවරු , මුස්ලිම් අමාත්‍යවරු , මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වැඩසටහන් ඉදිරියේදී තව තවත් දැකගැනීමට ලැබේවා! (නි)
ඉතා අගය කලයුතුයි. (ර)
ගොඩාක් සතුටුයි. (ර)
අපි ඔක්කොම මේ ආගමික කටයුතු ඉහළින් අගය කරමු (නි)
පුජිත් ජයසුන්දර පොලිස්පතිතුමා යහපත් ගතිගුණ ඇති අයෙක් (නි)
හරිම සතුටුයි. මෙහෙමම යමු. තව ටික දුරයි (නි)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ, මනින්නට මිනිසා... (නි)
හරිම අගේ ඇති වැඩක්. මේවට අර සේනාව කුලප්පු වේවිද දන්නේ නැහැ (හේ)
කියන්න බැරිතරම් අගෙයි. අපි විඳිමු මේ සමගිය. (නි)
බොහොම සතුටුයි. (ර)
මොහොමඩ් වටරැක ඔයාගේ අදහසනම් ඇත්ත. (ර)
මිනිසුනේ, දැන්වත් අපි දියුුණු රටවල් දිහා බලාගෙන හෝ රට වෙනස්කර දියුණු වෙන්න බලමු (නි)
මෙවන් කටයුුතු හදවතින්ම අගය කරනවා (නි)
පසුගිය දවස් කෙසේවෙතත් රජය දැන් දැන් හොඳ වැඩ කරගෙන යනවා (නි)
සිතේ ඇතිදේ කව්දදන්නේ කියන්නට විමසා ? (අ)
මිනිසුනේ, දැන්වත් අපි දියුුණු රටවල් දිහා බලාගෙන හෝ රට වෙනස්කර දියුණු වෙන්න බලමු. ඉතා අගය කළයුතුයි මේ ක්‍රියාව. ඔබට බොහෝම ස්තුතියි (නි)
මොහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. අගයමු. (නි)
දැන්වත් අපි දියුුණු රටවල් දිහා බලාගෙන හෝ රට වෙනස්කර දියුණු වෙන්න බලමු (නි)
පොලිස්පතිතුමනි. ඔබතුමාට බොහොම ස්තුතියි. මිනිසුන් අතර සහජීවන බැඳීම් ඇතිකිරීමට ගන්නා උත්සාහයට. හැමෝම තණ්හාව ඉවත්කරලා මේක අපේ රට කියන තැනට පත්වුණොත් අපේ රට ලෝකේ උතුම් රට බවට පත්වේවි. (නි)
මේ වගේ වැඩසටහන් වැඩි වැඩියෙන් කිරීම වටිනවා (නි)
ඉතාමත් අගයකරනවා. ජාතීන් අතර සමගිය වටිනවා (නි)
ගොඩක් සතුටුයි මේ වගේ දේවල් දකිනකොට.(හේ)
පුවතට වඩා මෙහි පළකර තියන අදහස් බලද්දී හරිම සතුටුයි. අපේ ලස්සන ලංකාවට ආයුබෝවන්. (බ)
මෙම ක්‍රියාව ඉතාමත් ආදර්ශමත් . මේක තමයි රටට අවශ්‍ය . විශේෂයෙන් පොලිස්පති තුමා සම්බන්ධවීම හරිම වැදගත් මොකද එතුමා දේශපාලකයෙක් නොවන නිසා. මෙවැනි ක්‍රියා තව තවත් කරමින් ජාතිවාදය, ආගම්වාදය මේ රටින් තුරන් කිරීමට හැකියාව ලැබේවා (ම)
ජාතින් අතර සමගිය අපේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය තුල තිබ්බාට අනෙක් සිවිල් සමාජ තුල මේ එකමුතුකම දකින්නට ලැබෙනවද කියලත් සැකයි අද අහන්න ලැබෙන දේවල් අනුව.(ම)
ජාතික සමගියට මහඟු උත්තේජනයක්! පුජිත ජයසුන්දර මැතිතුමනි, ඔබට අපගේ ආචාරය! (නි)
දැන් අර අහවල් සේනාව මේවා දැකලා ඉන්න බැරුව තවත් කුමන්ත්‍රණයක් කරයිද දන්නෙ නැහැ (නි)