පොලිස් කාන්තාවන්ට නිතර හිරිහැර කරන බව කියන නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු ගැන වහා පරීක්ෂණයක් කර දෙසතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ආර් එල් රණවීර මහතාට නියෝග කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
එම විමර්ශනයේ දී අපරාධයක් සම්බන්ධයෙන් අනාවරණය වුවහොත් අපරාධ නීතිය යටතේ ද වෙනමම විමර්ශනයක් සිදු කරන ලෙස ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා තිබේ.
එම උසස් පොලිස් නිලධාරියාගේ හැසිරීම නිසා විමර්ශනයට බාධා සිදුවේනම් ඔහු ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා බව ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් කොමිෂන් සභාවේ සභාපති අමතා යවන ලද පෙස්සමක පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට ලැබීමෙන් පසු මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම උසස් පොලිස් නිලධාරියා එම ප්‍රදේශයට ස්ථාන මාරු ලැබ පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර මාසයේ දී බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටි පොලිසියේ දෙදෙනකු ද සමග ඔහු කාන්තාවන්ට බලපෑම් කරන බවත්, ඔහුගෙන් රාත්‍රියට දුරකතන ඇමතුම් හා එස්එම්එස් එන නිසා ඇතැම් පොලිස් කාන්තාවන් දුරකතන අංක වෙනස් කිරීමට පවා පියවර ගෙන තිබෙන බවත් එම පොලිස් නිලධාරීන් පිරිස යොමු කළ පෙත්සමේ සඳහන්ය.
අප්‍රේල් හතර වැනි දා පොලිසියක පැවැති මාසික පරීක්ෂණයක දී මෙම උසස් පොලිස් නිලධාරියා තම ඉන පටිය හා උර පටික ගලවා පොලිස් කාන්තාවක් අතට දී ඇති බව ද, ඒ සිද්ධියේ දී එම පොලිස් කාන්තාව දැඩි අපහසුතාවට පත්වී ඇති බව ද එහි දැක්වේ.
එම නිලධාරියා හදාරණ පාඨමාලාවකට අදාළ ව්‍යාපෘති කිහිපයක් පොලිස් කොස්තාපල්වරයකු ලවා සකසාගෙන පොලිස් කොස්තාපල්ගේ වියදමින් මුද්‍රණය කරවා ගත් බව කියන සිද්ධිය ගැන ද පරීක්ෂණ කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි සමාන සිදුවීමක් නැගෙනහිර පළාතේ බාරව කටයූතු කරන සමයේ අපේ නව පොලිස්පති තුමා පොලිසියේ නිලධාරියෙකුට අමතක නොවෙන පාඩමක් දුන්න බවනම් මගේ මතකයට නැගෙනවා! මෙතුමා සාධාරණය අකුරටම ඉස්ට කරන බව ඉර හද වගේ විශ්වාසයි (බ)
මේ දේවල්වලින් අපහසුතාවයට පත්වෙන්නේ පවුලේ උදවිය.ඉන පටිය, උර පටිය ගලවල දෙන්න තරම් අනංගයා නිවට වෙලා. (බ)
ඕව ඇත්ත නම් ඔය උණහපුලුවට ඉහලම දඬුවම් දෙන්න (බ)
තනතුරක් තිබුණට අධ්‍යාපනයක් නැතුව ඇති (නි)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
උසස් පොලිස් නිළධාරින් හිතන්න ඕනි තමන්ටත් බිරිද, දරුවෝ ඉන්නවා කියලා.මොවුන් පොලිස් කාන්තාවන්ටත් හිරිහැර කරයි නමි පොලිසියට සාධාරණය පතා එන කාන්තාවන්ට මොනා කරයිද? නව පොලිස් පති තුමනි අනිවාර්යයේන්ම මේකට පියවරක් ගත යුතුයි. (හේ)
පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩ කරන්නේ හිතුමතේ . අප්‍රේල් 17 වෙනිදා මම වාහනයේ ගමනක් ගිහින් එද්දී අබතලේ හරියේදී කිසිම හේතුවක් නැතුව මාව නවත්තලා මගෙන් වාහනේ පොත කෝ කියලා අහනවා. මම කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ වාහනේ පොත තියෙන්නම ඕනෑලු ළඟ. මගේ ගමන ප්‍රමාද වුණා විනාඩි 30ක්. (නි)